Skip to content

පටුනට යන්න

2වෙනි පාඩම

බයිබලය ජීවිතයට බලාපොරොත්තුවක් දෙනවා

බයිබලය ජීවිතයට බලාපොරොත්තුවක් දෙනවා

හැමෝම වගේ හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ නිසා එයාලා ඉන්නේ දුකෙන්, කනස්සල්ලෙන්, ලොකු වේදනාවකින්. ඔයාත් ඒ වගේ කෙනෙක්ද? අසනීපයක් නිසා, ඔයා ආදරය කරන කෙනෙක්ගේ මරණය නිසා ඔයා ඉන්නේ දුකෙන්ද? එහෙමනම් මේ දුක් කරදර ඉවර වෙලා කවදා හරි අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයිද කියලා ඔයාත් හිතනවා ඇති. ඒ ගැන බයිබලයේ තියෙන දේ දැනගද්දී ඔයාට ලොකු සහනයක් ලැබෙයි.

1. බලාපොරොත්තුවක් ඇතුව ඉන්න බයිබලය අපිට උදව් වෙන්නේ කොහොමද?

මේ ලෝකයේ මෙච්චර ප්‍රශ්න තියෙන්නේ ඇයි කියලා බයිබලයේ පැහැදිලි කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ හැම ප්‍රශ්නයක්ම තව ටික කාලෙකින් ඉවර වෙනවා කියලත් ඒකේ කියනවා. බයිබලයේ තියෙන පොරොන්දු නිසා “ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක්” තියාගන්න අපිට පුළුවන්. (යෙරෙමියා 29:11, 12 කියවන්න.) දැන් ප්‍රශ්න තිබුණත් ඒවාට හොඳින් මුහුණ දීලා සතුටින් ඉන්න ඒ බලාපොරොත්තුව අපිට උදව් වෙනවා. ඉස්සරහට හැමදාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසයෙන් ඉන්නත් ඒක අපිට උදව් වෙනවා.

2. අපේ අනාගතය මොන වගේ එකක් වෙනවා කියලාද බයිබලයේ කියන්නේ?

බයිබලයේ කියන්නේ ඉස්සරහට ‘මරණය, වැලපීම, හැඬීම, වේදනාව නැත්තටම නැති වෙනවා’ කියලයි. (එළිදරව් 21:4 කියවන්න.) ඒ කියන්නේ අපිව අසරණ කරන දුප්පත්කම, අසාධාරණකම්, අසනීප, මරණය වගේ හැම දෙයක්ම නැති වෙනවා කියන එකයි. එදාට ලස්සන පොළොවක මිනිස්සු හැමදාටම සතුටින් ජීවත් වෙන්න යනවා.

3. බයිබලයේ තියෙන පොරොන්දු ගැන විශ්වාසයක් ඇති කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

මිනිස්සුන්ගේ හිතේ හුඟක් බලාපොරොත්තු තියෙනවා. ඒත් ඒවා ඉටු වෙයිද කියන එක ගැන හරියටම විශ්වාසයක් තියන්න බැහැ. හැබැයි බයිබලයේ තියෙන පොරොන්දු අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ ගැන විශ්වාසයක් ඇති කරගන්න නම් අපි බයිබලයේ තියෙන දේවල් ‘හොඳින් පරීක්ෂා කරලා බලන්න’ ඕනේ. (ක්‍රියා 17:11) ඔයා බයිබලයේ තියෙන දේවල් හොඳට හොයලා බලද්දී ඔයාටම තේරෙයි ඒකෙ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද බැරිද කියලා.

තවත් හොයමු

අනාගතය ගැන බයිබලයේ තියෙන පොරොන්දු කීපයක් ගැන බලමු. ඒ පොරොන්දු හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න.

4. කිසිම දුකක් කරදරයක් නැතුව හැමදාටම ජීවත් වෙන්න අපිට පුළුවන් කියලා බයිබලයේ පොරොන්දු වෙනවා

බයිබලයේ දීලා තියෙන පොරොන්දු කීපයක් පහත සඳහන් වෙනවා. ඒ පොරොන්දුවලින් ඔයා වැඩියෙන් ආස මොන එකටද? ඒ ඇයි?

ඒ පොරොන්දු සඳහන් වෙන බයිබල් පද කියවලා මේ ප්‍රශ්න ගැන හිතන්න.

  • ඒ බයිබල් පදවලින් ඔයාගේ හිතට බලාපොරොත්තුවක් ලැබුණාද? ඔයාගේ පවුලේ අයට, යාළුවන්ට ඒ පොරොන්දුවලින් සහනයක් ලැබෙයිද?

මේ වගේ කාලෙක ජීවත් වෙන එක හිතින් මවාගන්න

  • එදාට ඔයා වේදනා විඳින්නෙවත් වයසට යන්නෙවත් මැරෙන්නෙවත් නැහැ.—යෙසායා 25:8.

  • එදාට, මිය ගිය අයට ආයෙත් මේ පොළොවේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන විදිහ දකින්න ඔයාට පුළුවන් වෙනවා.—යොහන් 5:28, 29.

  • අසනීප වෙන්නෙවත් ආබාධයක් නිසා දුක් විඳින්නෙවත් නැහැ.—යෙසායා 33:24; 35:5, 6.

  • ඔයාට හොඳ සෞඛ්‍යයක් තියෙන්න යනවා. ඔයා තරුණ වෙනවා.—යෝබ් 33:25.

  • අමිහිරි මතකයන් නිසා වේදනා විඳින්නේ නැහැ.—යෙසායා 65:17.

  • කිසිම දේකින් අඩුවක් නැතුව හැමදාටම ජීවත් වෙන්න පුළුවන් වෙනවා.—ගීතාවලිය 37:29.

5. බයිබලයේ තියෙන පොරොන්දු දැනුත් සතුටින් ඉන්න අපිට උදව් වෙනවා

හැම තැනම තියෙන ප්‍රශ්න ගැටලු නිසා හුඟක් අය ඉන්නේ කලකිරිලා, කේන්තියෙන්. සමහරු අසාධාරණයට විරුද්ධව සටන් කරන්න හදනවා. බයිබලයේ තියෙන පොරොන්දු ඒ වගේ අයට උදව් වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • රෆිකා දුකෙන් හිටියේ සිද්ධ වුණු මොන අසාධාරණකම් නිසාද?

  • අසාධාරණකම් දිගටම තිබුණත් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්ත එක එයාට උදව් වුණේ කොහොමද?

මානසිකව වැටිලා ඉද්දී ඒකෙන් ගොඩ එන්න, ප්‍රශ්න තිබුණත් සතුටින් ඉන්න අනාගතය ගැන බයිබලයේ දීලා තියෙන පොරොන්දු අපිට උදව් වෙනවා. හිතෝපදේශ 17:22 සහ රෝම 12:12 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ප්‍රශ්න තිබුණත් සතුටින් ඉන්න බයිබලයේ තියෙන පොරොන්දු ඔයාට උදව් වෙයි කියලා ඔයා හිතනවාද? එහෙම හිතන්නේ ඇයි?

සමහරු මෙහෙම කියනවා: “බයිබලයේ තියෙන පොරොන්දු නිකම්ම නිකම් සුරංගනා කතා විතරයි.”

  • ඒ පොරොන්දු විශ්වාස කරන්න පුළුවන්ද කියලා ඔයාම හොයලා බලන්න ඕනෙ කියලා ඔයා හිතනවාද? එහෙම හිතන්නේ ඇයි?

ඉගෙනගත්ත දේ

බයිබලයේ අපිට පොරොන්දු වෙනවා ඉස්සරහට අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒ පොරොන්දු ගැන හිතන එක ප්‍රශ්න තිබුණත් සතුටින් ඉන්න අපිට උදව් වෙනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • බයිබලයේ තියෙන පොරොන්දු ගැන හැමෝම දැනගන්න ඕනෙ ඇයි?

  • ඉස්සරහට මොනවා වෙයි කියලාද බයිබලයේ කියන්නේ?

  • අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවකින් ඉන්න එක දැනුත් සතුටින් ඉන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

ප්‍රශ්න තිබුණත් සතුටින් ඉන්න බලාපොරොත්තුව උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

“බලාපොරොත්තුව ඔබට එය සොයාගත හැක්කේ කොහෙන්ද?” (2004 මැයි 8 ‘පිබිදෙව්!’)

බරපතළ අසනීප තියෙන අයට බයිබලයේ තියෙන පොරොන්දු උදව් වුණේ කොහොමද කියලා දැනගන්න.

“බරපතළ අසනීපයක් දරාගන්නේ කොහොමද?” (වෙබ් ලිපිය)

මේ සිංදුව බලද්දී බයිබලයේ සඳහන් වෙන ලස්සන කාලයේ ඔයායි, ඔයාගේ පවුලේ අයයි ජීවත් වෙන විදිහ හිතින් මවාගන්න.

‘සිතින් මවාගන්න’ (3:37)

අසාධාරණයට විරුද්ධව සටන් කරපු කෙනෙක්ගේ ජීවිතේ බයිබලයේ තියෙන පොරොන්දු ගැන දැනගත්තාට පස්සේ වෙනස් වුණේ කොහොමද කියලා දැනගන්න.

“මේ ලෝකෙ වෙනස් කරන්න ඕන කියලා හිතලා දැන් මං ළත වෙන්නෑ” (2013 ජූලි 1 ‘මුරටැඹ’)