මතෙව් 2:1-23

2  යේසුස් උපන්නේ හෙරොද් රජුගේ කාලයේදී+ යුදයට අයත්ව තිබූ බෙත්ලෙහෙම් නම් නුවරෙහිය.+ දිනක් නැඟෙනහිර දෙසින් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ+ යෙරුසලමට පැමිණ,  “ඉදිරියේදී යුදෙව්වරුන්ව පාලනය කරන රජෙක් දැන් ඉපදිලා ඉන්නවා.+ ඔහු ඉන්නේ කොහේද? අපි නැඟෙනහිර දේශවල සිටිද්දී ඔහු වෙනුවෙන් පායා තිබුණු තාරකාවක් දැක්කා.+ අපි මෙතනට ආවේ ඔහුට ගරුබුහුමන් දක්වන්න අපිට අවශ්‍ය නිසයි” කියා පැවසූහ.  එය ඇසූ හෙරොද් රජද මුළු යෙරුසලමේ ජනතාවද බොහෝ සෙයින් කැලඹුණෝය.  ඉක්මනින්ම ජනතාව අතර සිටි සියලුම නායක පූජකයන්වද නීතිය පිටපත් කරන්නන්වද* එකට රැස් කරගත් හෙරොද්, ක්‍රිස්තුස් ඉපදෙන්නේ කොහේද කියා ඔවුන්ගෙන් විමසුවේය.  ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “ඔහු ඉපදෙන්නේ යුදයට අයත් බෙත්ලෙහෙමෙදීයි.+ මන්ද අනාගතවක්තෘවරයෙක් ඒ ගැන මෙසේ ලියා තිබෙනවා.  ‘යූදා දේශයේ බෙත්ලෙහෙම,+ ඔබ යූදාහි ආණ්ඩුකාරයන්ගේ නුවරවල් අතරින් වැදගත්කමින් අඩුම නුවරක් නම් නොවෙයි. මන්ද මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව එඬේරෙකු මෙන් රැකබලා ගැනීමට+ ආණ්ඩුකාරයෙක්+ ඔබෙන් බිහි වන්නේය.’”  එවිට හෙරොද් නැඟෙනහිර දෙසින් පැමිණි ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ව රහසින් හමු වී, තාරකාව පෙනෙන්න පටන්ගත් කාලය ඔවුන්ගෙන් නිවැරදිව දැනගත්තේය.  ඉන්පසු ඔහු ඔවුන්ව බෙත්ලෙහෙමට යවමින්, “ඔබ ගොස් ඒ දරුවා ගැන හොඳින් සොයා බලන්න. ඔහු සිටින තැන ඔබ දැනගත් විට ඒ ගැන මට දන්වන්න. එවිට මටත් පුළුවන් එතැනට ගොස් ඔහුට ගරුබුහුමන් දක්වන්න”+ කියා ඔවුන්ට පැවසුවේය.  ඔවුහු රජුට කීකරු වෙමින් පිටත්ව ගියහ. ඔවුන් නැඟෙනහිර දේශවල සිටියදී දුටු ඒ තාරකාව+ ඔවුන්ට ඉදිරියෙන් ගොස් කුඩා දරුවා සිටි ස්ථානයට ඉහළින් නැවතුණේය. 10  ඔවුහු තාරකාව නතර වූ ස්ථානය දැක මහත් සේ ප්‍රීති වූහ. 11  දරුවා සිටි නිවසට ඇතුල් වූ ඔවුහු, කුඩා දරුවා සිය මව වූ මරියා සමඟ සිටිනවා දැක ඔහු ඉදිරියේ දණින් වැටී ඔහුට ගරුබුහුමන් දැක්වූහ. පසුව ඔවුහු තම මංජුසාවන් ඇර රන්ද කට්ටකුමංජල්ද සුවඳ ලාටුද යන තෑගි දරුවාට දුන්නෝය. 12  නමුත් ඔවුහු හෙරොද් වෙතට ආපසු නොගියෝය. ඔවුන් එසේ කළේ එහි නොයන්න කියා දෙවි සිහිනයක් මගින් ඔවුන්ට අනතුරු අඟවා+ තිබූ නිසාය. ඒ අනුව ඔවුහු එතැනින් පිටත්ව වෙනත් මඟකින් තම රට බලා ගියහ. 13  ඔවුන් එතැනින් පිටත්ව ගිය සැණින් යෙහෝවා දෙවිගේ දූතයා+ සිහිනයකින් යෝසෙප්ට පෙනී, “නැඟිටින්න, කුඩා දරුවාද ඔහුගේ මවද රැගෙන ඊජිප්තුවට පලා යන්න. මා ඔබට කියන තුරු එහි නැවතී සිටින්න. මන්ද හෙරොද් කුඩා දරුවාව මරා දැමීමට සොයමින් සිටියි” කියා පැවසුවේය. 14  එහෙයින් ඔහු නැඟිට කුඩා දරුවාද දරුවාගේ මවද රැගෙන රාත්‍රියේදීම එතැනින් පිටත්ව ඊජිප්තුවට ගොස්, 15  හෙරොද්ගේ මරණය දක්වා එහි නැවතී සිටියේය. එසේ වූයේ, “ඊජිප්තුවෙන්+ මාගේ පුත්‍රයාව මම කැඳවාගතිමි” කියා යෙහෝවා දෙවි විසින් තම අනාගතවක්තෘ මාර්ගයෙන් පැවසූ දේ ඉටු වීම සඳහාය.+ 16  ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් තමාව රැවටූ බව තේරුම්ගත් හෙරොද් බොහෝ සෙයින් කෝප විය. ඉන්පසු ඔහු බෙත්ලෙහෙමට සහ ඒ අවට සියලු ප්‍රදේශවලට මිනිසුන්ව යවා, ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගෙන් නිවැරදිව දැනගෙන තිබූ කාලයට අනුව+ අවුරුදු දෙකක් හෝ ඊට වඩා බාල සියලුම පිරිමි දරුවන්ව මරා දැමුවේය. 17  එවිට අනාගතවක්තෘ යෙරෙමියා ලවා පවසනු ලැබූ මේ දේ ඉටු විය. එනම්, 18  “ශෝකයෙන් විලාප දෙන හඬක් රාමාහි ඇසිණ.+ ඒ තම දරුවන් වෙනුවෙන් හඬා වැලපෙන රාකෙල්ගේ හඬයි.+ තම දරුවන් අහිමි වූ නිසා වැලපෙමින් සිටින ඇයව සනසවන්න බොහෝදෙනෙකු උත්සාහ කළත් ඇය සැනසෙන්න කැමති වුණේ නැත.” 19  කල් යත්ම හෙරොද් මිය ගිය අතර ඊජිප්තුවේ සිටි යෝසෙප්ට යෙහෝවා දෙවිගේ දූතයා සිහිනයකින් පෙනී,+ 20  “නැඟිටින්න, කුඩා දරුවාද ඔහුගේ මවද රැගෙන ඊශ්‍රායෙල් දේශයට යන්න. මන්ද කුඩා දරුවාගේ ජීවිතය නැති කර දමන්න උත්සාහ කළ අය දැන් මිය ගිහින්” කියා පැවසුවේය. 21  එහෙයින් ඔහු නැඟිට කුඩා දරුවාද දරුවාගේ මවද රැගෙන ඊශ්‍රායෙල් දේශයට පැමිණියේය. 22  නමුත් ආකෙලාවුස් තම පිය වූ හෙරොද් වෙනුවට යුදයේ රජකම් කරන බව ඔහු දැනගත් විට යුදයට යන්න ඔහු තුළ බියක් ඇති විය. එමෙන්ම දෙවි සිහිනයක් මාර්ගයෙන්ද එහි නොයන්න කියා ඔහුට අනතුරු අඟවා තිබූ නිසා+ ඔහු එතැනින් පිටත්ව ගලීලය අවට ප්‍රදේශයට+ ගොස්, 23  නාසරෙත් නම් නගරයට+ පැමිණ එහි වාසය කළේය. එසේ වූයේ, ‘ඔහුව නාසරෙත්හි වැසියෙක්යයි හඳුන්වනු ලබන්නේය’+ කියා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේ ඉටු වීම සඳහාය.

පාදසටහන්

නීතිය උගන්වන අයව හැඳින්වූයේ එලෙසය.