Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

බුක්මාක් පාවිච්චි කරන විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

බුක්මාක් පාවිච්චි කරන විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

‘JW ලයිබ්‍රරි’ එකේ තියෙන බුක්මාක් කියන අංගයෙන් ඔයාට පුළුවන් ඔයා කියවන ප්‍රකාශනයක නවත්වපු තැන ලකුණු කරගන්න. ඒක හරියට මුද්‍රිත පොතකට කියවපු තැන ආයේ බලාගන්න රිබන් පටියක් දාගන්නවා වගේ. ‘JW ලයිබ්‍රරි’ එකේ තියෙන හැම ප්‍රකාශනයකටම බුක්මාක් 10 ගාණේ තියෙනවා.

බුක්මාක් පාවිච්චි කරන්න මේ උපදෙස් අනුගමනය කරන්න.

 බුක්මාක් එකක් දාගන්න

ලිපියකට, පරිච්ඡේදයකට, ඡේදයකට නැත්නම් බයිබල් පදයකට වුණත් බුක්මාක් දාගන්න පුළුවන්.

ලිපියකට හරි පරිච්ඡේදයකට හරි බුක්මාක් එකක් දාගන්න බුක්මාක් බට්න් එක ටැප් කරන්න. එතකොට ප්‍රකාශනයට අදාළ බුක්මාක් ටික පෙන්වයි. ඒකෙන් එකක් ටැප් කරලා ඔයා බලන ලිපිය හරි පරිච්ඡේදය හරි ලකුණු කරගන්න.

ඡේදයකට හෝ බයිබල් පදයකට බුක්මාක් දාගන්න ඕනෙ නම් අදාළ තැන අකුරු උඩ ටැප් කළාම මතු වෙන මෙනු එකේ බුක්මාක් බට්න් එක ටැප් කරන්න

 දාපු බුක්මාක් එකකට ආයෙත් යන්න

දාපු බුක්මාක් එකකට ආයෙත් යන්න ඕනෙ නම් ඒක දාපු ප්‍රකාශනයට යන්න. ගිහින් බුක්මාක් බට්න් එක ටැප් කරන්න. ඔයාට ඕන බුක්මාක් එක ටැප් කරන්න.

 තව බුක්මාක් දාන්න හෝ ඩිලීට් කරන්න

බුක්මාක් එක දැම්මාට පස්සේ ඒක ඩිලීට් කරන්න හෝ පරණ එකක් වෙනුවට අලුත් එකක් දාගන්න පුළුවන්.

ඩිලීට් කරන්න නම් බුක්මාක් බට්න් එක ටැප් කරන්න. ඊටපස්සේ ඩිලීට් කරන්න ඕන බුක්මාක් එක ළඟ තියෙන තිත් තුනකින් පෙන්වන තව කියන බට්න් එක ටැප් කරන්න. ඩිලීට් බට්න් එක ටැප් කරන්න.

පරණ බුක්මාක් එක වෙනුවට අලුත් එකක් දාගන්න ඕනෙ නම් බුක්මාක් බට්න් එක ටැප් කරන්න. ඊටපස්සේ මාරු කරන්න ඕන බුක්මාක් එක ළඟ තියෙන තිත් තුන ටැප් කරන්න. රිප්ලේස් අයිකන් එක ටැප් කරන්න. එතකොට පරණ එක වෙනුවට අලුත් එකක් පෙන්නයි. ප්‍රකාශනයක් කියවද්දී නවත්වපු තැන හොයාගන්න ඒක උදව් වෙයි. උදාහරණයකට දිනපතා බයිබලය කියවද්දී ඒක ලොකු උදව්වක් වෙයි.

මේ අංග මුදාහැරියේ 2014 මැයි මාසයේදී ‘JW ලයිබ්‍රරි’ 1.2 වර්ෂන් එකත් එක්ක. ඒක ඇන්ඩ්‍රොයිඩ් 2.3 හෝ පසුව ආපු වර්ෂන්වලත් වැඩ කරනවා. මේ අංග ඔයාගේ ඩිවයිස් එකේ පේන්න නැත්නම් අලුත්ම අංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—ඇන්ඩ්‍රොයිඩ්” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.