Skip to content

පටුනට යන්න

දැනෙන පාළුව, තනිකම මඟහැර ගන්නේ කොහොමද?

දැනෙන පාළුව, තනිකම මඟහැර ගන්නේ කොහොමද?

 ඔයාට පාළුවක්, තනිකමක් දැනෙනවාද? එහෙමනම් ගීතිකාකරුට හැඟුණා වගේම ඔයාටත් හැඟෙනවා ඇති. එයා කිව්වේ “මා දැන් පියස්සක් මත තනි වී සිටින කුරුල්ලෙකු මෙනි” කියලා. (ගීතාවලිය 102:7) හුදෙකලාවේ ඉද්දී ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලේ සඳහන් වෙනවා.

 දෙවියන්ට ළං වෙන්න

 දෙවියන්ව දැන හඳුන ගන්න ඕනෙ කියන දේ තේරුම්ගන්න එකෙනුත් දෙවියන්ව දැන හඳුන ගන්න එකෙනුත් ඔයාට පුළුවන් වෙනවා හුදෙකලාවේ හිටියත් සතුටින් ඉන්න. (මතෙව් 5:3, 6) ඒක කරන්න ඔයාට මේ දේවල් උදව් වෙයි. ඒකට ඔයාට කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ.

සහනයක් ගෙන දෙන බයිබල් පද කියවන්න

  මේ බයිබල් පද හුඟදෙනෙක්ට සහනයක් වෙලා තියෙනවා. එකපාර කොටස් කීපයක් කියවනවා වෙනුවට දැන් ඔයාට කාලේ තියෙන නිසා එක් එක් කොටස කියවලා ඒ ගැන හිතන්න. යාච්ඤා කරන්න.—මාක් 1:35.

ලෝකේ නරක දේවල් වෙන්නේ ඇයි කියලා දැනගන්න

  නරක දේවල් වෙන්නේ ඇයි කියලත් ඒවා නවත්වන්න දෙවියන් කරන්න යන්නේ මොනවාද කියලත් දැනන් ඉන්නවා නම් ඕනෙම අමාරු තත්වයකට වඩාත් හොඳින් මුහුණ දෙන්න ඔයාට පුළුවන්.—යෙසායා 65:17.

අනවශ්‍ය විදිහට කනස්සලු වෙන්න එපා

  හුදෙකලාවේ ඉද්දී ඇති වෙන කනස්සල්ලෙන් ගොඩ එන්නත් “තවදුරටත් කනස්සලු නොවී” ඉන්නත් මේ තොරතුරු ඇතුළත් ලිපි ඔයාට උදව් වෙයි.—මතෙව් 6:25.

මිතුදම් ඇති කරගන්න

  මිතුදම් අපේ හිතටත් මනසටත් ලොකු ප්‍රබෝධයක් ගේනවා. අනිත් අයව හම්බ වෙලා ආශ්‍රය කරන්න බැරි අවස්ථාවලදී මිතුදම් අපිට ලොකු ශක්තියක්. ඔයා ඉන්නේ ගෙදරට කොටු වෙලා නම් කෝල් කරලා හෝ වීඩියෝ කෝල් හරහා දැනටමත් ඔයාට තියෙන මිතුදම් ශක්තිමත් කරගන්නත් අලුත් මිතුදම් ඇති කරගන්නත් ඔයාට පුළුවන්. “සැබෑ මිතුරෙක්” හොයාගන්නත් සැබෑ මිතුරෙක් වෙන්නත් මේ ලිපි ඔයාට උදව් වෙයි.—හිතෝපදේශ 17:17.

නිරෝගීව ඉන්න

  ව්‍යායාම් කරන එක ප්‍රයෝජනවත් කියලා බයිබලේ කියනවා. (1 තිමෝති 4:8) විශේෂයෙන්ම හුදෙකලාවේ ඉද්දී ව්‍යායාම් කරන එක ඔයාගේ මනසට හොඳයි. ගෙදරට කොටු වෙලා හිටියත් නිරෝගීව ඉන්න ඔයාට කරන්න පුළුවන් දේවල් තියෙනවා.