Skip to content

පටුනට යන්න

1වෙනි පාඩම

ඔයාගේ ජීවිතේට වටිනා තොරතුරු තියෙන පොතක්

ඔයාගේ ජීවිතේට වටිනා තොරතුරු තියෙන පොතක්

අපේ ජීවිතේ ගැන, අපි දුක් විඳින එක ගැන, මරණය ගැන, අපේ අනාගතය ගැන අපි හැමෝටම වගේ හුඟක් ප්‍රශ්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි පවුලේ අයට කන්න බොන්න දෙන්නේ කොහොමද, පවුලක් විදිහට සතුටින් ඉන්නේ කොහොමද වගේ දවස ගානේ අපේ හිතට වධ දෙන දේවලුත් තියෙනවා. ජීවිතේ ගැන අපිට තියෙන වැදගත් ප්‍රශ්නවලට උත්තර වගේම ජීවිතේ හොඳින් ගත කරන්න උදව් වෙන තොරතුරුත් බයිබලයෙන් හොයාගන්න පුළුවන්. බයිබලයේ තියෙන දේවල් හැමෝටම ප්‍රයෝජනවත් කියලා ඔයා හිතනවාද?

1. බයිබලයෙන් උත්තර හොයාගන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නවලටද?

මේ වගේ වැදගත් ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවා. අපි ඉපදුණේ දුක් විඳලා ටික කාලෙකින් මැරිලා යන්නද? හොඳ මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ ඇයි? කෙනෙක් මැරුණාට පස්සේ වෙන්නේ මොනවාද? හැමෝටම ඕනෙ සාමයෙන්, සමඟියෙන් ඉන්න නම් ඇයි මිනිස්සු මේ තරම් යුද්ධ කරන්නේ? හැම දෙයක්ම ඇති වුණේ කොහොමද? ඉස්සරහට මේ පොළොවට වෙන්නේ මොකක්ද? අපේ හිතට එන ඒ වගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න කියලා බයිබලයෙත් කියනවා. හුඟක් අය ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලයෙන් හොයාගෙන තියෙනවා.

2. සතුටින් ඉන්න බයිබලයේ තියෙන තොරතුරු අපිට උදව් වෙන්නේ කොහොමද?

සතුටින් පවුල් ජීවිතය ගත කරන්නේ කොහොමද, හිතට ලොකු බරක් දැනෙද්දී කරන්න පුළුවන් මොනවාද, සතුටින් රස්සාව කරන්නේ කොහොමද වගේ දේවල් ගැන බයිබලයේ තියෙනවා. ඒ වගේ දේවල් ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා මේ පොතෙන් දැනගන්න පුළුවන්. මේ පොතේ තියෙන තොරතුරු බලද්දී “මුළු ශුද්ධ ලියවිල්ලම” ඒ කියන්නේ බයිබලයේ තියෙන හැම දේම “ප්‍රයෝජනවත්” කියලා ඔයා තේරුම්ගනියි.—2 තිමෝති 3:16.

මේ ප්‍රකාශනය හදලා තියෙන්නේ ඔයාට බයිබලයේ තියෙන තොරතුරු කියවලා තේරුම්ගන්න උදව්වක් විදිහට. ඒ නිසා මේ ප්‍රකාශනයේ තියෙන තොරතුරු ඉගෙනගන්න ගමන් ඒකේ තියෙන බයිබල් පදත් කියවලා ඒවා ගැන හොඳට හිතලා බලන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා.

තවත් හොයමු

බයිබලයේ තියෙන තොරතුරු මිනිසුන්ට උදව් වෙලා තියෙන්නේ කොහොමද, ඒක කියවලා සතුටක් ලබන්න පුළුවන් කොහොමද සහ ඒක තේරුම්ගන්න අනිත් අයගේ උදව් ගන්න එක හොඳ දෙයක් වෙන්නේ ඇයි කියලා බලමු.

3. අපේ ජීවිතේට ඕනෙ කරන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා

බයිබලය හරියට අඳුරු පාරක යන්න උදව් වෙන එළියක් වගේ. අපිට පුළුවන් ඒකෙ තියෙන තොරතුරු පාවිච්චි කරලා අපේ ජීවිත ගමනේ හොඳ තීරණ ගන්න. ඉස්සරහට වෙන්න යන්නේ මොනවාද කියලා දැනගන්න.

ගීතාවලිය 119:105 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඒ වචන ලියපු කෙනාට බයිබලය ගැන දැනුණේ කොහොමද?

  • බයිබලය ගැන ඔයාට දැනෙන්නේ කොහොමද?

4. අපේ ප්‍රශ්නවලට උත්තර බයිබලයෙන් හොයාගන්න පුළුවන්

අවුරුදු ගාණක් තිස්සේ හිතට වධ දුන්න ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර හොයාගන්න එක කාන්තාවකට පුළුවන් වුණා. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • වීඩියෝ එකේ හිටපු කාන්තාවගේ හිතට වධ දුන්නේ මොන ප්‍රශ්නද?

  • බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්ත එක එයාට උදව් වුණේ කොහොමද?

අපේ හිතට එන ප්‍රශ්නවලට උත්තර හොයන්න කියලා බයිබලයේ කියනවා. මතෙව් 7:7 කියවලා මේ ගැන කතා කරන්න.

  • ඔයා කැමති බයිබලයෙන් මොන ප්‍රශ්නවලට උත්තර හොයාගන්නද?

5. බයිබලය කියවන එකෙන් සතුටක් ලබන්න ඔයාට පුළුවන්

හුඟක් අය බයිබලය කියවලා ලොකු සතුටක් අද්දකිනවා. හුඟක් ප්‍රයෝජනත් ලබනවා. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • පොත් පත් කියවන එක ගැන වීඩියෝ එකේ ඉන්න යෞවනයන්ට දැනෙන්නේ කොහොමද?

  • ඒත් එයාලා බයිබලය කියවන්න ආස ඇයි?

බයිබලයේ තියෙන තොරතුරුවලින් අපේ ජීවිතේට සැනසිල්ලක්, බලාපොරොත්තුවක් ලැබෙනවා කියලා බයිබලයේ කියලා තියෙනවා. රෝම 15:4 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • බයිබලයෙන් සැනසිල්ලක්, බලාපොරොත්තුවක් ලබාගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න ඔයා ආසද?

6. අනිත් අයටත් පුළුවන් ඔයාට උදව් කරන්න

බයිබලය තනියම කියවන එකෙන් වගේම ඒකෙ තියෙන තොරතුරු තේරුම්ගන්න තව කෙනෙක්ගේ උදව් ගන්න එකෙනුත් හුඟක් අය ප්‍රයෝජන ලබලා තියෙනවා. ක්‍රියා 8:26-31 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?—30 සහ 31 පද බලන්න.

බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න ඉතියෝපියානු ජාතිකයාට තව කෙනෙක්ගේ උදව් ඕනෙ වුණා. අනිත් අයගෙන් උදව් ලබාගත්ත නිසා හුඟදෙනෙක්ට පුළුවන් වෙලා තියෙනවා බයිබලයේ තියෙන තොරතුරු හොඳින් තේරුම්ගන්න

සමහරු මෙහෙම කියනවා: “බයිබලය ගැන ඉගෙනගන්න එක කාලේ නාස්ති වෙන වැඩක්.”

  • ඒ ගැන ඔයා හිතන්නේ මොකක්ද? ඔයා එහෙම හිතන්නේ ඇයි?

ඉගෙනගත්ත දේ

එදිනෙදා ජීවිතේට ඕනෙ කරන මඟ පෙන්වීම්, හිතට වධ දෙන ප්‍රශ්නවලට උත්තර වගේම ජීවිතේට සැනසිල්ලක් සහ බලාපොරොත්තුවක් බයිබලයෙන් ලැබෙනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • ඔයාගේ ජීවිතේට උදව් වෙන මොන දේවල් ගැනද බයිබලයෙන් දැනගන්න පුළුවන්?

  • ඔයාට බයිබලයෙන් හොයාගන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නවලට උත්තරද?

  • ඔයා බයිබලයෙන් දැනගන්න කැමති මොන වගේ දේවල් ගැනද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

බයිබලයේ තියෙන තොරතුරු අදටත් ගැළපෙන්නේ කොහොමද කියලා දැනගන්න.

“හැමදාටම වටිනා තොරතුරු” (2018 අංක 1 ‘මුරටැඹ’)

පොඩි කාලේ ඉඳන් ජීවිතේ ගැන කලකිරිලා හිටපු කෙනෙක්ට බයිබලයේ තියෙන තොරතුරු උදව් වුණේ කොහොමද කියලා බලන්න.

‘මං දැන් ඉන්නේ හරිම සතුටින්’ (2:53)

පවුලේ හැමෝටම බයිබලයේ දීලා තියෙන මඟ පෙන්වීම් ගැන දැනගන්න.

“පවුලේ සතුටට යෝජනා 12ක්” (2018 අංක 2 ‘පිබිදෙව්’)

ලෝකේ පාලනය කරන්නේ කවුද කියන එක ගැන හුඟදෙනෙක්ට තියෙන්නේ වැරදි මතයක්. හරි අදහස බයිබලයෙන් දැනගන්න.

‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි? - සම්පූර්ණ වීඩියෝව’ (3:14)