Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

බුක්මාක්ස් දාගන්න—iOS

බුක්මාක්ස් දාගන්න—iOS

‘JW ලයිබ්‍රරි’ එකේ බුක්මාක් කියන අංගය තියෙන නිසා ඔයා කියවන ප්‍රකාශනයක නවත්වපු තැන ලකුණු කරන්න පුළුවන්. හැම ප්‍රකාශනයකටම බුක්මාක්ස් 10ක් තියෙනවා.

බුක්මාක්ස් දාගන්න මේ උපදෙස් පිළිපදින්න:

 අලුත් බුක්මාක් එකක් දාගන්න

ඔයා කියවන ප්‍රකාශනයේ තියෙන ලිපියකට හෝ පරිච්ඡේදයකට බුක්මාක් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයා කියවන ඡේදයකට හෝ බයිබල් පදයකට බුක්මාක් දාගන්නත් පුළුවන්.

පරිච්ඡේදයකට හෝ ලිපියකට බුක්මාක් එකක් දාගන්න බුක්මාක් බට්න් එක ටැප් කරන්න. එතකොට බුක්මාක් ලැයිස්තුවක් පෙන්නනවා. පාවිච්චි කරලා නැති බුක්මාක් එකක් තෝරගන්න.

ඡේදයකට හෝ බයිබල් පදයකට බුක්මාක් එකක් දාගන්න ඕනෙ නම් අදාළ ඡේදය හෝ බයිබල් පදය උඩ ටැප් කරන්න. එතකොට බුක්බාක් බට්න් එක පෙන්නයි. ඒක ටැප් කරන්න.

 බුක්මාක් එකක් දාපු පිටුවට ආපහු යන්න

බුක්මාක් එකක් දාපු පිටුවට ආපහු යන්න ඔයා බුක්මාක් එක දාපු ප්‍රකාශනය තෝරගෙන ටැප් කරන්න. ඊටපස්සේ බුක්මාක් බට්න් එක ටැප් කරන්න. අන්තිමට බුක්මාක් ලැයිස්තුවේ ඔයා දාපු බුක්මාක් එක පෙන්නයි. ඒක ටැප් කරන්න.

 බුක්මාක් එකක් ඩිලීට් කරන්න සහ බුක්මාක් එකක තැන වෙනස් කරන්න

බුක්මාක් එකක් දැම්මාට පස්සේ අවශ්‍ය නම් ඒක වෙනස් කරන්නත් ඩිලීට් කරන්නත් පුළුවන්.

  • බුක්මාක් එකක් ඩිලීට් කරන්න ඕනෙ නම් බුක්මාක් බට්න් එක ටැප් කරන්න. ඊටපස්සේ ඩිලීට් කරන්න ඕන බුක්මාක් එක තෝරලා ඒක වම් පැත්තට අදින්න. එතකොට ඩිලීට් බට්න් එක පෙන්නයි. ඒක ටැප් කරන්න.

  • බුක්මාක් එකේ තැන වෙනස් කරන්න ඕනෙ නම් ප්‍රකාශනයේ අදාළ තැන ටැප් කරන්න. එතකොට බුක්මාක් බට්න් එක පෙන්නයි. ඒක ටැප් කරන්න. ඊටපස්සේ වෙනස් කරන්න ඕන බුක්මාක් එක තෝරලා ඒක වම් පැත්තට ඇදලා රිප්ලේස් බට්න් එක ටැප් කරන්න. එතකොට ඔයා අන්තිමට කියවලා නතර කරපු තැන ඒ බුක්මාක් එක තියෙයි. බයිබලය ඇතුළු ඔයා නිතරම කියවන ප්‍රකාශනවල තැන ලකුණු කරගන්න මේකෙන් හුඟක් පහසුයි.

2014 මැයි මාසයේ මුදාහැරිය ‘JW ලයිබ්‍රරි’ 1.2 වර්ෂන් එකේ මේ අලුත් විශේෂාංග ඇතුළත් කරලා තිබුණා. iOS 6.0 හෝ ඊටපසුව ආපු වර්ෂන්වල මේවා වැඩ කරනවා. මේ විශේෂාංග ඔයාගේ ඩිවයිස් එකේ පෙන්නන්නේ නැත්නම් අලුත්ම විශේෂාංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—iOS” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.