Skip to content

ලෝකයට සාමය උදා වෙන්නේ කොහොමද?

ලෝකයට සාමය උදා වෙන්නේ කොහොමද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 මේ ලෝකයට සාමය උදා කරන්නේ මිනිසුන් නෙවෙයි. දෙවියන් ඔහුගේ පුත්‍රයා වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් මේ ලෝකයට සාමය උදා කරනවා. ඒ ගැන බයිබලයේ කියන දේ බලන්න.

  1.   දෙවියන් ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්තලා,’ “මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට සමාදානය” උදා කරනවා.—ගීතාවලිය 46:9; ලූක් 2:14.

  2.   දේවරාජ්‍යය පාලනය කරන්නේ ස්වර්ගයේ සිටයි. (දානියෙල් 7:14) මුළු ලෝකය පාලනය කරන දේවරාජ්‍යය ජාතිවාදය සම්පූර්ණයෙන්ම නැති කරනවා. ගොඩක් ප්‍රශ්නවලට මුල ජාතිවාදයයි.

  3.   දේවරාජ්‍යයේ රජු වන යේසුස්ව හඳුන්වන්නේ “සමාදානයේ කුමාරයා” කියලයි. ඔහු පොළොව පාලනය කරද්දී ‘සමාදානය සදහටම පවතිනවා.’—යෙසායා 9:6, 7

  4.   ගහමරාගන්න කැමති අයට දේවරාජ්‍යය පාලනය යටතේ ජීවත් වෙන්න අවස්ථාව නැති වෙනවා. මොකද “සැහැසියාවට කැමැත්තක් දක්වන අයට [දෙවියන්] ද්වේෂ” කරනවා.—ගීතාවලිය 11:5; හිතෝපදේශ 2:22.

  5.   සාමාදානයෙන් ඉන්න ආකාරය දේවරාජ්‍යයේ යටත්වැසියන්ට දෙවියන් උගන්වනවා. ඒ අධ්‍යාපනය ගැන බයිබලයේ මෙහෙම කියනවා.“ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය. ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.”—යෙසායා 2:3, 4.

 සමාදානයෙන් ඉන්න විදිහ ලොව පුරා ඉන්න මිලියන ගණනක් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට දෙවි දැන් පවා උගන්වනවා. (මතෙව් 5:9) අපි රටවල් 230ක් පුරා විසිරිලා හිටියත් විවිධ ජාතීන්ට අයිති වුණත් කාටවත් විරුද්ධව යුද්ධ කරන්න අපි අවි ගන්නේ නැහැ.

සමාදානයෙන් ඉන්න යෙහෝවා දෙවිගේ සෙනඟ ඉගෙනගන්නවා.