Skip to content

යේසුස්ව දෙවියන්ගේ පුත්‍රයා හැටියට හැඳින්නුවේ ඇයි?

යේසුස්ව දෙවියන්ගේ පුත්‍රයා හැටියට හැඳින්නුවේ ඇයි?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලයේ හුඟක් තැන්වල යේසුස්ව හඳුන්වන්නේ “දෙවිගේ පුත්‍රයා” කියලා. (යොහන් 1:49) “දෙවිගේ පුත්‍රයා” කියන යෙදුමෙන් යේසුස් ඇතුළුව හැම ජීවියෙකුගෙම නිර්මාතෘ නැත්නම් ජීවිතයේ උල්පත දෙවියන් කියලා පැහැදිලි වෙනවා. (ගීතාවලිය 36:9; එළිදරව් 4:11) පුරුෂයෙක්ට දාව දරුවෙක් ඉපදුණාම ඒ පුරුෂයා දරුවාගේ තාත්තා වෙන අර්ථයෙන් දෙවියන් යේසුස්ගේ තාත්තා වුණා කියලා බයිබලේ කියන්නේ නැහැ.

 බයිබලයේ දේවදූතයන්ව හඳුන්වන්නෙත් “සැබෑ දෙවිගේ පුත්‍රයෝ” කියලා. (යෝබ් 1:6) ඒ වගේම මුල්ම මිනිසා වුණ ආදම්වත් දෙවියන්ගේ පුත්‍රයා හැටියට බයිබලයේ හඳුන්වනවා. (ලූක් 3:38) ඒ වුණත් දෙවියන් තනිව නිර්මාණය කරපු එකම කෙනා සහ මුල්ම කෙනා යේසුස්. ඒ නිසයි බයිබලයේ දෙවියන්ගේ පුත්‍රයන් අතරින් විශේෂ තැනක් යේසුස්ට දීලා තියෙන්නේ.

 මිනිසෙක් හැටියට ඉපදෙන්න කලින් යේසුස් ස්වර්ගයේ ජීවත් වුණාද?

 ඔව්. පොළොවේ මිනිසෙක් විදිහට ඉපදෙන්න කලින් යේසුස් ස්වර්ගයේ ජීවත් වුණා. ‘මම ආවේ ස්වර්ගයෙන්’ කියලා යේසුස්ම කිව්වේ ඒ නිසයි.—යොහන් 6:38; 8:23.

 දෙවියන් වෙන කිසිම දෙයක් නිර්මාණය කරන්න කලිනුයි යේසුස්ව නිර්මාණය කළේ. යේසුස් ගැන බයිබලයේ මෙහෙම කියනවා:

 “ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යයි” කියන අනාවැකිය අදාළ වුණේ යේසුස්ටයි.—මීකා 5:2; මතෙව් 2:4-6.

 පොළොවට එන්න කලින් යේසුස් මොනවාද කළේ?

 ස්වර්ගයේ ඔහුට උසස් තනතුරක් තිබුණා. යේසුස්ට තිබුණේ කොයි වගේ තනතුරක්ද කියන දේ ඔහු දෙවියන්ට යාච්ඤා කරද්දී කියපු මේ දෙයින් පැහැදිලියි. ‘පියාණෙනි, මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මාව තේජසට පත් කරන්න කියායි. ලෝකය පවතින්න කලින් මම ඔබ සමඟ සිටියදී ඔබ මට ලබා දී තිබුණු තේජස නැවත ලබන්න මම කැමතියි.’—යොහන් 17:5.

 අනිත් හැම දෙයක්ම හදන්න ඔහු පියාණන්ට සහය වුණා. යේසුස් දෙවියන්ගේ “ප්‍රධාන සේවකයා ලෙස කටයුතු කළා.” (හිතෝපදේශ 8:30) ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘ස්වර්ගයෙහි හා පොළොවෙහි ඇති අන් සියල්ල සෑදීමට දෙවි හවුල් කරගත්තේ ඔහුවය.’—කොලොස්සි 1:16.

 අනිත් හැම දේම හදන්න දෙවියන් යොදාගත්තේ යේසුස්ව. ඒවාවලට ස්වර්ගයේ ඉන්න දේවදූතයන් වගේම විශ්වයේ තියෙන හැම දේමත් ඇතුළත්. (එළිදරව් 5:11) දෙවියන් යේසුස් එක්ක එකතු වෙලා වැඩ කරපු විදිහ හරියට ගෘහ නිර්මාණ ශිල්පියෙක් සහ ඉදි කරන්නෙක් එකට වැඩ කරනවා වගේ. ගෘහ නිර්මාණ ශිල්පියා හදන්න ඕනෙ දේ සැලසුම් කරනවා. ඉදි කරන්නා ඒක ඒ විදිහටම හදනවා.

 ඔහු ‘වචනය’ නමැති තැනැත්තා විදිහට සේවය කළා. පොළොවට එන්න කලින් යේසුස් ගත කරපු ජීවිතය ගැන කතා කරද්දී බයිබලයේ ඔහුව “‘වචනය’ නමැති තැනැත්තා” විදිහටත් හඳුන්වනවා. (යොහන් 1:1) පේන විදිහට ඒකෙන් අදහස් වෙන්නේ තොරතුරු සහ මඟ පෙන්වීම් අනිත් දේවදූතයන්ට දැනුම් දෙන්න දෙවියන් යොදාගත්තේ ඔහුගේ පුත්‍රයාව කියන එකයි.

 දෙවියන් මිනිසුන්ට තොරතුරු දැනුම් දෙන්නත් යේසුස්ව යොදාගත්තා. දෙවියන් ඒදන් උයනේ හිටපු ආදම් සහ ඒවට මඟ පෙන්වීම් දුන්නේ යේසුස් මාර්ගයෙන් කියලා හිතන්න පුළුවන්. (උත්පත්ති 2:16, 17) පාළුකරයේදී ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්වපු දේවදූතයාත් යේසුස් කියලා හිතන්න පුළුවන්. ඊශ්‍රායෙල්වරු කීකරු වෙන්න අවශ්‍ය වුණේ ඔහුගේ හඬට වෙන්න ඕනේ.—නික්මයාම 23:20-23. a

a දෙවියන් මිනිසුන්ට කතා කරන්න යොදාගත්තේ “‘වචනය’ නමැති තැනැත්තාව” විතරක්ම නෙමෙයි. උදාහරණෙකට ඊශ්‍රායෙල්වරුන්ට නීතිය දෙන්න දෙවියන් වෙනත් දේවදූතයන්ව යොදාගත්තා.—ක්‍රියා 7:53; ගලාති 3:19; හෙබ්‍රෙව් 2:2, 3.