Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

බයිබල් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

බයිබල් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

බයිබලය කියවලා අධ්‍යයනය කරන එක ‘JW ලයිබ්‍රරි’ එකේ ප්‍රධාන අංගයක්.

බයිබල් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න මේ උපදෙස් අනුගමනය කරන්න.

 බයිබලයක් ඩවුන්ලෝඩ් කරන්න

ඕෆ්ලයින් කියවන්න සහ අධ්‍යයනය කරන්න බයිබල් පරිවර්තන ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට පුළුවන්.

  • නැවිගේෂන් බට්න් එක ටැප් කළාම එන බයිබල් ටැබ් එක එබුවම බයිබලයේ තියෙන පොත්වල ලැයිස්තුව දිස් වෙයි.

  • භාෂා බට්න් එක එබුවම බයිබලය තියන ඔක්කොම භාෂාවලින් බයිබල් දකින්න පුළුවන්. ඒ ලැයිස්තුවේ උඩින්ම තියෙන්නේ ඔයා වැඩියෙන්ම පාවිච්චි කරපු භාෂාවේ පරිවර්තනයි. භාෂාවේ නම හෝ පරිවර්තනයේ නම ටයිප් කරලා හොයන්නත් පුළුවන්. උදාහරණයකට ඉංග්‍රීසියෙන් “int” කියලා ටයිප් කළොත් ‘කිංඩම් ඉන්ටලීනියර්’ කියන බයිබලයත් ‘port’ කියලා ටයිප් කළොත් පෘතුගීසි භාෂාවෙන් තියෙන ඔක්කොම බයිබලුත් හොයාගන්න පුළුවන්.

  • Cloud අයිකන් එක (වළාකුලක හැඩය ඇති) දිස් වෙන්නේ ඔයා ඩවුන්ලෝඩ් කරලා නැති බයිබල් පෙන්වන්නයි. ඒ වගේ බයිබලයක් උඩ ටැප් කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. බයිබලය ඔයාගේ ඩිවයිස් එකට ඩවුන්ලෝඩ් වුණාම cloud අයිකන් එක නැති වෙලා යනවා. ආයේ සැරයක් ඒ බයිබලය උඩ ටැප් කළාම කියවන්න පුළුවන්.

ඔයාට ඕනෙ කරන බයිබලය එතන නැත්නම් වෙන වෙලාවක එතනට ගිහින් ආයෙත් බලන්න. මොකද, තවත් බයිබල් පරිවර්තන විටින් විට අපි ඇප් එකට එකතු කරනවා.

 බයිබලයක් ඩිලීට් කරන්න

ඩවුන්ලෝඩ් කරගත්ත බයිබලයක් තවදුරටත් ඕනෙ නැත්නම් හෝ ස්ටෝරේජ් ස්පේස් ඉතුරු කරගන්න ඕනෙ නම් ඒක ඩිලීට් කරන්න පුළුවන්.

නැවිගේෂන් බට්න් එක ටැප් කළාම එන බයිබල් ටැබ් එක ඔබන්න. භාෂා බට්න් එක ටැප් කළාම බයිබල් ලැයිස්තුව එනවා. ඩිලීට් කරන්න ඕන නම් තිත් තුනකින් පෙන්වලා තියෙන තව කියන බට්න් එක ටැප් කරන්න. ඊටපස්සේ ඩිලීට් බට්න් එක ඔබන්න.

 බයිබලයක් අප්ඩේට් කරගන්න

ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත බයිබලය අප්ඩේට් වෙලාද කියලා විටින් විට බලන්න.

බයිබලයක් අප්ඩේට් කරලා නම් එතන refresh අයිකන් එකක් දැකගන්න පුළුවන්. ඔයා බයිබලය උඩ ටැප් කළාම අප්ඩේට් වෙලා කියලා මෙසේජ් එකක් වැටෙනවා. අප්ඩේට් කරගන්න ඕනෙ නම් ඩවුන්ලෝඩ් බට්න් එක ඔබන්න. පසුව කියන බට්න් එක ටැප් කළොත් දැනට තියෙන බයිබලය දිගටම කියවගෙන යන්න පුළුවන්.

මේ අංග මුදාහැරියේ 2015 පෙබරවාරි මාසයේදී ‘JW ලයිබ්‍රරි’ 1.4 වර්ෂන් එකත් එක්ක. ඒක ඇන්ඩ්‍රොයිඩ් 2.3 හෝ පසුව ආපු වර්ෂන්වලත් වැඩ කරනවා. මේ අංග ඔයාගේ ඩිවයිස් එකේ පේන්න නැත්නම් අලුත්ම අංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—ඇන්ඩ්‍රොයිඩ්” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.