Skip to content

බයිබලය

මූලාරම්භය සහ නිවැරදිභාවය

බයිබලය කියන්නේ මොකක්ද?

දෙවියන්ගේ වචනය වන බයිබලය මාර්ගයෙන් ඔහු අපිට දැනුම් දීලා තියෙන පණිවිඩය දැනගන්න.

බයිබලයේ තියෙන්නේ දෙවියන් කිව්ව දේවල්ද?

බයිබලයේ තියෙන්නේ දෙවියන් කිව්ව දේවල් කියලා බයිබලය ලිව්ව අයම කියනවා. ඒකට හේතු මොනවද?

බයිබලය ලිව්වේ මෝසෙස්ද?

මෝසෙස් බයිබලයේ සමහර පොත් ලිව්වා. තවත් කීදෙනෙක් බයිබලයේ පොත් ලිව්වද?

බයිබලය ලිව්වේ කවුද කියලා දැනගන්න පුළුවන්ද?

බයිබලයේ කතෘ දෙවියන් කියලත් තමන් ලිව්වේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් කියලත් බයිබලය ලිව්ව අයම කියනවා. බයිබලයේ තියෙන තොරතුරු ඇත්තද කියලා අපි දැනගන්නේ කොහොමද?

බයිබලයේ තොරතුරු වෙනස් කරලාද?

බයිබලය හුඟක් පරණ පොතක් නිසා ඒකේ තොරතුරු නිවැරදියි කියලා ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

දෙවියන් විශ්වය නිර්මාණය කරන්න පටන්ගත්තේ කවදාද?

ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න නම් උත්පත්ති පොතේ “පටන්ගැන්මේදී” සහ “දවස” කියලා පරිවර්තනය කරලා තියෙන වචනවල අදහස දැනගන්න ඕනේ.

බයිබලය විද්‍යාවට එකඟද?

බයිබලේ විද්‍යාවට පටහැනි අදහස් තියෙනවාද?

බයිබලය සුද්දන් ලියපු පොතක්ද?

බයිබලය ලිව්වේ කොහේ හිටිය අයද?

යේසුස්ගේ ජීවිතය ගැන බයිබලයේ ඇති වාර්තා ලිව්වේ කවද්ද?

යේසුස්ගේ ජීවිතය ගැන ලියන්න පටන්ගත්තේ ඔහුගේ මරණයේ ඉඳලා කොච්චර කාලෙකට පස්සෙද?

බයිබලය කියවීම සහ තේරුම්ගැනීම

බයිබලය තේරුම්ගන්න අවශ්‍ය මොනවද?

බයිබලයේ තියෙන වටිනා පණිවිඩය තේරුම්ගන්න ඔයාට පුළුවන්.

බයිබලයේ තියෙන අදහස් ගැටෙනවාද?

අදහස් ගැටෙනවා කියලා පෙනෙන්න තියෙන කොටස් සහ දීලා තියෙන කරුණු අදාළ කරගෙන ඒ කොටස් නිවැරදිව තේරුම්ගන්න පුළුවන්ද කියලා බලන්න.

බයිබලයේ සඳහන් “වචනය” කියන යෙදුමෙන් අදහස් වෙන්නේ මොකක්ද?

ඒ යෙදුමෙන් අර්ථවත් වෙන දේවල් කිහිපයක්ම තියෙනවා.

“ඇසකට ඇසක්” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

“ඇසකට ඇසක්” කියන නීතිය පාවිච්චි කරලා තමන්ට වරදක් කරපු කෙනෙක්ගෙන් පළිගන්න අවසර තියෙනවාද?

දසපනත කියන්නේ මොකක්ද?

දසපනත දුන්නේ කාටද? ක්‍රිස්තියානීන් දසපනත රකින්න ඕනෙද?

“කාරුණික සමරිතානුවරයෙක්” කියන්නේ කාටද?

ජාතිය, පසුබිම බලන්නේ නැතුව හැමෝටම එක විදිහට සලකන්න පුළුවන් කොහොමද කියලා යේසුස් මේ උපමාවෙන් හරිම දක්ෂ විදිහට පැහැදිලි කළා.

“ටෝරා” නමින් හඳුන්වන්නේ මොකක්ද?

ඒක ලිව්වේ කවුද? “ටෝරා” ලියවිල්ලේ තියෙන නීති සදාකාලිකයිද?

අනාවැකි සහ සංකේත

අනාවැකියක් කියන්නේ මොකක්ද?

බයිබලයේ තියෙන හැම අනාවැකියකින්ම අනාගතය ගැන කියවෙනවද? නැහැ.

ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවලින් යේසුස් තමයි ගැලවුම්කරු කියලා ඔප්පු වෙනවාද?

ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි කිහිපදෙනෙක් තුළින් ඉටු වෙන්න පුළුවන්ද?

බයිබලයේ සඳහන් අංකවලට අර්ථයක් තියෙනවාද? අංකවලින් සාස්තර කියන එක බයිබලයේ අනුමත කරලා තියෙනවාද?

යම් දේවල් සංකේතවත් කරන්න බයිබලයේ අංක යොදාගෙන තියෙන විදිහ දැනගන්න. අංකවලින් සාස්තර කියන එක හරිද කියලා දැනගන්න.

බයිබල් කාල වකවානුවලට අනුව 1914 විශේෂ අවුරුද්දක්ද?

දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ සඳහන් ‘කාලවල් හත’ ගැන අනාවැකිය, මිනිස් පාලනයේ තීරණාත්මක කාලය ගැන කතා කරනවා.

එළිදරව් පොතේ අර්ථය මොකක්ද?

එළිදරව් පොත කියවලා, තේරුම්ගෙන, පිළිපදින අය සන්තෝෂවත් අය කියලා ඒ පොතේම සඳහන් වෙනවා.

නව යෙරුසලම කියන්නේ මොකක්ද?

ඒ නගරය ඔයා දැනගන්න එක වැදගත් ඇයි?

එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් හිස් හතක් ඇති මෘගයා කවුද?

මෘගයාට බලයත් මහත් අධිකාරියත් සිංහාසනයත් දී තිබෙනවා. බයිබලයේ තව මොනවද ඒ ගැන කියන්නේ?

එළිදරව් 17වෙනි පරිච්ඡේදයේ සඳහන් රතු පාට මෘගයා කවුද?

බියකරු මෘගයාව හඳුනාගන්න උදව් වෙන කරුණු හයක්.

666 කියන සංඛ්‍යාවෙන් අදහස් කරන්නේ මොකක්ද?

666 කියන සංඛ්‍යාවෙන් සහ මෘගයාගේ සලකුණෙන් සංකේතවත් කරන්නේ මොකක්ද කියලා බයිබලයේ හෙළි කරලා තියෙනවා.

මහ බැබිලෝනිය කියන්නේ මොකක්ද?

ඒක ගණිකාවක් සහ නුවරක් කියලා බයිබලයේ කියනවා.

ගිනිවිල කියන්නේ මොකක්ද? පාතාලය සහ ගෙහෙන්නාව කියන්නෙත් ගිනිවිලටමද?

‘පාතාලයේ යතුරු’ යේසුස්ට තිබුණත් ගිනිවිලේ යතුරු යේසුස්ට තියෙනවද?

ධනවතා සහ ලාසරුස් කවුද?

යේසුස් මේ උපමාවෙන් යේසුස් ඉගැන්නුවේ හොඳ මිනිස්සු මැරුණාම ස්වර්ගයට යනවා කියලත් නරක මිනිස්සු අපායේ දුක් විඳිනවා කියලාද?

ලෝක විනාශය

“අවසාන කාලය” අඳුරගන්න තියෙන ලකුණ මොකක්ද?

බයිබලේ කියලා තියෙනවා ලෝකේ පුරා යම් සිද්ධීන් කීපයක් එක පිට එක සිද්ධ වෙද්දී ඒක අවසාන කාලය අඳුරගන්න ලකුණක් කියලා.

මේ කාලේ මිනිස්සු ගැන බයිබලේ කියලා තියෙනවාද?

මිනිසුන්ගේ නරක ගතිගුණ එන්න එන්නම වැඩි වෙනවා කියලා බයිබලේ කලින්ම කියලා තියෙනවා.

මහත් පීඩාව කියන්නේ මොකක්ද?

අවසාන කාලය ගැන බයිබලයේ දීලා තියෙන අනාවැකිවල පොළොවේ මිනිසුන් මෙතෙක් අද්දැකලා නැති කරදර සහිත කාලයක් ගැන කතා කරනවා. ඒ කාලය ගැන තවත් තොරතුරු දැනගන්න.

හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?

හර්–මගෙදොන් කියන වචනය බයිබලයේ තියෙන්නේ එක තැනක විතරයි. ඒත් ඒ යුද්ධය ගැන බයිබලයේ වෙනත් තැන්වල සඳහන් වෙනවා.

පෘථිවිය කවදා හරි විනාශ වෙයිද?

බයිබලයේ දීලා තියෙන උත්තරය ගැන ඔයා පුදුම වෙයි.

ලෝක විනාශය සිද්ධ වෙන්නේ කවදාද?

විනාශය එන දවසක් වෙලාවක් බයිබලයේ හරියටම කියලා තියෙනවාද?

දෙවියන්ගේ පාලනයෙන් කරන දේ

සැබෑ දෙවියන් මේ පොළොව පාලනය කරද්දී ඔබට ලැබෙන ආශීර්වාද ගැන දැනගන්න.

ජනයා, ස්ථාන සහ දේවල්

බයිබලයේ සඳහන් ස්ත්‍රීන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

බයිබලයේ සඳහන් වෙන යහපත් ස්ත්‍රීන් කිහිපදෙනෙක් ගැනත් එයාලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට කටයුතු කරපු නරක ස්ත්‍රීන් කිහිපදෙනෙක් ගැනත් දැනගන්න.

මරියා දේවමෑණියන්ද?

බයිබලයෙන් සහ ක්‍රිස්තියානි සභාවේ ආරම්භය ගැන සඳහන් තොරතුරුවලින් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබාගන්න පුළුවන්.

කන්‍ය මරියා ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

සමහරු කියනවා මරියා ඉපදුණේ පාපය උරුම කරගන්නේ නැතුව කියලා. බයිබලයේ ඒ ගැන කියන්නේ මොකක්ද?

යොහන් බව්තීස්ත කියන්නේ කවුද?

පොරොන්දු වුණ ගැලවුම්කරු කවුද කියලා අඳුරගන්න එයා දේශනා කරපු පණිවිඩය යුදෙව්වන්ට උදව් වුණා.

මරියා මග්දලේනා කියන්නේ කවුද?

මරියා මග්දලේනා ගැන සමහර අය විශ්වාස කරන බයිබලයට පටහැනි අදහස්.

“ශාස්ත්‍රවන්තයන් තුන්දෙනා” කවුද? දෙවියන් “තාරකාවක්” මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවාද?

යේසුස්ව බලන්න හුඟක් දුර ඉඳන් “රජ තුන් කට්ටුවක්” එහෙමත් නැත්නම් “ශාස්ත්‍රවන්තයන් තුන්දෙනෙක්” ආපු එක නත්තල් කාලේදී හුඟක් අය සැමරුවත් බයිබලයේ ඒ අයව ඒ විදිහට හඳුන්වන්නේ නැහැ.

දානියෙල් ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොනවාද?

අපේ කාලේදී සිද්ධ වෙන දේවල් දෙවියන් දර්ශන මාර්ගයෙන් දානියෙල්ට දැනුම් දුන්නා.

කායින් විවාහ කරගත්තේ කාවද?

බයිබලයේ තියෙන තොරතුරු හොඳින් සලකලා බලද්දී ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න පුළුවන්.

නෝවාගේ කාලේ විශාල ජලගැල්මක් ඇත්තටම සිද්ධ වුණාද?

අතීතයේදී දුෂ්ට මිනිසුන්ව විනාශ කරන්න දෙවියන් විශාල ජලගැල්මක් ඇති කළා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒක ඇත්තටම දෙවියන් ඇති කරපු දෙයක් කියලා ඔප්පු කරන්න බයිබලයේ ඉදිරිපත් කරලා තියෙන සාධක මොනවාද?

ගිවිසුම් පෙට්ටිය කියන්නේ මොකක්ද?

යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට ගිවිසුම් පෙට්ටියක් හදන්න කිව්වේ ඇයි?

යේසුස්ගේ දේහය ඔතන්න පාවිච්චි කළේ ටියුරින් නගරයේ තියෙන සළුවද?

දේහය එතුවා යැයි කියන සළුව ගැන ඇත්ත දැනගන්න උදව් වෙන වැදගත් කරුණු තුනක්.

ඩයිනෝසෝරයන් ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

ඒක විද්‍යාවත් එක්ක ගැටෙනවාද?

විවිධ ජීවීන්ව නිර්මාණය කරන්න දෙවියන් පරිණාමය යොදාගත්තාද?

එක් එක් වර්ගයේ ජීවීන් අතරේ විවිධත්වක් තියෙනවා කියලා විද්‍යාවෙන් කියන දේ බයිබලයට පටහැනි නැහැ.

එදිනෙදා ජීවිතයට උපදෙස්

පවුල් ජීවිතය සතුටින් ගත කරන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවද?

ලොව වටා ඉන්න බොහෝදෙනෙකුට තම පවුල් ජීවිත සාර්ථකව ගත කරන්න බයිබලේ සඳහන් මඟ පෙන්වීම් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.

හොඳ යාළුවෙක් කියන්නේ කාටද?

හොඳ යාළුවෙක් හැම වෙලාවෙම අනිත් කෙනාට සාර්ථක වෙන්න උදව් කරනවා. යාළුවන් තෝරගද්දී පරෙස්සම් වෙන්න!

රන් අණ කියන්නේ මොකක්ද?

යේසුස් රන් අණ ගැන සඳහන් කළේ සතුරන්ටත් ආදරෙන් සලකන්න කියලා කිව්වාට පස්සෙයි.

“සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

යේසුස් කිව්වේ හරිම සරල දෙයක් වුණත් ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා. ඒත් ඔහු කියපු දේ ජීවිතේට ආදාළ කරගන්න අමාරුයි කියලා අපිට හිතෙන්න පුළුවන්.

හොඳ තීරණ ගන්න මට පුළුවන් කොහොමද?

ඒකට උදව් වෙන බයිබලය මත පදනම් උපදෙස් හයක් ගැන දැනගන්න.

ජීවිතේට බලාපොරොත්තුවක් තියෙනවාද?

අපි දැන් අද්දකින ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්නත්, අනාගතේ ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් උදව් වෙන තොරතුරු විශ්වාසවන්ත පොතක තියෙනවා.

හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?

“සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්” කියලා සමහරු කිව්වත් බයිබලේ ඒක සඳහන් වෙන්නේ ඒ විදිහට නෙමෙයි.

ආර්ථික ප්‍රශ්නවලට බයිබලෙන් විසඳුම් හොයාගන්න පුළුවන්ද?

ආර්ථික ප්‍රශ්න විසඳගන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් හතරක්.

බරපතළ අසනීපයක් දරාගන්නේ කොහොමද?

බරපතළ අසනීපයක් දරාගන්න උදව් වෙන දේවල් තුනක්.

පළිගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

පළිගන්න සිතුවිලි හිතින් අයින් කරගන්න හුඟක් අයට බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙලා තියෙනවා.

කේන්ති ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

කේන්ති යන්න සාධාරණ හේතුවක් තියෙන්න පුළුවන්ද? කේන්තියක් ඇති වෙද්දී මොනවාද කරන්න ඕනේ?

කලකිරීමෙන් ඉන්න මට බයිබලෙන් සහනයක් ලබාගන්න පුළුවන්ද?

කලකිරිලා ඉන්න අයට දෙවියන් උදව් කරන විදි තුනක්.

ජීවිතය සතුටින් ගත කරන්න මට උදව් කරන්න ආගමට, බයිබලේට හෝ දෙවියන්ට පුළුවන්ද?

දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගැනීමෙන් දැනුත් ඉදිරියටත් ලැබෙන ප්‍රයෝජන ගැන දැනගන්න.

තමන් ගැන හිතන එක වැරදිද?

යේසුස් කිව්වා “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න” කියලා. ඔහු ඒකෙන් අදහස් කළේ මොකක්ද?