Skip to content

යොවුන් සිතේ ගැටලු

ක්‍රීඩා කරන එක ගැන මං දැනගන්න ඕනෙ මොනවද?

ක්‍රීඩා කරන එක ගැන මං දැනගන්න ඕනෙ මොනවද?

 ක්‍රීඩාවක් කරන එකෙන් ඔයාට හොඳක් නැත්නම් නරකක් වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයා තෝරගන්න ක්‍රීඩාව, ඒ ක්‍රීඩාව කරන අරමුණ සහ ඒ වෙනුවෙන් වැය කරන කාලය අනුවයි.

 ප්‍රයෝජන

 ක්‍රීඩාවක් කරන එක ශරීර සෞඛ්‍යය හොඳින් තියාගන්න උදව් වෙනවා. ‘ක්‍රීඩකයෙකු පුහුණු වීම් කටයුතුවල යෙදුණම ඔහුට එයින් ප්‍රයෝජන’ ලැබෙනවා කියලා බයිබලයෙත් තියෙනවා. (1 තිමෝති 4:8) යෞවනයෙක් වන රයන් කියන දේ බලන්න. “ක්‍රීඩාවක් කරන එක ක්‍රියාශීලීව ඉන්න උදව් වෙනවා. ගේ ඇතුළට වෙලා වීඩියෝ ගේම් ගහනවාට වඩා ඒක හුඟක් හොඳයි.”

 කණ්ඩායමක් විදිහට වැඩ කරන්නත් තමන්වම පාලනය කරගන්නත් ක්‍රීඩාවක් කරන එක උදව් වෙනවා. වැදගත් කාරණයක් ගැන කියලා දෙන්න උදාහරණයක් විදිහට බයිබලයේ ක්‍රීඩාවක් ගැන සඳහන් කරලා තියෙනවා. ඒකේ කියන්නේ මෙහෙමයි. ‘ධාවන තරඟයකට බොහෝදෙනෙකු සහභාගි වුණත් ත්‍යාගය ලැබෙන්නේ එක් කෙනෙකුට පමණයි. තරඟයකට සහභාගි වන කෙනෙක් සෑම දෙයකදීම තමාව පාලනය කරගැනීමට පියවර ගනියි.’ (1 කොරින්ති 9:24, 25) ඒකෙන් කියලා දෙන්න හදන වැදගත් කාරණය මොකක්ද? ක්‍රීඩාවක නීතිරීතිවලට අනුව ඒක කරන්න නම් කෙනෙක් තමන්වම පාලනය කරගෙන අනිත් අයත් එක්ක සහයෝගයෙන් ක්‍රීඩා කරන්න ඕනේ. අබිගේල් කියන යෞවනිය මෙහෙම කියනවා. “ක්‍රීඩාවක් කරපු එක අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නත් හොඳින් අදහස් හුවමාරු කරන්නත් මට උදව් වුණා.”

 ක්‍රීඩාවක් කරන එක හොඳ මිතුරන් ඇති කරගන්නත් උදව් වෙනවා. ක්‍රීඩාවක් කරද්දී මිනිසුන් අතරේ එකමුතුකමක් ඇති වෙනවා. යෞවනයෙක් වන ජෝඩන් මෙහෙම කියනවා. “හැම ක්‍රීඩාවකම වගේ තරඟකාරී ස්වභාවයක් තියෙනවා. ඒත් ඔයා ක්‍රීඩාවක් කරන්නේ සතුටු වෙන්න විතරක් නම් ඒ ක්‍රීඩාවෙන් ඔයාට ගොඩක් යාළුවන් ඇති කරගන්න පුළුවන්.”

 හානි

 ඔයා තෝරගන්න ක්‍රීඩාව. බයිබලේ දෙන උපදෙස: “යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය. සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය.”—ගීතාවලිය 11:5.

 සමහර ක්‍රීඩාවන් සැහැසියාවෙන් පිරිලා. උදාහරණයකට යෞවනියක් වන ලොරේන් කියපු දේ බලන්න. “බොක්සිං ක්‍රීඩාවෙදී කරන්නේ අනිත් කෙනාට හොඳටම ගහන එක. ක්‍රිස්තියානීන් විදිහට අපි අනිත් අයත් එක්ක රණ්ඩු කරන්නේ නැහැනේ. එහෙනම් අපි මොකටද කෙනෙක් තව කෙනෙක්ට ගහන හැටි බලලා සතුටු වෙන්නේ?”

 හිතන්න දෙයක්: සැහැසික දේවල් පිරුණු ක්‍රීඩාවක් නැරඹුවා කියලා, එහෙමත් නැත්නම් ඒ වගේ ක්‍රීඩාවක් කළා කියලා කවදාවත් මං සැහැසික විදිහට හැසිරෙන්න පෙලඹෙන්නේ නැහැනේ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. එහෙනම් ගීතාවලිය 11:5 කියන දේ මතක තියාගන්න. එතන කියන විදිහට යෙහෝවා දෙවියන් ද්වේෂ කරන්නේ සැහැසික විදිහට හැසිරෙන අයට විතරක් නෙවෙයි ‘සැහැසියාවට කැමැත්තක් දක්වන අයටත් ඔහු ද්වේෂ කරනවා.’

 ක්‍රීඩාව කරන අරමුණ. බයිබලේ දෙන උපදෙස: “කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත් අහංකාරකමින්වත් නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න.”—ෆිලිප්පි 2:3.

 ඇත්ත, කණ්ඩායම් දෙකකට බෙදිලා කරන ඕනම ක්‍රීඩාවක යම් තරඟකාරීත්වයක් තියෙනවා. ඒත් කොහොමහරි දිනනවා කියන අරමුණින් ක්‍රීඩා කරන්න ගියොත් ඒ ක්‍රීඩාවෙන් සතුටු වෙන්න බැරි වෙයි. “තරඟකාරී ස්වභාවය ඔයාව පාලනය කරන්න පටන්ගනියි” කියලා කියපු බ්‍රයන් “ක්‍රීඩාවක දක්ෂ වෙන තරමටම නිහතමානිකම වර්ධනය කරගන්න එක හුඟක් වැදගත්” කියලත් කියනවා.

 හිතන්න දෙයක්: යෞවනයෙක් වන ක්‍රිස් කියපුදේ බලන්න. “අපි හැම සතියෙම වගේ ෆුට්බෝල් ගහනවා. ඒ අතරතුරේ අනතුරුවලට මුහුණ දීලත් තියෙනවා.” ඔයාගේ අද්දැකීමත් ඒක නම් මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. ‘ක්‍රීඩාවක් කරද්දී අනතුරු වැඩියෙන්ම වෙන්න බලපාන්නේ මොන වගේ හේතුද? ඒවා අඩු කරගන්න මට කරන්න පුළුවන් මොනවද?’

 වැය කරන කාලය. බයිබලේ දෙන උපදෙස: ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10.

 මුල් තැන දෙන්න ඕනෙ මොනවටද කියලා තේරුම්ගන්න. දෙවිට කරන නමස්කාරයට තමයි ජීවිතයේ මුල් තැන දෙන්න ඕනේ. හුඟක් ක්‍රීඩාවන් කරන්න නැත්නම් නරඹන්න පැය ගාණක්ම ගත වෙනවා. යෞවනියක් වන ඩාර්යා මෙහෙම කිව්වා. “ප්‍රයෝජනවත් දේකට මගේ කාලය යොදවනවා වෙනුවට ටීවී එක ඉස්සරහට වෙලා ගේම්ස් බලපු එක ගැන මගේ අම්මා මට නිතරම දොස් කිව්වා.”

ක්‍රීඩාවලට ඕනෑවට වඩා කාලය දෙන එක හරියට කෑමකට ඕනෑවට වඩා ලුණු දානවා වගෙයි

 හිතන්න දෙයක්: මුල් තැන දෙන්න ඕනෙ මොන දේවලටද කියලා දෙමාපියන් ඔයාට කියද්දී ඔයා ඒකට කීකරු වෙනවාද? ට්‍රීනා මෙහෙම කියනවා. “මමයි මගේ සහෝදරයනුයි අපිට කරන්න තිබුණු දේවල් පැත්තකට දාලා ක්‍රීඩාවන් බලන්නයි හුරු වෙලා හිටියේ. ඒ හැම වතාවකදීම වගේ අම්මා අපෙන් ඇහුවා ‘අපි ඒ දේවල් බැලුවත් නැතත් ඒ ක්‍රීඩකයන්ට හොඳට ගෙවනවනේ, ඒත් කවුද ඔයාලට ගෙවන්නේ’ කියලා. අම්මා නොකියා කිව්වේ ඒ ක්‍රීඩකයන්ට දැනටමත් රස්සාවක් තියෙනවා, ඒත් අපි අපේ ඉස්කෝලෙ වැඩයි අනිත් දේවලුයි කළේ නැත්නම් අපිට අනාගතයේදී රස්සාවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ කියලයි. ක්‍රීඩාවක් කරන එකවත් ඒවා නරඹන එකවත් ජීවිතේ වැදගත්ම දේ කරගන්න එපා කියලයි අම්මා කිව්වේ.”