Skip to content

“ශුභාරංචිය දේශනා කරන්න”

2024 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුව

ඇතුල් වීම නොමිලේ මුදල් එකතු කරන්නේ නැහැ

වැඩසටහනේ විශේෂ අංග

සිකුරාදා: යේසුස්ගේ ජීවිත කතාවේ ගොඩක් තොරතුරු සුවිශේෂ පොත්වල සඳහන් වෙනවා. ඒ වාර්තාවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

සෙනසුරාදා: යේසුස්ගේ උපත සහ කුඩා කාලය ගැන කියලා තිබුණ අනාවැකි මොනවාද? ඒවා ඉටු වුණාද?

ඉරිදා: නරක ආරංචි වැඩි වැඩියෙන් අහන්න ලැබෙන කාලයක ඒවාට බය වෙන්නේ නැතුව අනාගතයට මුහුණ දෙන්න “නරක ආරංචිවලට බය වෙන්න එපා!” කියන බයිබල් දේශනය ඔයාට උදව් වෙයි.

නාට්‍යය

‘යේසුස්ගේ ජීවිත කතාව: 1වෙනි දිගහැරුම’

‘ලෝකයේ සැබෑ ආලෝකය’

යේසුස්ගේ ජීවිත කතාව ආශ්චර්යවත් සිදුවීම්වලින් පිරිලා. ඔහු මිනීමරු රජෙක්ගෙන් බේරුණා. උගත් ගුරුවරුන්ව දැනුමෙන් මවිතයට පත් කළා. මේ කතාවේ කුලුඳුල් දිගහැරුම, සිකුරාදා සහ සෙනසුරාදා තියෙන කොටස් දෙකේ නාට්‍යයෙන් දැකගන්න.

මේ අවුරුද්දේ සමුළුව ගැන පහත වීඩියෝවලින් දැනගන්න

’අපේ සමුළුවලදී වෙන්නේ මොනවාද?’

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළු ගැන දැනගන්න.

‘2024 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුව: “ශුභාරංචිය දේශනා කරන්න!”’

සමුළුවේ අංග ගැන දැනගන්න.

‘නාට්‍යයේ ට්‍රේලර් එක: යේසුස්ගේ ජීවිත කතාව’

යේසුස්ගේ උපතට සම්බන්ධ ආශ්චර්යවත් සිද්ධීන් ගැන හුඟක් අය දන්නවා. ඒත් ඊටපස්සේ වුණේ මොනවාද?