නික්මයාම 23:1-33

23  “යමෙකු ගැන බොරු ප්‍රචාරය නොකරන්න.+ දුෂ්ට කෙනෙකු සමඟ කුමන්ත්‍රණය කර නිර්දෝෂ පුද්ගලයෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+  වැඩිදෙනෙකුගේ කීම අසා වැරදි දේ නොකරන්න.+ ආරවුලක් විසඳන විට වැඩිදෙනාගේ පැත්ත ගෙන යුක්තිය පෙරළන පිණිස බොරු සාක්ෂි නොදෙන්න.+  දුප්පත් කෙනෙකු තවත් කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් කරන විට ඔහු දුප්පත් නිසාම ඔහුගේ පැත්ත නොගන්න.+  “ඔබේ සතුරාගේ ගවයා හෝ බූරුවා හෝ ඉබාගාතේ යනවා ඔබ දුටුවොත් ඔබ අනිවාර්යයෙන්ම ඌව ගෙන ගොස් ඔහුට භාර දිය යුතුයි.+  ඔබට වෛර කරන කෙනෙකුගේ බූරුවා ලොකු බරක් පිටේ තබාගෙන වැටී සිටිනවා දුටුවොත් ඌට උපකාර නොකර එතැනින් නොයන්න. උගේ අයිතිකරු සමඟ එකතු වී ඌට නැඟිටින්න උදව් කරන්න.+  “දුප්පත් කෙනෙකුගේ නඩුවක් විසඳන විට ඔහුට අසාධාරණයක් වන ලෙස විනිශ්චය නොකරන්න.+  “බොරු කීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.+ නිර්දෝෂ, ධර්මිෂ්ඨ කෙනෙකුව නොමරන්න. මන්ද දුෂ්ට කෙනෙකු ධර්මිෂ්ඨයි කියා මම කවදාවත් ප්‍රකාශ නොකරන්නෙමි.+  “අල්ලස් නොගන්න. බුද්ධිමත්ව විනිශ්චය කරන කෙනෙකුව පවා අල්ලසකින් නොමඟ යැවිය හැකියි. එමගින් ධර්මිෂ්ඨ කෙනෙකුගේ තීන්දු පවා පෙරළිය හැකියි.+  “ඔබ සමඟ ජීවත් වන විදේශිකයන්ට හිංසා පීඩා නොකරන්න.+ ඔබත් ඊජිප්තු දේශයේ විදේශිකයන් ලෙස ජීවත් වූ නිසා+ විදේශිකයන්ට හැඟෙන ආකාරය ඔබ හොඳින් දන්නහුය. 10  “අවුරුදු හයක් ඔබේ කෙතේ බීජ වපුරා එහි පලදාව රැස් කරගන්න.+ 11  සත්වන අවුරුද්දේදී ඔබේ කෙතේ නොවපුරා එය නිකම්ම තිබෙන්න හරින්න.+ ඒ කාලයේදී ඔබ අතරේ සිටින දුප්පත් අයට එහි පල එකතු කරගැනීමට ඉඩහරින්න. ඉතුරු වන දේ සතුන්ට කන්න හරින්න.+ ඔබේ මිදි හා ඔලීවවතුවලටත් එලෙසම කරන්න. 12  “දවස් හයක් ඔබ වැඩ කළ යුතුයි.+ ඔබේ ගවයාට හා බූරුවාට විවේකයක් ලබා දෙන පිණිසත් ඔබේ දාසියගේ පුත්‍රයාට හා විදේශිකයන්ට නිවාඩුවක් දෙන පිණිසත් හත්වන දවසේදී වැඩ නොකරන්න.+ 13  “මම ඔබට පැවසූ සෑම කාරණයක්ම හිතට ගන්න.+ වෙනත් දෙවිවරුන්ගේ නම් සඳහන් නොකරන්න. ඔවුන්ට කිසිවිටකත් හඬ නොගසන්න.+ 14  “ඔබ මට ගෞරව කරන පිණිස අවුරුද්දට තුන් වරක් උත්සවයන් පවත්වන්න.+ 15  ඔබ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ මම ඔබට අණ කළ ලෙස ඔබ දවස් හතක් පුරා මුහුන් නොදැමූ රොටි+ කන්න. ආබීබ් මාසයේ+ මා නියම කළ දිනවලදී ඔබ එසේ කළ යුතුයි. මන්ද ඔබ ඊජිප්තු දේශයෙන් පිටතට ආවේ එම මාසයේදීය. ඒ උත්සවය පවත්වන කාලයේදී සෙනඟ මා ඉදිරියට හිස් අතින් නොපැමිණිය යුතුයි.+ 16  ඔබ වෙහෙස මහන්සි වී කෙතෙහි වගා කළ+ දෙයින් ප්‍රථම ඵල+ නෙළන කාලයේදීද උත්සවයක් පැවැත්විය යුතුයි. එය නාඹුල් පල උත්සවයයි. අවුරුද්ද අවසානයේදී ඔබ කෙතේ පලදාව රැස් කරගන්නා විට උත්සවයක් පැවැත්විය යුතුයි. එය අස්වැන්න නෙළීමේ උත්සවයයි.+ 17  මේ උත්සවයන් තුන පවත්වන කාලයේදී සෑම පුරුෂයෙකුම ස්වාමීන් වන යෙහෝවා දෙවි ඉදිරියට පැමිණිය යුතුයි.+ 18  “ඔබ මට ඔප්පු කරන සතුන්ගේ ලේ සමඟ මුහුන් දැමූ කිසිවක් ඔප්පු නොකළ යුතුයි. මට ගෞරව කරන පිණිස පවත්වන උත්සවයන්වලදී ඔබ මට ඔප්පු කරන තෙල් කොටස් රාත්‍රිය පුරාම පූජාසනය මත නොතැබිය යුතුයි.+ 19  “ඔබේ අස්වැන්නේ ප්‍රථම ඵලවලින් හොඳම කොටස ඔබේ දෙවි වන යෙහෝවාගේ ගෘහයට ගෙනා යුතුයි.+ “එළු පැටියෙකු උගේ මවගේ කිරිවලින් පිසීමෙන් වළකින්න.+ 20  “ගමන අතරතුරේදී ඔබව රැකබලා ගන්නා පිණිසත් මා ඔබට සූදානම් කළ ස්ථානයට+ ඔබව ගෙන යන පිණිසත් මම ඔබට ඉදිරියෙන් දේවදූතයෙකු+ යවන්නෙමි. 21  ඔහුගේ හඬට කීකරු වීමට වගබලා ගන්න. ඔහුට විරුද්ධව කැරලි නොගසන්න. ඔබ කැරලිගැසුවොත් ඔහු ඔබට සමාව දෙන්නේ නැත.+ මන්ද ඔහු පෙනී සිටින්නේ මාගේ නාමයෙන්ය. 22  ඔබ ඔහුගේ හඬට සම්පූර්ණයෙන්ම කීකරු වී මා ඔබට පවසන සෑම දෙයක්ම පිළිපදින්නේ නම්+ මම ඔබේ සතුරන්ට විරුද්ධව ක්‍රියා කරන්නෙමි. ඔබට හිරිහැර කරන අයට මම දඬුවම් කරන්නෙමි.+ 23  මාගේ දූතයා ඔබට ඉදිරියෙන් ගොස් අමෝරිවරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද කානානිවරුන්ගේද හිවීයවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශයට ඔබව ගෙන යන්නේය. මම ඒ ජාතීන්ව සහමුලින්ම විනාශ කරන්නෙමි.+ 24  ඔබ ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි. ඔවුන්ගේ දේවතා රූපවලට සමාන කිසිවක් සාදා නොගන්න.+ ඔබ ඒවා බිම හෙළා කඩා දැමිය යුතුයි. නමස්කාර කරන පිණිස ඔවුන් ඉදි කළ කණුද ඔබ බිඳ දැමිය යුතුයි.+ 25  ඔබ ඔබේ දෙවි වන යෙහෝවාට නමස්කාර කළ යුතුයි.+ එවිට මම අනිවාර්යයෙන්ම ඔබට කෑම බීම දී ආශීර්වාද කරන්නෙමි.+ කිසි වසංගතයක් ඔබ පිටට පැමිණෙන්න ඉඩ නොදෙන්නෙමි.+ 26  ඔබේ දේශයේ කිසි ස්ත්‍රියකට ගබ්සාවක් සිදු නොවන්නේය. එහි වඳ ස්ත්‍රියක්ද නොසිටින්නේය.+ ඔබ බොහෝ කල් ජීවත් වන්නහුය.+ 27  “ඔබ යන සෑම තැනකම ජීවත් වන මිනිස්සු මා ගැන අසා, ඔබව දකින්නත් පෙර භයෙන් වෙවුලන්නෝය.+ ඔබ ඔවුන් අතරට ගිය පසු මම ඔවුන්ව වියවුලට පත් කරන්නෙමි. ඔබේ සියලු සතුරන්ට ඔබ ඉදිරියෙන් පලා දුවන්න සලස්වන්නෙමි.+ 28  හිවීයවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද ඔබ එන බව අසා කලබල වී+ ඔබ ඉදිරියෙන් පලා දුවන්නෝය.+ 29  මම ඔවුන්ව ඔබ ඉදිරියෙන් එකවරම* පන්නා දැමුවොත් දේශය පාළුවට යන්නේය. වනසතුන්ගේ ගණනද වැඩි වී උන් ඔබට හිංසා කරනු ඇත. ඒ නිසා මම ඔවුන්ව ඔබ ඉදිරියෙන් එකවරම පන්නා නොදමන්නෙමි.+ 30  ඔබ ගණනින් බොහෝ සේ වැඩි වී දේශය අයිති කරගන්නා තෙක් මම ඔවුන්ව ටිකෙන් ටික පන්නා දමන්නෙමි.+ 31  “මම ඔබේ දේශ සීමා රතු මුහුදේ සිට පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද පාළුකරයේ සිට මහා ගංගාව*+ දක්වාද විශාල කරන්නෙමි. දේශයේ ජීවත් වන වැසියන්ව මම ඔබේ අතට හසු කර දෙන්නෙමි. ඔබ ඔවුන්ව දේශයෙන් පන්නා දමන්නහුය.+ 32  ඔබ ඔවුන් සමඟවත් ඔවුන්ගේ දෙවිවරුන් සමඟවත් කිසි ගිවිසුමක් ඇති කර නොගත යුතුයි.+ 33  ඔබේ දේශයේ ඔබ සමඟ ජීවත් වීමට ඔවුන්ට ඉඩ නොදිය යුතුයි. මන්ද එසේ කළොත් මට විරුද්ධව පව් කිරීමට ඔවුහු ඔබව පොලඹවනු ඇත. ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළොත් එය ඔබේ විනාශයට මඟ පාදනු ඇත.”+

පාදසටහන්

මූ.අ., “අවුරුද්දකින්.”
එනම්, යුප්‍රටීස් ගඟ.