ගීතාවලිය 72:1-20

සලමොන් ගැනය. 72  දෙවියනි, ඔබේ නියෝග ගැන රජුට උගන්වන්න.+ඔබේ ධර්මිෂ්ඨකම ගැන රජුගේ පුත්‍රයාට කියා දෙන්න.+   ඔහු ඔබේ සෙනඟ වෙනුවෙන් ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරයි.+පීඩාවට ලක් වූ ඔබේ ජනයාට යුක්තිය ඉටු කර දෙයි.+   ධර්මිෂ්ඨකම නිසා ඇති වන සමාදානයකඳු සහ හෙල් අතරින් ජනතාව අතරට ගලා බසියි.+   සෙනඟ අතරේ සිටින පීඩිතවූවන්ට ඔහු යුක්තිය ඉටු කර දෙයි.+දුගී දුප්පත් අයව බේරාගනියි.වංචනිකයන්ව පාගා පොඩි කර දමයි.   දෙවියනි, ඉර සඳ පවතින තෙක්+ ඔවුහු ඔබ කෙරෙහි ගරුබිය ඇතුව සිටින්නෝය.පරම්පරාවක් පාසා පරම්පරාවක් ඔවුහු ඔබට ගරුබිය පෙන්වන්නෝය.+   ඔහුගේ පාලනය කැපූ තණ පිටියක් මතට ඇද හැළෙන වර්ෂාව මෙනි.+පොළොව තෙත් කරන වැසි මෙනි.+   ඔහුගේ පාලන සමයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය.+සඳ පවතින තෙක් බොහෝ සමාදානය තිබෙන්නේය.+   මුහුදෙන් මුහුදටද+මහ ගංගාවේ* සිට+ පොළොවේ සියලු සීමා දක්වාද ඔහුගේ පාලනය විහිදී යන්නේය.+   කාන්තාරවල වැසියෝ ඔහු ඉදිරියේ වැඳ වැටෙන්නෝය.+ඔහුගේ සතුරෝද දූවිලි කන්නෝය.+ 10  තර්ෂිෂ්හි රජවරුද දූපත්වල රජවරුද+තෑගි ගෙනෙන්නෝය.+ෂෙබාහි රජවරුද සෙබාහි රජවරුද ඔහුටතෑගි බෝග දෙන්නෝය.+ 11  ඔහු ඉදිරියේ සියලු රජවරු වැඳ වැටෙන්නෝය.+සියලු ජාතීහු ඔහුට සේවය කරන්නෝය.+ 12  මන්ද උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය.+පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය.+ 13  අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය.+දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය.+ 14  පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය.ඔවුන්ගේ ජීවිත* ඔහුට බොහෝ සේ වටින්නේය.+ 15  රජ දිගු කල් ජීවත් වේවා!+ ෂෙබාහි රන්වලින් කොටසක් ඔහුට දෙනු ලැබේවා!+නිරතුරුවම ඔහු වෙනුවෙන් අයැදිනු ලැබේවා!දවස මුළුල්ලේම ඔහුට ප්‍රශංසාව ලැබේවා!+ 16  පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි.+කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.+සරුසාරව තිබෙන ලෙබනොන් වනාන්තරය මෙන් ඔහු ලබන අස්වැන්නද සරු වන්නේය.+නුවරේ වැසියෝ පොළොවේ තණකොළ මෙන් බහුල වන්නෝය.+ 17  රජගේ නාමය සදහටම පවතීවා!+සූර්යයා පවතින තාක් කල් ඔහුගේ නාමය වැජඹේවා!ඔහු මාර්ගයෙන් සෙනඟ ආශීර්වාද ලබාගන්නෝය.+සියලු ජාතීහු ඔහු සන්තෝෂවත්යයි ප්‍රකාශ කරන්නෝය.+ 18  පුදුමසහගත ක්‍රියා කරන එකම තැනැත්තා+ වනඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+ 19  ඔහුගේ තේජවත් නාමය සදාකාලයෙන් සදාකාලයටම ගෞරවයට පත් වේවා!+ඔහුගේ තේජසින් මුළු පොළොවම පිරී යනු ලැබේවා!+ආමෙන්, ආමෙන්. 20  යෙස්සේගේ පුත්+ දාවිත්ගේ යාච්ඤාවල අවසානය මෙයයි.

පාදසටහන්

එනම්, යුප්‍රටීස් ගඟේ.
මූ.අ., “රුධිරය.”