Skip to content

ඉස්කෝලේ යන්න ආස නැත්නම් මොකද කරන්නේ?

ඉස්කෝලේ යන්න ආස නැත්නම් මොකද කරන්නේ?

ඔයා කරන්න ඕනේ දේ

 ප්‍රයෝජන ගැන හිතන්න. ඉස්කෝලේ ගිහින් ඉගෙනගන්න සමහර විෂයන්වලින් කිසිම ප්‍රයෝජනයක් තියෙනවද කියලා ඔයා කල්පනා කරනවා ඇති. ඒත් ඔයා මතක තියාගන්න ඕනේ දේ තමයි එක එක විෂයන් ඉගෙනගනිද්දී අවට ලෝකය ගැනත් විවිධ ජාතීන් ගැනත් ඔයාගේ අවබෝධය වැඩි වෙනවා. එතකොට ඔයාට ‘හැම තරාතිරමකම’ ඉන්න අයව තේරුම්ගන්න පුළුවන්. (1 කොරින්ති 9:22) ඒ වගේම ඉස්කෝලෙන් ලැබෙන අධ්‍යාපනයෙන් හොඳට හිතලා මතලා වැඩ කරන්න හැකියාව ලැබෙනවා. ඒක ඔයාගේ මුළු ජීවිත කාලයටම ප්‍රයෝජනවත්.

පාසැල් ගමන සාර්ථක කරගන්න එක හරියට ගන කැලෑවක පාර හදාගන්නවා වගේ වැඩක්. ඒ දෙකම කරන්න බැරි දේවල් නෙමෙයි

 ගුරුවරයාගේ හොඳ දකින්න. ඔයාගේ ගුරුවරයා උගන්වන විදිහ නීරස නම් ඔහුට/ඇයට අවධානය දෙනවට වඩා උගන්වන විෂයට අවධානය දෙන්න. ගුරුවරයා එකම පාඩම පන්ති ගණනාවක උගන්වනවා ඇති. ඒ නිසා මුලින් උගන්වනකොට තිබුණු උද්‍යෝගය දිගටම තියාගන්න අමාරු වෙන්න පුළුවන්.

 යෝජනාවක්: සටහන් ගන්න. ප්‍රශ්නයක් අහනකොට ගෞරවනීයව අහන්න. ඒ විෂය ගැන උනන්දු වෙන්න. ඔයා උනන්දු වෙනකොට අනිත් ළමයින්ටත් ඒක ගැන උනන්දුවක් ඇති වෙනවා.

 දක්ෂතා හඳුනාගන්න. දෙවිගේ සේවකයෙක් වුණ පාවුල් යෞවනයෙක්ව හිටපු තිමෝතිට මෙහෙම කිව්වා. ‘දෙවිගෙන් ලැබුණු දීමනාව දිගටම උද්‍යෝගයෙන් ’ පාවිච්චි කරන්න. ඒක තව තවත් දියුණු කරගන්න. (2 තිමෝති 1:6) මොකද තිමෝති ඒ දීමනාව පාවිච්චි කළේ නැත්නම් ඒක නාස්ති වෙලා යන්න තිබ්බා. ඒ වගේ තමයි ඔයා ළඟ තියෙන දක්ෂතා හරියට හඳුනාගෙන ඒවා පාවිච්චි කළේ නැත්නම් ඒවා නාස්ති වෙලා යන්න පුළුවන්. ඔයාට විතරක් ලැබිලා තියෙන දක්ෂතා හඳුනාගෙන ඒවා දියුණු කරගන්න. ඒ නිසා පාසැල් කාලයේදී ඔයාගේ දක්ෂතා දියුණු කරගන්න ලැබෙන එක කොච්චර ලොකු දෙයක්ද!