Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

ජීවිතය නැති කරගැනීමද විසඳුම?

ජීවිතය නැති කරගැනීමද විසඳුම?

ඩයනා * හරිම මිත්‍රශීලී, බුද්ධිමත් තරුණියක්. ඇයව දකින අය හිතන්නේ ඇය සතුටින් ඉන්නවා කියලයි. ඒත් ඇය හිටියේ මානසික පීඩනයකින්. ඇය මෙහෙම කිව්වා. “හැමදාම මට හිතුණේ ජීවත් වෙනවාට වඩා මැරුණ නං හොඳයි කියලයි. මං මැරුණත් ඒකෙන් කාටවත් පාඩුවක් වෙන්නෙත් නැහැ.”

“සිය දිවි නසාගත් පුද්ගලයන්ගෙන් 200දෙනෙක්ම කලින් වතාවල එසේ කිරීමට උත්සාහ දරා තිබෙන බවත් 400දෙනෙක් ඊට පෙරත් ඒ ගැන කල්පනා කර තිබෙන බවත් අධ්‍යයනයවලින් හෙළි වී තිබෙනවා.”THE GAZETTE, MONTREAL, CANADA.

ජීවිතය නැති කරගන්න ඩයනාට වුවමනාවක් තිබුණේ නැහැ. ඒත් ජීවත් වෙන්න ලොකු ආසාවක් තිබුණෙත් නැහැ. “අනතුරක් වෙලා හරි මැරිලා යනවා නම් කොච්චර හොඳද” කියලයි ඇයට නිතරම හිතුණේ.

හුඟදෙනෙක්ට ඩයනාට වගේ හැඟෙනවා. ඒ අයගෙන් සමහරෙක් ජීවිතේ නැති කරගන්න උත්සාහ කරලා හෝ ඒ ගැන හිතලා හරි තියෙනවා. දිවි නසාගන්න උත්සාහ කරන පුද්ගලයන්ට ඇත්තටම ජීවිතය නැති කරගන්න වුවමනාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය ඔවුන් මුහුණ දෙන වේදනාකාරී තත්වයෙන් මිදෙන්නයි. තවත් විදිහකින් කියනවා නම් ඔවුන් හිතන්නේ ජීවිතය නැති කරගන්න හේතු තියෙනවා කියලයි. ඒත් ඔවුන්ට ජීවත් වෙන්නත් හොඳ හේතු තියෙනවා. ඒ ගැන ඔවුන්ට පෙන්නලා දෙන්නයි අවශ්‍ය කියා විද්වතුන් කියනවා.

ජීවත් වෙන්න තියෙන හොඳ හේතු 3ක් දැන් සලකලා බලමු.

^ 3 ඡේ. නම වෙනස් කර ඇත.