Skip to content

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් - අදටත් වටින බයිබල් චරිත

මේ ලිපි මාලාවෙන් බයිබලේ සඳහන් වෙන විශ්වාසවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් ගැන දැනගන්න පුළුවන්. a එයාලා විශ්වාසවන්තව වැඩ කරපු විදිහ දකිද්දී ඔයාගේ හිතේ දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්නත් ඔහුට ළං වෙන්නත් ඔයාට පුළුවන් වෙයි.

‘ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්’ කියන වීඩියෝ මාලාවත් බයිබල් චරිත ගැන තව දැනගන්න ඔයාට උදව් වෙයි.

a මේ ලිපිවල සඳහන් වෙන සිද්ධීන් හිතින් මවාගන්න උදව්වක් විදිහට බයිබලේ නැති සමහර තොරතුරු මේ ලිපිවලට ඇතුළත් කරලා තියෙනවා. ඒ තොරතුරු ඇතුළත් කරලා තියෙන්නේ ඒවා බයිබලේ තියෙන වාර්තා, ඉතිහාස වාර්තා සහ පුරාවිද්‍යාත්මක වාර්තාවලට එකඟයිද කියලා හොඳින් හොයලා බලලයි.

නිර්මාණයේ සිට ජලගැල්ම දක්වා

ආබෙල් - ‘ඔහුගේ විශ්වාසය තවමත් කතා කරයි’

ආබෙල් ගැන බයිබලයේ තිබෙන්නේ තොරතුරු ටිකයි. ඔහු ගැනත් ඔහුට දෙවි ගැන තිබුණු විශ්වාසය ගැනත් ඒ තොරතුරුවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ඒනොක් - ‘ඔහු දෙවිව සතුටු කළා’

ඔයා පවුලක් රැකබලා ගන්න ආදරණීය පියෙක්ද? එහෙමත් නැත්නම් අනිත් අයගෙන් එන පීඩනය නිසා හරි දේ කරන්න පොර බදින කෙනෙක්ද? එහෙමනම් ඒනොක්ගේ ආදර්ශය ඔයාට ලොකු ශක්තියක් වෙයි.

නෝවා - ‘ඔහු සැබෑ දෙවි සමඟ ගමන් කළා’

දරුවන්ව හදා වඩා ගද්දී නෝවා සහ බිරිඳ මුහුණ දුන්නේ මොන වගේ අභියෝගවලටද? නැව ඉදි කරපු එකෙන් ඒ අයට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

නෝවා - “තවත් හත්දෙනෙකු” සමඟ ඔහුවද ආරක්ෂා කළා

නෝවා හා ඔහුගේ පවුලේ අය මිනිස් ඉතිහාසයේ දරුණුතම විනාශයෙන් දිවි ගලවාගත්තේ කොහොමද?

ජලගැල්මේ සිට වහල්කමෙන් මිදීම දක්වා

ආබ්‍රම් - ‘ධර්මිෂ්ඨ සියලුදෙනාගේම පියා’

ආබ්‍රම් විශ්වාසය ඇතුව ක්‍රියා කළේ කොහොමද? ආබ්‍රම්ට තිබුණු විශ්වාසය ඔබ ආදර්ශයට ගන්නේ කොහොමද?

සාරා - “ඔබ ඉතා ලස්සන කාන්තාවක්”

ඊජිප්තුවේ පාරාවෝගේ කුමාරවරු සාරාගේ රූමත්කම ගැන පාරාවෝට දැන්නුවා. ඊටපස්සේ මොකද වුණේ කියලා ඔයා දන්නවාද?

රෙබෙකා - යන්න මම කැමතියි

විශ්වාසයට අමතරව රෙබෙකාට වටිනා ගුණාංග කීපයක්ම තිබුණා.

යෝසෙප් - “මම දැක්ක හීනය ගැන ඔබට කියන්න මට ඉඩ දෙන්න”

යෝසෙප්ගේ පවුල් පසුබිමෙන් නැවත විවාහ වී සිටින අයට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

යෝසෙප් - ‘මේ තරම් දුෂ්ට දෙයක් කරන්නේ කොහොමද?’

පොතිෆර්ගේ භාර්යාව මොන තරම් උපා යෙදුවත් යෝසෙප් අහු නොවී හිටියේ කොහොමද?

යෝසෙප් - ‘අර්ථය තෝරලා දෙන්න අයිතිය තියෙන්නේ දෙවියන්ටයි’

කුසලාන දරන්නන්ගේ ප්‍රධානියාගේ, රොටි සාදන්නන්ගේ ප්‍රධානියාගේ හා පාරාවෝගේ හීන නිර්භීත ලෙස තෝරන්න යෝසෙප්ට පුළුවන් වුණේ කොහොමද? එක දවසකින් යෝසෙප් හිරගෙදරින් රජගෙදරට ගියේ කොහොමද?

යෝසෙප් - “දෙවිගේ තැන ගන්න මට අයිතියක් නැහැ”

ඊර්ෂ්‍යාව, වෛරය, ද්‍රෝහි වීම නිසා ඔබේ පවුලේ සාමය නැති වෙලාද? එහෙමනම් යෝසෙප්ගේ කතාව ඔබට උදව් වෙයි.

යෝබ් - “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි”

අභියෝගවලට, විපත්වලට සාර්ථකව මුහුණ දෙන්න යෝබ්ගේ කතාව අපිට උදව් වෙන්නේ කොහොමද?

යෝබ් - යෙහෝවා දෙවියන් යෝබ්ව සැනසුවා

යෝබ් වගේ දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක තමයි අපේ ආදරණීය පියාණන් වන යෙහෝවා දෙවියන්ව සතුටු කරන්නත් සාතන්ට හොඳ කම්මුල් පහරක් දෙන්නත් පුළුවන් හොඳම විදිහ.

මිරියම් - ‘යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයමු’

දෙවියන්ගේ බලය ලැබුණ නිසා රතු මුහුද ළඟදී මිරියම් ඊශ්‍රායෙල් ස්ත්‍රීන් එක්ක ජයග්‍රාහී ගීයක් ගැයුවා. විශ්වාසය, නිහතමානිකම සහ ධෛර්යය ගැන අපිට මිරියම්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

වහල්කමෙන් මිදීමේ සිට ඊශ්‍රායෙලයේ පළවෙනි රජු දක්වා

රාහබ් - ‘ඇය ධර්මිෂ්ඨ තැනැත්තියක් වුණේ ඇගේ ක්‍රියාව නිසයි’

යෙහෝවා දෙවියන්ට අපි හැමෝවම වටිනවා කියන කාරණය රාහබ්ගේ කතාවෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

දෙබොරා - ‘මා ඊශ්‍රායෙල් දේශයේ මවක් මෙන් කටයුතු කළා’

දෙබොරා ගැන බයිබලයේ තියෙන වාර්තාවෙන් විශ්වාසය හා නිර්භීතකම ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

රූත් - “ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා”

රූත් පවුලේ අයවත් තම නගරයත් දාලා එන්න කැමති වුණේ ඇයි? යෙහෝවා දෙවි ඇයව වටිනා කෙනෙක් විදිහට සැලකුවේ ඇය ළඟ තිබුණු මොන ගතිගුණ නිසාද?

රූත් - “අගනා කාන්තාවක්”

රූත් සහ බෝවස්ගේ විවාහය විශේෂයි කියලා කියන්න පුළුවන් ඇයි? පවුලක තියෙන්න ඕන බැඳීම ගැන රූත් සහ නායොමිගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

හන්නා - ඇය සිතේ තිබුණු සියල්ල දෙවිට පැවසුවා

දුෂ්කර තත්වයන්වලට සාර්ථකව මුහුණ දෙන්න දෙවි ගැන තිබුණු විශ්වාසය හන්නාට උදව් වුණා.

සාමුවෙල් - ‘ඔහු යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණේය’

සාමුවෙල්ට දෙමාපියන් එක්ක ඉන්න අවස්ථාව නොලැබුණේ ඇයි? දෙවිගේ ගෘහයේදී දිගටම විශ්වාසවන්තව ඉන්න ඔහුට උදව් වුණේ මොනවාද?

සාමුවෙල් - සුන් වූ බලාපොරොත්තු මැද නොසැලී සිටියා

දෙවිට විශ්වාසවන්තව ඉද්දී අභියෝගවලටත් බලාපොරොත්තු සුන් වීම්වලටත් මුහුණ දෙන්න වෙනවා. නොසැලී හිටිය සාමුවෙල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ඊශ්‍රායෙලයේ පළවෙනි රජුගේ සිට යේසුස්ගේ උපත දක්වා

යොනාතාන් - ‘යෙහෝවා දෙවියන්ට අවශ්‍ය නම් ගැලවීම ලබා දෙන්න පුළුවන්’

යොනාතාන් ඔහුගේ ආයුධ දරන්නා එක්ක ගිහිල්ලා හමුදා භටයින් ඉන්න මුරපොළකට පහර දීපු අවස්ථාව ඉතිහාසයේ සනිටුහන් වුණා.

දාවිත් - “මේ යුද්දේ යෙහෝවා දෙවිගේ”

ගොලියත්ව විනාශ කරන්න දාවිත්ට පුළුවන් වුණේ කොහොමද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

දාවිත් සහ යොනාතාන් - ඔහු පණට මෙන් තම මිතුරාට ආදරය කළා

ලොකු වයස් පරතරයක් තිබුණත් වෙනස්ම පසුබිම් දෙකකින් ආවත් දාවිත් සහ යොනාතාන් කිට්ටු යාළුවන් වුණා. එයාලගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

අබිගායිල් - රුවැති මෙන්ම නුවණැති කාන්තාවක්

විවාහ දිවියේ ගැටලුවලට මුහුණ දෙන විදිහ ගැන අබිගායිල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

එලියා - සැබෑ නමස්කාරය වෙනුවෙන් නිර්භීතව ක්‍රියා කළා

බයිබලයේ තියෙන දේවලට මිනිසුන් එකඟ වෙන්නේ නැති අවස්ථාවලදී අපිට එලියාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

එලියා - ඉවසීමෙන් සහ සෝදිසියෙන් සිටි කෙනෙක්

යෙහෝවා දෙවි පොරොන්දුව ඉටු කරන කල් අනාගතවක්තෘ එලියා ඉවසීමෙන් බලා සිටියේ කොහොමද?

එලියා - දෙවිගෙන් සහනය ලැබූ මිනිසෙක්

හොඳටම අධෛර්යය වෙලා තමන්ව මරා දාන්න කියලා එලියා දෙවිගෙන් ඉල්ලුවේ ඇයි?

එලියා - අසාධාරණකම් මැද නොසැලී සිටියා

ඔබත් අසාධාරණකම්වලට මුහුණ දෙනවාද? යෙහෝවා දෙවියන් යුක්තිය ඉටු කරන තුරු ඔබත් ආශාවෙන් බලා සිටින කෙනෙක්ද? ඒ සඳහා එලියාගේ විශ්වාසය ඔබට ආදර්ශයක් වෙන්නේ කොහොමද කියා දැනගන්න.

එලියා - අවසානය දක්වා විඳදරාගත්ත කෙනෙක්

දුෂ්කර දේවල් සාර්ථකව විඳදරාගන්න එලියාගේ ආදර්ශය අපිට උදව්වක්.

යෝනා - වැරදිවලින් පාඩමක් ඉගෙනගත් කෙනෙක්

නිනිවයට යන්න කියලා කිව්වාම යෝනාට ඇති වුණු බය ඔයාලට තේරුම්ගන්න පුළුවන්ද? යෙහෝවා දෙවිගේ ඉවසීම සහ දයාව ගැන යෝනාගේ කතාවෙන් ඉගෙනගන්න පුළුවන්.

යෝනා - දයාවෙන් පාඩමක් ඉගෙනගත් කෙනෙක්

අපි ගැනම හිතලා බලන්න යෝනාගේ සිද්ධිය උදව් වෙන්නේ කොහොමද?

එස්තර් - දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටි රැජිනක්

එස්තර් වගේ ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමයක් පෙනවන්න නම් විශ්වාසයත් ධෛර්යයත් අවශ්‍ය වෙනවා.

එස්තර් - නැණවත්ව හා නිර්භීතව ක්‍රියා කළ කාන්තාවක්

යෙහෝවා දෙවි සහ සෙනඟ වෙනුවෙන් එස්තර් නිර්භීතව ක්‍රියා කළේ කොහොමද?

යේසුස්ගේ උපතේ සිට යේසුස්ගේ මුල් අනුගාමිකයන්ගේ මරණය දක්වා

මරියා - “මම යෙහෝවා දෙවිගේ දාසියක් පමණයි”

මරියා දේවදූතයාට කියපු දෙයින් ඇයට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය ගැන හෙළි වෙන්නේ මොනවාද? ඇය විදහාපෑ තවත් ගුණාංග මොනවාද?

මරියා - ‘මරියා වැදගත් දේ සිතේ තබාගත්තා’

මරියා බෙත්ලෙහෙමේදී අද්දැකපු දේවල් නිසා ඇයට දෙවිගේ පොරොන්දු ගැන තිබුණු විශ්වාසය තවත් වැඩි වුණා

මරියා - ඇය හදවත පසාරු කරගෙන යන තරම් වේදනාවක් දරාගත්තා

“දිග කඩුවක්,” එනම් හදවත පසාරු කරගෙන යන තරම් වේදනාවක් ඔබ විඳිනවා නම් යේසුස්ගේ මව වන මරියාගේ ආදර්ශයෙන් ඔබට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්.

යෝසෙප් - ආදර්ශවත් පියෙක්

යෝසෙප් පවුලේ අයව ආරක්ෂා කළේ කොහොමද? ඔහු මරියාවත් යේසුස්වත් ඊජිප්තුවට රැගෙන ගියේ ඇයි?

මාර්තා - “මම විශ්වාස කරනවා”

හද පැළෙන තරම් වේදනාවක් දැනුණු අවස්ථාවකදී වුණත් මාර්තා දෙවිට විශ්වාසවන්තව හිටියේ කොහොමද?

මරියා මග්දලේනා - “මම අපේ ස්වාමීන්ව දැක්කා”

ශුභාරංචිය අනිත් අයට කියන පැවරුම මේ ස්ත්‍රියට භාර දුන්නා.

පේතෘස් - බිය සැක දුරු කරගැනීමට වෑයම් දැරූ කෙනෙක්

බියටත් සැකයටත් ඉඩ දෙන එක හරිම භයානකයි. බියටත් සැකයටත් ඉඩ නොදී ඉන්න පේතෘස් ඉගෙනගත්තා

පේතෘස් - අභියෝග මැද විශ්වාසවන්තව සිටියා

යේසුස් පේතෘස්ව නිවැරදි කරද්දී ඒක නිහතමානීව පිළිගන්න පේතෘස්ට තිබුණු විශ්වාසය උදව් වුණේ කොහොමද?

පේතෘස් - සමාව දීම ගැන ස්වාමියාගෙන් ඉගෙනගත් කෙනෙක්

සමාව දෙන එක ගැන යේසුස් පේතෘස්ට ඉගැන්නුවේ මොනවාද? යේසුස් පේතෘස්ට සමාව දුන්නා කියලා ඔප්පු කළේ කොහොමද?

තිමෝති - ‘ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන මගේම දරුවෙක්’

තිමෝති ලැජ්ජාශීලීකමින් ගොඩ ඇවිත් වගකීම් දරන කෙනෙක් වුණේ කොහොමද?