Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

හයිලයිට් කරන්න - ඇන්ඩ්‍රොයිඩ්

හයිලයිට් කරන්න - ඇන්ඩ්‍රොයිඩ්

‘JW ලයිබ්‍රරි’ එකේ තියෙන ප්‍රකාශන කියවා අධ්‍යයනය කරන ගමන් වචන නැත්නම් වචන කාණ්ඩ හයිලයිට් කරන්න ඔයාට පුළුවන්.

හයිලයිට් කරන්න මේ උපදෙස් අනුගමනය කරන්න.

 හයිලයිට් කරන්න

හයිලයිට් කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා.

වචනයක් උඩ ඔබාගෙන ඉද්දී ඒ වචනය සිලෙක්ට් වෙනවා. සිලෙක්ට් වුණ වචනය දෙපැත්තෙන් එන හැන්ඩ්ල් පාවිච්චි කරලා හයිලයිට් කරන්න ඕන දිග ප්‍රමාණය තීරණය කරගන්න පුළුවන්. සිලෙක්ට් කරපු තැනට උඩින් මතු වෙන මෙනු එකේ එන හයිලයිට් බට්න් එක ටැප් කරලා කැමති පාටක් තෝරගන්න.

වචනයක් හෝ වචන කාණ්ඩයක් එක සැරේ හයිලයිට් කරන්න කැමති නම් වචනයක් උඩ ඔබාගෙන ඉඳලා ඒක සිලෙක්ට් වුණාම හයිලයිට් කරන්න ඕන ප්‍රමාණය එක දිගට ඇඟිල්ලෙන් ඇදගෙන යන්න. ඒත් එක්කම උඩින් මතු වෙන මෙනු එක පාවිච්චි කරලා පාට වෙනස් කරගන්න හෝ ඩිලීට් කරන්න පුළුවන්.

 හයිලයිට් කරපු පාට වෙනස් කරගන්න

හයිලයිට් කරපු පාට වෙනස් කරගන්න ඕනෙ නම් හයිලයිට් කරපු කොටස ටැප් කළාම මතු වෙන මෙනු එකෙන් පාට වෙනස් කරගන්න. හයිලයිට් කරපු එක අයින් කරන්න ඕනෙ නම් ඒ කොටස ටැප් කරලා ඩිලීට් බට්න් එක ඔබන්න.

මේ අංග මුදාහැරියේ 2015 නොවැම්බර් මාසයේදී ‘JW ලයිබ්‍රරි’ 1.6 වර්ෂන් එකත් එක්ක. ඒක ඇන්ඩ්‍රොයිඩ් 4.0 හෝ පසුව ආපු වර්ෂන්වලත් වැඩ කරනවා. මේ අංග ඔයාගේ ඩිවයිස් එකේ පේන්න නැත්නම් අලුත්ම අංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න​—ඇන්ඩ්‍රොයිඩ්” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.