එළිදරව් 4:1-11

4  ඒ දේවල්වලට පසු ස්වර්ගයෙහි දොරක් විවෘත වී තිබෙනවා මම දුටුවෙමි. මට ඇසුණු මුල් කටහඬ හොරණෑවක හඬ මෙන් විය.+ එම කටහඬ, “මෙතැනට නැඟ එන්න.+ සිදු වීමට නියමිත දේවල් මම ඔබට පෙන්වන්නෙමි”+ කියා පවසනවා මට ඇසිණ.  එසැණින්ම දෙවිගේ බලය මා වටා ක්‍රියා කරන අයුරු මට දැනිණ. බලන්න! ස්වර්ගයෙහි පිහිටා තිබුණු+ සිංහාසනයක් දක්නට ලැබිණ.+ ඒ සිංහාසනය මත කෙනෙක් ඉඳගෙන සිටියේය.+  ඉඳගෙන සිටි තැනැත්තා, පෙනුමෙන්+ ජැස්පර් ගලක් මෙන්ද+ අනර්ඝ රතු පැහැති මැණිකක් මෙන්ද විය. සිංහාසනය වටා මරකත මැණිකක වර්ණයෙන් යුත්+ දේදුන්නක්+ තිබිණ.  එම සිංහාසනය වටා තවත් සිංහාසන විසිහතරක්ද දක්නට ලැබිණ. එමෙන්ම ඒ සිංහාසන මත+ වැඩිමහල්ලන්+ විසිහතරදෙනෙක්+ ඉඳගෙන සිටින ආකාරයද මම දුටුවෙමි. ඔවුන් සුදු වස්ත්‍ර පැළඳ සිටි අතර+ ඔවුන්ගේ හිස් මත රන් ඔටුනු දක්නට ලැබිණ.+  සිංහාසනයෙන් විදුලි කෙටීම්ද+ කටහඬවල්ද ගිගුරුම්ද+ නික්මුණේය. සිංහාසනය ඉදිරිපිට පහන් හතක්+ දල්වා තිබිණ. ඒවායින් නියෝජනය වන්නේ දෙවිගේ බලයන් හතයි.+  සිංහාසනය ඉදිරියෙහි වීදුරු මෙන් පැහැදිලි මුහුදක්+ දක්නට ලැබිණ. එය පෙනුමෙන් පළිඟු හා සමානය. සිංහාසනය අසලම ඒ වටා ජීවීහු හතරදෙනෙක් සිටියෝය.+ ඔවුන්ගේ සිරුරේ ඉදිරිපසින්ද පිටුපසින්ද එනම්, සිරුර පුරාම ඇස් තිබිණ.  මුල්ම ජීවියා සිංහයෙකු+ හා සමානය. දෙවෙනි ජීවියා වස්සෙකු+ හා සමානය. තුන්වෙනි ජීවියාට+ මිනිසෙකුගේ මුහුණ හා සමාන මුහුණක් තිබිණ. හතරවෙනි ජීවියා+ පියාසර කරමින් සිටින රාජාලියෙකු+ හා සමානය.  ජීවීන් හතරදෙනාටම+ පියාපත් හය බැගින් තිබිණ.+ ඒ පියාපත් යටි පැත්තේද උඩු පැත්තේද එනම්, පියාපත් පුරාම ඇස් තිබිණ.+ කිසි විවේකයක් නොගනිමින් ඔවුහු රෑ දවල් මෙසේ පවසති. “සිටියාවූ, සිටින්නාවූ,+ මතු පැමිණෙන්නාවූ සියලු බලැති තැනැත්තාණන්+ වන යෙහෝවා+ දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.”  ඒ ජීවීන් සිංහාසනය මත ඉඳගෙන සිටින+ සදහටම ජීවත් වන තැනැත්තාණන්ට+ ප්‍රශංසාවත් ගෞරවයත් ස්තුතියත්+ පුද කරන සෑම මොහොතකම, 10  වැඩිමහල්ලෝ විසිහතරදෙනාද+ සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා ඉදිරියෙහි දණින් වැටී, සදහටම ජීවත් වන එම තැනැත්තාණන්ට නමස්කාර කරති.+ එලෙසම ඔවුහු තම ඔටුනු සිංහාසනය ඉදිරියට විසි කරමින් මෙසේ පවසති. 11  “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+

පාදසටහන්