2 තිමෝති 3:1-17

3  නමුත් අවසාන කාලයේදී+ ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි.+  මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන,+ ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය+ වනු ඇත.  ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති,+ කිසිම දෙයක් ගැන එකඟ නොවන,+ නින්දා කරන,+ තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු,+ යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන,+  අනුන්ව පාවා දෙන,+ හිතුවක්කාර, අහංකාර,+ දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත.+  මීට අමතරව මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත්+ ඔවුන් ඇත්තටම ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය.*+ එවැනි අයගෙන් අහක්ව සිටින්න.+  මන්ද ඔවුන් අතරින් පැමිණෙන මිනිස්සු කපටිකමින් අනුන්ගේ නිවෙස්වලට ඇතුල් වී+ එහි සිටින අයව නොමඟ යවති. ඔවුන් තමන්ගේ ගොදුරු ලෙස හසු කරගන්නේ තම විශ්වාසය දුර්වල කරගෙන ඇති ස්ත්‍රීන්වයි. එම ස්ත්‍රීන් නොයෙකුත් පව්කාර ක්‍රියාවලට සම්බන්ධ වී, විවිධාකාර වැරදි ආශාවන්ට හසු වූ අයයි.+  ඔවුන් නිතරම ඉගෙනගනිමින් සිටියත් සත්‍යය පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීමට ඔවුන්ට හැකි වී නැත.+  යන්නෙස් සහ යම්බ්‍රෙස්+ යන දෙදෙනා මෝසෙස්ට විරුද්ධව ක්‍රියා කළා සේම, ඒ මිනිස්සුද සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව ක්‍රියා කරති.+ ඔවුන්ගේ මනස් සම්පූර්ණයෙන්ම දූෂ්‍ය වී ඇති අතර+ සත්‍ය ඉගැන්වීම් පිළිපදින්නන් ලෙස ඔවුන්ට දෙවිගේ අනුමැතිය නැත.+  නමුත් ඔවුහු වැඩි දුර යන්නේ නැත. මන්ද ඉහත සඳහන් මිනිසුන් දෙදෙනාගේ මෝඩකම සියලුදෙනා ඉදිරියේ පැහැදිලිව දැකගත හැකි වූවා සේ ඔවුන්ගේ මෝඩකමද සියලුදෙනාටම ඉතා පැහැදිලිව හෙළි වනු ඇත.+ 10  නමුත් මා ඉගැන්වූ දේවල්ද මා ජීවිතය ගත කළ ආකාරයද+ මා ජීවත් වීමට හේතුවද මා ගොඩනඟා ගත් විශ්වාසයද මා බොහෝ ඉවසිලිවන්තව කටයුතු කළ ආකාරයද මා ප්‍රේමය දැක්වූ ආකාරයද මා විඳදරාගත් ආකාරයද හොඳින් දැක බලා ගැනීමට ඔබට හැකි වී ඇත. 11  එලෙසම මා අද්දුටු පීඩා, දුක් කරදර සහ අන්තියෝකියේදී,+ ඉකෝනියේදී+ හා ලිස්ත්‍රාවේදී+ මට විඳින්න සිදු වූ දේවල් ගැනද ඔබ දන්නෙහිය. ඒ සෑම පීඩාවකින්ම ස්වාමීන් මාව ගලවාගත්තේය.+ 12  ඇත්තෙන්ම ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.+ 13  ඒ අතරේ දුෂ්ට මිනිසුන් සහ ප්‍රෝඩාකාරයන් තව තවත් නරක අතට හැරෙමින් අනුන්ව නොමඟ යවන අතර ඔවුහුද නොමඟ යනු ඇත.+ 14  නමුත් ඔබ, ඔබ ඉගෙනගෙන මුළු සිතින් විශ්වාස කිරීමට පෙලඹුණු දේවල් දිගටම පිළිපදින්න.+ මන්ද ඒ දේවල් ඔබට ඉගැන්වූ අයව සැක කිරීමට ඔබට කිසි හේතුවක් නැත.+ 15  එසේම ඔබේ ළදරු කාලයේ පටන්+ ඔබ ශුද්ධ ලියවිල්ල ගැන අවබෝධයක් ලබාගත් ආකාරය ඔබ දන්නෙහිය. ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය+ මෙන්ම ඔබ ලබාගත් ඒ අවබෝධයද ඔබේ ගැලවීමට මඟ පාදනු ඇත.+ 16  මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.+ එය ඉගැන්වීමටත්+ අවවාද කිරීමටත්+ කාරණා නිවැරදි කිරීමටත්+ ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත්+ ප්‍රයෝජනවත්ය. 17  එමගින් දෙවිට විශ්වාසවන්තව සිටින මිනිසා සියලු දේ කිරීමට සමත් කෙනෙක්+ එනම්, සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක්+ වනු ඇත.

පාදසටහන්

මූ.අ., “එහි බලයට විරුද්ධවය.”