Skip to content

දෙමව්පියන් දික්කසාද වෙන්න යනවා නම් මොකද කරන්නේ?

දෙමව්පියන් දික්කසාද වෙන්න යනවා නම් මොකද කරන්නේ?

ඔයාට කරන්න පුළුවන් දේ

 හිතේ තියෙන දේ කියන්න. ඔයා ඒ ගැන කොච්චර දුක් වෙනවාද කියලා අම්මටයි තාත්තටයි කියන්න. දික්කසාද වෙන්නේ ඇයි කියලා සමහරවිට ඒ දෙන්නා ඔයාට කියයි. ඒක ඔයාට සහනයක් වෙයි.

 ඔයා බලාපොරොත්තු වුණු සහනය ඔයාට ලැබුණේ නැත්නම් ඒ ගැන කිට්ටුම යාළුවෙක් එක්ක කතා කරන්න.—හිතෝපදේශ 17:17.

 ඒ හැම දේටම වඩා “යාච්ඤා අසන තැනැත්තා” වන යෙහෝවා දෙවි ඔයාට සවන් දෙයි. (ගීතාවලිය 65:2) ‘දෙවි ඔයා ගැන සැලකිලිමත් වෙන නිසා’ හිතේ තියෙන හැම දෙයක්ම දෙවිට කියන්න.—1 පේතෘස් 5:7.

කරන්න හොඳ නැති දේ

ඔයාගේ අම්මයි, තාත්තයි දික්කසාද වුණ නිසා දැනෙන වේදනාවෙන් ගොඩ එන එක හරියට බිඳුණු අස්ථියක් සුව වෙනවා වගේ—ඒක වේදනාවක් වුණත් කාලයත් එක්කම ඒක සුව වෙයි

 කේන්ති ගන්න එපා. ඩැනියෙල්ට වයස අවුරුදු හතේදී දෙමව්පියන් දික්කසාද වුණා. ඒ ගැන ඩැනියෙල් මෙහෙම කියනවා “මගේ අම්මයි තාත්තයි හිතුවේ ඒ දෙන්නා ගැන විතරයි. ඒගොල්ලන් කරපු දේ අපිට බලපාන්නේ කොහොමද කියලා පොඩ්ඩක්වත් හිතුවේ නැහැ.”

 ඩැනියෙල් කේන්තිය නැති කරගත්තේ නැත්නම් ඒක එයාට කොහොම බලපායිද?—හිතෝපදේශ 29:22 කියවලා බලන්න.

 අමාරුවෙන් හරි අම්මටයි තාත්තටයි සමාව දුන්නොත් ඒක ඩැනියෙල්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?—එෆීස 4:31, 32 කියවලා බලන්න.

 ඔයාටම හානියක් වෙන විදිහට හැසිරෙන්න එපා. “මගේ අම්මයි, තාත්තයි දික්කසාද වුණ නිසා මං මානසිකව වැටුණා. ඉගෙනීමේ වැඩත් මට හරියටම කරගන්න බැරි වුණ නිසා එකම පංතියේ අවුරුදු දෙකක් ඉන්න වුණා. මං පංතියේදී හැසුරුණේ මෝඩයෙක් වගේ. හැම තිස්සේම රණ්ඩුවලට පැටලුණා.”

 ඩෙනි ඒ විදිහට හැසිරීමෙන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ මොකක්ද?

 මුරණ්ඩු විදිහට හැසිරෙන එක නැති කරගන්න ගලාති 6:7 තියෙන දේ ඩෙනි වගේ අයට උදව්වක් වෙන්න පුළුවන් කොහොමද?

 හිතේ දුක තුනී වෙන්න කාලයක් යනවා. හැබැයි කාලයත් එක්කම ජීවිතය සාමාන්‍ය තත්වයට පත් වෙද්දී වේදනාවත් ටිකෙන් ටික අඩු වෙලා යයි.