Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—වින්ඩෝස්

‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—වින්ඩෝස්

‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් හුඟක් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. මේ ඇප් එක හදලා තියෙන්නේ බයිබලය කියවන්නත් අධ්‍යයනය කරන්නත් උදව්වක් විදිහට. ස්ක්‍රීන් එකේ උඩින්ම තියෙන ටැබ් බාර් එකෙන් මේ ඇප් එකේ ප්‍රධාන අංගවලට යන්න පුළුවන්. ඇප් කමාන්ඩ්ස් බාර් එක ඕපන් කරන්න ඕනෙ නම් රයිට් ක්ලික් කරන්න. නැත්නම් ස්ක්‍රීන් එකේ උඩ ඉඳලා පහළට ඇඟිල්ලෙන් අදින්න.

 මුල් පිටුව

මුල් පිටුව කියන අංගයෙන් ඉක්මනින්ම බයිබලය බලන්න පහසුකම තියෙනවා. ඒ වගේම ඔයා නිතරම බලන ප්‍රකාශන ඒකෙ පෙන්නනවා. අලුත්ම ප්‍රකාශන මොනවාද කියලා දැනගන්නත් දිනපදය බලන්නත් පුළුවන්.

 බයිබලය

බයිබල් ටැබ් එක උඩ ටැප් කළාම විවිධ බයිබල් පරිවර්තන කියවන්නත් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. බයිබලයේ ඔයාට කැමති පොතක් උඩ ටැප් කළාම ඒ පොතේ තියෙන හැම පරිච්ඡේදයක්ම පෙන්නනවා. පරිච්ඡේදයක් උඩ ටැප් කරලා කියවන්න පටන්ගන්න. කියවන ගමන් පාදසටහන්, අමතර යොමු දැක්වීම් සහ වෙනත් බයිබල්වල ඒ පදය තියෙන විදිහ ස්ටඩි පේන් එකේ (අමතර තොරතුරු පෙන්වන කොටසේ) බලාගන්න පුළුවන්.

වෙන බයිබල් පදයක් බලන්න ඕනෙ නම් බයිබලය කියන ටැබ් එක උඩ ටැප් කරලා පොත් කියන ටැබ් එක ටැප් කරන්න. එතකොට බයිබල් පොත්වල ලැයිස්තුව ස්ක්‍රීන් එකේ දිස් වෙයි.

 ප්‍රකාශන

ප්‍රකාශන ටැබ් එක උඩ ටැප් කළොත් ලිපි, ඕඩියෝ සහ වීඩියෝ ප්‍රකාශන ලබාගන්න පුළුවන්. ප්‍රකාශනයක් උඩ ටැප් කරන්න. ඊටපස්සේ ලිපිය උඩ ටැප් කරන්න. දැන් කියවන්න පටන්ගන්න. බයිබල් පදයක් උඩ ටැප් කළාම ඒක ස්ටඩි පේන් එකේ (අමතර තොරතුරු පෙන්වන කොටසේ) පෙන්නනවා. ස්ටඩි පේන් එකේ තියෙන බයිබල් පදයේ ලින්ක් එක උඩ ටැප් කළාම ඒ පදය බයිබලයෙන් බලන්න පුළුවන්.

වෙන ප්‍රකාශනයක් බලන්න ඕනෙ නම් ආයෙත් ප්‍රකාශන ටැබ් එක ටැප් කරන්න. ඊටපස්සේ වර්ගය අනුව කියන එක ටැප් කරන්න. එතකොට ප්‍රකාශන ලැයිස්තුව ස්ක්‍රීන් එකේ දිස් වෙයි.

 දිනපදය

දවසේ පදය බලන්න ඕනෙ නම් ස්ක්‍රීන් එකේ උඩින් තියෙන බාර් එකේ දිනපදය කියන ටැබ් එක ටැප් කරන්න.

 ඔන්ලයින්

ස්ක්‍රීන් එකේ උඩින්ම තියෙන බාර් එකේ ඔන්ලයින් කියන තැන ටැප් කළොත් අපේ නිල වෙබ් අඩවිවලට යන්න පුළුවන්.

 අලුත්ම විශේෂාංග ලබාගන්න

‘JW ලයිබ්‍රරි’ එකේ අලුත් විශේෂාංග ලබාගන්න නම් ඔයාගේ ඩිවයිස් එක නිතරම අප්ඩේට් කරන්න.

ඔයාගේ ඩිවයිස් එකට අලුත්ම වින්ඩෝස් වර්ෂන් එක දාගන්න. තව විස්තර මේ ලින්ක්වලට ගිහින් දැනගන්න:

‘ඩිවයිස් සෙටිංස්’ යටතේ තියෙන ‘ඔටෝමැටික් ඇප් අප්ඩේට්ස්’ එක ‘ඔන්’ කරලා තියෙන එක ඔයාට ලේසියි. තව විස්තර මේ ලින්ක් එකට ගිහින් දැනගන්න: http://windows.microsoft.com/en-gb/windows-8/automatic-app-updates-help.