Skip to content

යොවුන් සිතේ ගැටලු

බව්තීස්ම වෙන්නම ඕනෙද? – 2වෙනි කොටස: බව්තීස්මයට සූදානම් වෙන්න

බව්තීස්ම වෙන්නම ඕනෙද? – 2වෙනි කොටස: බව්තීස්මයට සූදානම් වෙන්න

 ඔයාට යෙහෝවා දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙනවා නම්, බයිබලේ තියෙන ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙනවා නම් ඔයාත් බව්තීස්මය ගැන හිතනවා ඇති. බව්තීස්මයට ඔයා සූදානම් කියලා දැනගන්න පුළුවන් කොහොමද? a

මේ ලිපියෙන්

 බයිබලේ තියෙන හැම දේම මං දැනගෙන ඉන්න ඕනෙද?

 විභාගෙකට ලෑස්ති වෙනවා වගේ බව්තීස්ම වෙන්න බයිබලේ තියෙන හැම දෙයක්ම කටපාඩම් කරන්න ඕනෙ නැහැ. ඒ වෙනුවට බයිබලේ තියෙන තොරතුරු ගැන හොඳට හිතලා, ඒ දේවල් ඇත්ත කියලා ඔයා ඔයාටම තහවුරු කරගන්න ඕනේ. (රෝම 12:1) උදාහරණෙකට:

  •   දෙවි කෙනෙක් ඉන්නවා කියලත් ඔහු අපේ නමස්කාරය ලබන්න වටිනවා කියලත් ඔයාට විශ්වාසද?

     බයිබලයේ මෙහෙම කියනවා: “දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත් දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත් විශ්වාස කළ යුතුයි.”—හෙබ්‍රෙව් 11:6.

     මේ ගැන හිතන්න: ‘දෙවි කෙනෙක් ඉන්නවා කියලා මං විශ්වාස කරන්නේ ඇයි?’ (හෙබ්‍රෙව් 3:4) ‘මං ඔහුට නමස්කාර කරන්න ඕනෙ ඇයි?’—එළිදරව් 4:11.

     උදව්වක් ඕනෙද?නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?” කියන ලිපිය බලන්න.

  •   බයිබලේ තියෙන්නේ දෙවියන්ගේ අදහස් කියලා ඔයාට හොඳටම විශ්වාසද?

     බයිබලයේ මෙහෙම කියනවා: “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්ය.”—2 තිමෝති 3:16.

     මේ ගැන හිතන්න: ‘බයිබලේ තියෙන්නේ මිනිසුන්ගේ අදහස් නෙවෙයි කියලා මං විශ්වාස කරන්නේ ඇයි?’—යෙසායා 46:10; 1 තෙසලෝනික 2:13.

     උදව්වක් ඕනෙද?මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද? - 1වෙනි කොටස: බයිබලයේ තියෙන්නේ මොනවද කියලා හොයලා බලමු” කියන ලිපිය බලන්න.

  •   යෙහෝවා දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන්න ක්‍රිස්තියානි සභාව පාවිච්චි කරනවා කියලා ඔයාට විශ්වාසද?

     බයිබලයේ මෙහෙම කියනවා: “සභාව මගින්ද ක්‍රිස්තුස් යේසුස් මගින්ද සියලු ප්‍රශංසාවත් ගෞරවයත් [දෙවියන්ට] ලබා දීම කොතරම් යෝග්‍යද! ජීවත් වන සෑම පරම්පරාවක් පුරාම සදහටම එසේ සිදු වේවා!”—එෆීස 3:21.

     මේ ගැන හිතන්න: ‘රැස්වීම්වලින් ඉගෙනගන්න තොරතුරු මං සලකන්නේ මිනිසුන්ගෙන් ලැබෙන දේවල් විදිහටද නැත්නම් යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන දේවල් විදිහටද?’ (මතෙව් 24:45) ‘අම්මායි, තාත්තායි අවසර දීලා තියෙනවා නම් එයාලා රැස්වීම් යන්නේ නැති දවස්වලත් මං රැස්වීම් යනවාද?’—හෙබ්‍රෙව් 10:24, 25.

     උදව්වක් ඕනෙද?රැස්වීම්වලට යන්න ඕනෙ ඇයි?” කියන ලිපිය බලන්න.

 මං මොනවාද කරන්න ඕනේ?

 බව්තීස්ම වෙන්න කලින් ඔයා හැම දේම සීයට සීයක් හරියටම කරන කෙනෙක් වෙන්න ඕනෙ නැහැ. හැබැයි ‘නපුරට පිටු පාලා යහපත කරන්න’ ඔයාට ලොකු ඕනෙකමක් තියෙනවා කියලා ඔයා කරන කියන දේවල්වලින් පැහැදිලිවම පේන්න ඕනේ. (ගීතාවලිය 34:14) උදාහරණ කීපයක් බලන්න:

 යෝජනාවක්: ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 2වන පොතේ 37වෙනි පරිච්ඡේදය කියවන්න. විශේෂයෙන්ම 308 සහ 309  පිටුවල තියෙන ඔබේ සටහන් කියන කොටස බලන්න. බව්තීස්මයට සූදානම් වෙන්න ඒ තොරතුරු ඔයාට උදව් වෙයි.

a දෙවියන්ට ඔයාගේ ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙන එකෙන් අදහස් වෙන දේ සහ ඒකේ වැදගත්කම තේරුම්ගන්න “බව්තීස්ම වෙන්නම ඕනෙද? - 1වෙනි කොටස” කියන ලිපිය බලන්න.