කොලොස්සි 1:1-29

1  මෙම ලිපිය ඔබට ලියන්නේ දෙවිගේ කැමැත්තට එකඟව+ ක්‍රිස්තුස් යේසුස්ගේ නියෝජිතයෙකු* වන පාවුල් සහ අපගේ සහෝදර තිමෝතිය.+  මෙය ලියන්නේ කොලොස්සියේ සිටින ශුද්ධ තැනැත්තන්ට මෙන්ම ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින+ සියලුම විශ්වාසවන්ත සහෝදරයන්ටය. අපගේ පියාණන් වන දෙවිගෙන් ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!+  අපි ඔබ වෙනුවෙන් යාච්ඤා කරන සෑම අවස්ථාවකදීම+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි පියාණන්ට ස්තුති කරමු.+  මන්ද ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය ගැනත් සියලු ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් ඔබට තිබෙන ප්‍රේමය ගැනත් අපට ආරංචි වී ඇත.+  ඔබ එලෙස කටයුතු කරන්නේ ස්වර්ගයෙහි ඔබ සඳහා වෙන් කර ඇති දේ+ ගැන ඔබට තිබෙන බලාපොරොත්තුව නිසාය.+ ඔබට එම බලාපොරොත්තුව ගැන මුලින්ම අසන්න ලැබුණේ සත්‍යය එනම්, ශුභාරංචිය ගැන ඔබට ප්‍රකාශ කරනු ලැබූ අවස්ථාවේදීය.+  ඔබට ලැබුණු ඒ ශුභාරංචිය දැන් මුළු ලොව පුරාම+ පැතිර යන බවත්+ ඉන් බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන බවත්+ පැහැදිලියි. දෙවිගේ මහත් කරුණාව+ පිළිබඳ සත්‍යය+ ගැන අසා නිවැරදි අවබෝධයක් ලබාගත් දවසේ පටන් ඔබ අතරත් ඒ ප්‍රතිඵල දක්නට ලැබේ.  ඒ සත්‍යය ඔබ ඉගෙනගත්තේ එපෆ්‍රස්ගෙනි.+ ඔහු අප වෙනුවෙන් ක්‍රිස්තුස්ගේ විශ්වාසවන්ත දේවසේවකයෙකු ලෙස කටයුතු කරන, අප සමඟ හවුලේ සේවය කරන ඉතා හිතවත් දාසයෙකි.  දෙවිගේ බලයේ උපකාරය නිසා ඔබ තුළ ඇති වූ ප්‍රේමය+ ගැන අපට දැනුම් දුන්නේ ඔහුය.  ඔබට තිබෙන විශ්වාසයත් ප්‍රේමයත් ගැන අපට ආරංචි වූ දවසේ පටන් අප ඔබ වෙනුවෙන් නිරතුරුවම යාච්ඤා කරන්නේ ඒ නිසාය.+ අප දිගටම ඉල්ලා සිටින්නේ ඔබට සියලුම ප්‍රඥාවත්+ දෙවිගේ බලය මගින් ලැබෙන වටහාගැනීමේ හැකියාවත්+ ලැබෙන්න කියාය. ඒ සමඟම දෙවිගේ කැමැත්ත පිළිබඳ පූර්ණ හා නිවැරදි දැනුමක්+ ඔබට ලැබෙන්න කියාත් ඉල්ලා සිටිමු. 10  එවිට යෙහෝවා දෙවිව+ සියල්ලේදී සතුටු කරමින් ඔහුට ඔබින ආකාරයකින් ඔබේ ජීවිතය ගත කිරීමට+ ඔබට හැකි වේ. එලෙසම සෑම යහපත් ක්‍රියාවක්ම කරමින්+ හොඳ ප්‍රතිඵල ලැබීමටත් දෙවි පිළිබඳ නිවැරදි+ දැනුමෙන් වර්ධනය වීමටත් ඔබට හැකි වේ. 11  දෙවිගේ තේජවත් බලය මාර්ගයෙන් සෑම දෙයක්ම කිරීමට අවශ්‍ය ශක්තිය ඔබට ලැබෙන්න කියාද+ ඉල්ලමින් යාච්ඤා කරන්නෙමු. එවිට ඕනෑම දෙයක් සාර්ථකව විඳදරාගැනීමටත්+ ඔබේ ප්‍රීතිය රැකගෙන බොහෝ ඉවසිලිවන්තව කටයුතු කිරීමටත් ඔබට හැකි වේ. 12  එමෙන්ම ආලෝකයේ ගමන් කරන+ ශුද්ධ තැනැත්තන්ට+ හිමි වන උරුමය+ ලබාගැනීමට ඔබව සුදුස්සන් බවට තීරණය කළ පියාණන්ට ස්තුතිවන්ත වීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වෙන්න කියා ඉල්ලා යාච්ඤා කරන්නෙමු. 13  දෙවි අපව අන්ධකාරයේ ග්‍රහණයෙන්+ නිදහස් කර තම ප්‍රේමණීය පුත්‍රයාගේ+ රාජ්‍යය+ යටතට අපව රැගෙන ආවේය.+ 14  ඔහුගේ පුත්‍රයා ගෙවූ වන්දියෙන් අපට නිදහස එනම්, අපගේ පව්වලට සමාව ලැබී තිබේ.+ 15  නොපෙනෙන+ දෙවිගේ සැබෑ ස්වභාවය පිළිබිඹු වන්නේ+ ඔහු තුළින්ය. දෙවිගේ කුලුඳුල්+ නිර්මාණය ඔහුය. 16  මන්ද ස්වර්ගයෙහි හා පොළොවෙහි ඇති රාජකීය නිලයන්, තනතුරු, පාලන ක්‍රම හෝ අධිකාරීන්+ ඇතුළු පෙනෙන හා නොපෙනෙන අන් සියල්ල සෑදීමට දෙවි හවුල් කරගත්තේ ඔහුවය.+ දෙවි ඔහුව යොදාගෙන+ ඒ සෑම දෙයක්ම සෑදුවේ ඔහු වෙනුවෙන්ය. 17  අන් සියලු දේ සෑදීමට ප්‍රථමයෙන් සිටියේ ඔහුය.+ අන් සෑම දෙයක්ම නිර්මාණය කිරීමට දෙවි හවුල් කරගත්තේ ඔහුවය.+ 18  ඔහු සභාව නමැති ශරීරයේ හිසය.+ සියලු දේවල ආරම්භය ඔහුය. ඔහු මරණයෙන් නැඟිටුණු කුලුඳුලාය.+ ඒ අනුව සියලු දේවල පළමුවෙනියා ඔහුය.+ 19  මන්ද සෑම දෙයක්ම පූර්ණ ලෙස පිළිබිඹු කිරීමට+ ඔහුව යොදාගැනීම සුදුසු බව දෙවි තීරණය කළේය. 20  එලෙසම පොළොවෙහි හෝ ස්වර්ගයෙහි හෝ ඇති අන් සියල්ල+ තමන් සමඟ සමාදාන කිරීමට+ ක්‍රිස්තුස්ව යොදාගැනීම සුදුසු බවත් දෙවි තීරණය කළේය. එම සමාදානය ඇති වූයේ+ වධකණුවක් මත+ ක්‍රිස්තුස් වැගිරෙවූ රුධිරය මාර්ගයෙනි.+ 21  ඔබේ මනස් දුෂ්ට ක්‍රියාවලට යොමු වී තිබූ නිසා+ ඔබ කලක් දෙවිගෙන් ඈත් වී+ ඔහුගේ සතුරන්ව සිටි බව සැබෑය. 22  නමුත් තම මිනිස් ජීවිතය මරණය උදෙසා පරිත්‍යාග කළ තැනැත්තා මාර්ගයෙන්+ තමන් සමඟ සමාදාන වීමට+ දෙවි දැන් අවස්ථාව උදා කර තිබේ. ඔහු එසේ කළේ ඔබට ශුද්ධ, නිකැළැල්+ සහ නිදොස් අය+ ලෙස තමන් ඉදිරියේ සිටීමට හැකි වීම සඳහාය. 23  ඒ සඳහා ඔබ දිගටම ඔබට තිබෙන විශ්වාසය වර්ධනය කරගත යුතු අතර+ එම විශ්වාසය නමැති අත්තිවාරම මත ස්ථිරව+ පිහිටා සිටිය යුතුයි.+ මීට අමතරව අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයා අතර+ දේශනා කරනු ලැබූ+ මෙන්ම ඔබද ඇසූ ශුභාරංචිය+ මගින් ඔබට ලැබුණු බලාපොරොත්තුවෙන් ඔබව ඉවත් කිරීමට කිසි කෙනෙකුට ඉඩ නොදෙන්න. පාවුල් වන මමද එම ශුභාරංචිය දේශනා කරන සේවකයෙක් බවට පත් වූවෙමි.+ 24  ඔබ වෙනුවෙන් මට දුක් විඳීමට සිදු වුණත් ඒ ගැන දැන් සතුටු වෙමි.+ මන්ද ක්‍රිස්තුස්ගේ ශරීරයේ එනම්, ඔහුගේ සභාවේ+ සාමාජිකයෙකු ලෙස මා ඔහු වෙනුවෙන් තවමත් පූර්ණ ආකාරයකින් දුක් විඳ නැතැයි+ කියා මට හැඟේ. 25  මා එම සභාව වෙනුවෙන් සේවය කිරීමට+ පටන්ගත්තේ දෙවි මට භාර දුන් වගකීම+ ඉටු කිරීම සඳහාය. ඒ අනුව මම ඔබ වෙනුවෙන් දෙවිගේ පණිවිඩය ගැන දේශනා කිරීමට උපරිම වෑයමක් දැරුවෙමි. 26  මා දේශනා කළේ යුග හා පරම්පරා ගණනාවක් පුරා+ සඟවා තිබුණු පරිශුද්ධ රහස+ ගැනය. නමුත් දැන් එය ඔහුගේ ශුද්ධ තැනැත්තන්ට හෙළි කර තිබේ.+ 27  මෙම පරිශුද්ධ රහසට+ අයත් සියලු තේජවත් සම්පත්+ ගැන වෙනත් ජාතීන් අතරේද දැනුම් දීමට දෙවි සතුටු විය. ඒ රහස නම් ඔබ සමඟ එකට බැඳී සිටින ක්‍රිස්තුස් පිළිබඳ රහසයි.+ එනම් ඔහු සමඟ තේජසට පත් වීමේ බලාපොරොත්තුවයි.+ 28  අප සියලු ප්‍රඥාව යොදාගෙන+ සියලුදෙනාට දැනුම් දෙන්නෙත්+ උපදෙස් මඟ පෙන්වීම් ලබා දෙන්නෙත් උගන්වන්නෙත් ඔහු ගැනය. අප එසේ කරන්නේ සියලුදෙනාව ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින, අවබෝධයෙන් ක්‍රියා කරන+ අය ලෙස දෙවිට ඉදිරිපත් කිරීම සඳහාය. 29  මා වෙහෙස මහන්සිය නොබලා වීර්යය කරන්නේ+ ඒ දේ ඉටු කිරීමටය. මා එසේ කරන්නේ මා තුළ ක්‍රියාත්මක වන+ දෙවිගේ මහත් බලයේ උපකාරයෙනි.+

පාදසටහන්

හෝ, “යවනු ලැබූවෙකු.”