එළිදරව් 3:1-22

3  “සාදිස්හි පිහිටි සභාවේ දූතයාට+ මෙසේ ලියන්න. දෙවිගේ බලයන් හත+ හා තාරකා හත+ සතු තැනැත්තා පවසන්නේ මෙයයි. ‘මම ඔබේ ක්‍රියා දනිමි. ජීවමානයි කියා ඔබ නම් දරා සිටියත් ඇත්තටම ඔබ මිය ගොස් ඇත.+  මාගේ දෙවි ඉදිරියේ ඔබ ඔබේ ක්‍රියා සම්පූර්ණයෙන්ම ඉටු කර ඇති බව මා දැක නැත.+ එහෙයින් සෝදිසියෙන් සිටින්න.+ මරණාසන්නව සිටින ඉතුරු අයව* ශක්තිමත් කරන්න.+  එසේම ඔබට ලබා දුන් දේද+ ඔබ ඇසූ දේද දිගටම සිහියේ තබාගෙන, එය නොකඩවා පිළිපදිමින්,+ පසුතැවිලි වන්න.+ ඇත්තෙන්ම ඔබ අවදි වන්නේ නැත්නම්+ මම සොරෙකු මෙන් පැමිණෙන්නෙමි.+ මා ඔබ වෙතට පැමිණෙන්නේ කුමන පැයේද කියා කිසි ලෙසකින්වත් දැනගැනීමට ඔබට හැකි වන්නේ නැත.+  “‘නමුත් තම වස්ත්‍ර අපවිත්‍ර කර නොගත්+ ස්වල්පදෙනෙක්+ සාදිස්හි සිටින ඔබ අතරෙහි සිටිති. ඔවුහු සුදු වස්ත්‍ර පැළඳ මා සමඟ ගමන් කරන්නෝය.+ මන්ද ඒ ගෞරවය ලැබීමට ඔවුහු සුදුස්සෝය.+  ජය ගන්නා+ තැනැත්තාට එලෙස සුදු වස්ත්‍ර පළඳවනු ලැබේ.+ මම ඔහුගේ නම ජීවන ලියවිල්ලෙන් කිසි ලෙසකින්වත් මකා නොදමන්නෙමි.+ මාගේ පියාණන්+ ඉදිරියෙහිත් ඔහුගේ දූතයන් ඉදිරියෙහිත්+ ඒ තැනැත්තාගේ නාමය පිළිගන්නා බව ප්‍රකාශ කරන්නෙමි.  දෙවි තම බලයෙන්+ සභාවන්ට දන්වන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.’  “ෆිලදෙල්ෆියාවෙහි පිහිටි සභාවේ දූතයාට+ මෙසේ ලියන්න. කිසිවෙකුට වැසීමට නොහැකි අයුරින් දොරවල් විවෘත කර දෙන, කිසිවෙකුට විවෘත කළ නොහැකි අයුරින් දොරවල් වසා දමන ශුද්ධ+ මෙන්ම සැබෑ වූ,+ දාවිත්ගේ යතුර+ සතු තැනැත්තා පවසන්නේ මෙයයි.  ‘මම ඔබේ ක්‍රියා දනිමි.+ බලන්න, මා ඔබ ඉදිරියෙහි විවෘත වූ දොරක් තබා ඇත.+ එය කිසිවෙකුට වසා දැමිය නොහැක. ඔබට තිබෙන්නේ ස්වල්ප බලයක් බවත් ඔබ මා පැවසූ දේවල් පිළිපැද්ද බවත් ඔබ මට* ද්‍රෝහි නොවූ බවත් මම දනිමි.+  බලන්න, තමන් යුදෙව්වන් බව පැවසුවත්+ සැබෑවටම එසේ නොවන,+ සාතන්ගේ සිනගෝගයට අයත් අයට මම මෙසේ කිරීමට සලස්වන්නෙමි. ඔවුන් ඇවිත් ඔබේ පාද ඉදිරියෙහි දණින් වැටී+ මා ඔබට ප්‍රේම කළ බව දැනගනු ඇත. 10  මා විඳදරාගත් ආකාරය+ ගැන ඔබ අසා ඇති දේට අනුව ඔබ විඳදරාගෙන තිබෙන නිසා ඔබව සෝදිසියට ලක් කරන පැයේදී මම ඔබව රැකබලා ගන්නෙමි.+ පොළොවෙහි සිටින සියලුදෙනාව සෝදිසියට ලක් කිරීම සඳහා ඒ පැය මුළු මහත් පොළොවටම බලපානු ඇත.+ 11  මම ඉක්මනින් එන්නෙමි.+ ඔබ සතු දේ දිගටම අල්ලාගෙන සිටින්න.+ එවිට ඔබේ ඔටුන්න ඔබෙන් පැහැරගැනීමට කිසිවෙකුටත් හැකි වන්නේ නැත.+ 12  “‘ජය ගන්නා තැනැත්තාව මම මාගේ දෙවිගේ+ මාලිගාවෙහි+ කණුවක්+ කරන්නෙමි. ඔහුව එයින් ඉවත් කිරීමට කිසි දෙයකට නුපුළුවන. මම මාගේ දෙවිගේ නාමයද මාගේ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන නව යෙරුසලම+ වන මාගේ දෙවිගේ නුවරෙහි නාමයද මාගේ අලුත් නාමයද ඔහු මත ලියන්නෙමි.+ 13  දෙවි තම බලයෙන්+ සභාවන්ට දන්වන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.’ 14  “ලවෝදිසියෙහි+ පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න. විශ්වාසවන්ත,+ සැබෑ+ සාක්ෂිකරුවා+ වන දෙවිගේ මුල්ම නිර්මාණය+ වූ ආමෙන්+ යන නමින් හඳුන්වන තැනැත්තා පවසන්නේ මෙයයි. 15  ‘මම ඔබේ ක්‍රියා දනිමි. ඔබ තුළ සිසිලසක්වත් උණුසුමක්වත් නැති බව දනිමි. ඔබ තුළ සිසිලසක් තිබුණා නම් හෝ උණුසුමක් තිබුණා නම් හෝ මම ඒ ගැන සතුටු වන්නෙමි. 16  නමුත් ඔබ තුළ සිසිලසක්වත්+ උණුසුමක්වත්+ නොමැත. ඒ වෙනුවට ඔබ ඇල්මැරී සිටින නිසා මම ඔබව වමාරන්නෙමි. 17  “මා ධනවත්ය.+ මට ධනය ඇත. මට කිසි හිඟයක් නැත” කියා ඔබ පැවසුවත් ඔබ කොතරම් දුක්ඛිත, අනුකම්පාවක් ලැබිය යුතු තත්වයක සිටිනවාද කියාවත් ඔබ කොතරම් දිලිඳු, අන්ධ+ හා කිසි වස්ත්‍රයක් නැති තත්වයක සිටිනවාද කියාවත් ඔබ දන්නේ නැත. එහෙයින්, 18  මා ඔබට දෙන අවවාදය මෙයයි. ගින්නෙන් පවිත්‍ර වූ රන් මාගෙන් මිල දී ගන්න.+ එවිට ඔබට ධනවත් විය හැක. මාගෙන් සුදු වස්ත්‍රද මිල දී ගන්න. එවිට අන් අය ඔබේ නිරුවත්කම දැකීමෙන් ඔබට ඇති වන ලැජ්ජාව විඳීමට ඔබට සිදු වන්නේ නැත.+ එලෙසම මාගෙන් නේත්‍රාලේප මිල දී ගන්න. ඒවා ඔබේ ඇස්වල ආලේප කිරීමෙන්+ ඔබට පැහැදිලිව දැකීමට හැකි වනු ඇත. 19  “‘මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන* සියලුදෙනාටය.+ එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.+ 20  බලන්න, මා සිටින්නේ දොරකඩ අසලම+ දොරට තට්ටු කරමින්ය. යමෙක් මාගේ හඬ අසා දොර විවෘත කරනවා නම්,+ මම ඔහුගේ නිවසට ඇතුල් වී ඔහු සමඟ සන්ධ්‍යා භෝජනයට සහභාගි වන්නෙමි. ඔහුද මා සමඟ කෑම කන්නේය. 21  මා ජය ගෙන මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි+ ඉඳගත් ආකාරයටම+ ජයගන්නාට+ මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දෙන්නෙමි.+ 22  දෙවි තම බලයෙන්+ සභාවන්ට දන්වන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.’”+

පාදසටහන්

මූ.අ., “දේවල්.”
මූ.අ., “මාගේ නාමයට.”
මූ.අ., “මා ස්නේහයක් දක්වන.” ග්‍රීක බසින්, ෆිලීඔ.