Skip to content

පටුනට යන්න

E+/taseffski/via Getty Images (Stock photo. Posed by model.)

සෝදිසියෙන් ඉන්න!

මානසිකව කඩා වැටෙන යෞවනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මානසිකව කඩා වැටෙන යෞවනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 2023 පෙබරවාරි 13වෙනි සඳුදා එක්සත් ජනපදයේ රෝග මර්ධන සහ වළක්වාගැනීමේ ආයතනය (CDC) වාර්තාවක් නිකුත් කළා. ඒකේ පෙන්නුවේ ඇමරිකාවේ ඉන්න අවුරුදු 13ත් 19ත් අතර යෞවන දරුවන්ගේ මානසික තත්වය ගැන. ඒ වාර්තාවේ කියන විදිහට ඉහළ පන්තිවල ඉන්න ශිෂ්‍යයන්ගෙන් 40%කටත් වඩා වැඩිදෙනෙක් දිගින් දිගටම ඉන්නේ ජීවිතේ ගැන කලකිරිලා. එයාලට කිසිම බලාපොරොත්තුවකුත් නැහැ.

 CDC ආයතනයේ පාසැල් සිසුන් සම්බන්ධ අංශයේ (DASH) අධ්‍යක්ෂකවරිය වන මහාචාර්ය කැත්ලීන් ඉතියර් මෙහෙම කියනවා. “පහුගිය අවුරුදු 10 දිහා බැලුවාම අපිට තේරෙනවා යෞවන, යෞවනියන්ගේ මානසික සෞඛ්‍යය එන්න එන්නම පහත් අඩියට වැටෙනවා කියලා. හැබැයි දැන්, විශේෂයෙන්ම ගැහැනු දරුවන්ගේ මානසිකත්වය හිතාගන්න බැරි තරම් පහතට වැටිලා. සිය දිවි නසාගන්න එන පෙලඹීම් ගැන, සිය දිවි නසාගන්න තැත් කිරීම් ගැන මීට කලින් කවදාවත් මෙච්චර වාර්තා වෙලා නැහැ.”

 ඒ වාර්තාවේ මෙහෙමත් සඳහන් වෙනවා.

  •   යෞවන ගැහැනු දරුවෝ 10දෙනෙක් ගත්තොත් ඒගොල්ලන්ගෙන් අඩුම ගාණේ එක් කෙනෙක්වවත් (14%ක්) බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවල හවුල් කරගෙන තියෙනවා. බලන්න මහාචාර්ය ඉතියර් කියන දේ. “මේක නම් කීයටවත් සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිතන්න ඔයා දන්න ගෑනු ළමයි 10දෙනෙක් ඉන්නවා කියලා. අඩුම තරමේ එයාලාගෙන් එක් කෙනෙක්වත් දූෂණයට ලක් වෙලා තියෙනවා. ඒ ගාණ ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්.”

  •   ගැහැනු ළමයි තුන්දෙනෙක්ගෙන් එක් කෙනෙක්වත් (30%ක්) ජීවිතේ නැති කරගන්නවාමයි කියලා හිතලා තියෙනවා.

  •   ගැහැනු ළමයි පස්දෙනෙක්ගෙන් තුන්දෙනෙක්වත් (57%ක්) ඉන්නේ ගොඩ එන්න බැරි තරමටම ජීවිතේ ගැන කලකිරිලා.

 මේ වාර්තා දිහා බලද්දී ඇත්තටම අපේ හදවත් කම්පා වෙනවා. මොකද යෞවනය කියන්නේ සතුටින්, සැහැල්ලුවෙන් ගත කරන්න ඕන කාලයක්. හැබැයි අද වෙන්නේ ඒකේ එහා පැත්ත. ඒත් මේ දේවල්වලට මුහුණ දෙන්න යෞවනයන්ට පුළුවන් කොහොමද? ඒ ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයෙන් උදව්වක්!

 බයිබලයේ පැහැදිලිවම කියනවා අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක” කියලා. (2 තිමෝති 3:1-5) ඒ නිසයි හිත් බිඳ වැටෙන දේවල් මෙච්චර අහන්න දකින්න ලැබෙන්නේ. හැබැයි ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් යෞවනයන්ට මේ අමාරු කාලෙට සාර්ථකව මුහුණ දෙන්න බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙලා තියෙනවා. බයිබලය මත පදනම් මේ ලිපි ඔයාටත් උදව් වෙයි කියලා කිසිම සැකයක් නැහැ.

 ජීවිතේ නැති කරගන්න හිතෙනවා නම් . . .

 දරාගන්න බැරි පීඩනයක්, කලකිරීමක් දැනෙනවා නම් . . .

 අනිත් ළමයි කරදර කරනවා නම් . . .

 ලිංගික හිරිහැරවලට නැත්නම් අතවරයකට ලක් වෙලා තියෙනවා නම් . . .

දෙමාපියෙනි, මේ ඔයාලටයි!

 අම්මේ, තාත්තේ ඔයාගේ දරුවා මුහුණ දෙන මේ වගේ අභියෝගත් එක්ක සටන් කරන්න එයාලට හයියක් වෙන්න ඔයාලටත් පුළුවන්. ඒකට ඔයාලට උදව් වෙන ගොඩක් තොරතුරු බයිබලයේ තියෙනවා. ඒ ගැන දැනගන්න මේ ලිපි බලන්න.