යෙසායා 35:1-10

35  වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය.+ පාළුකරය කෙතේ මලක්* මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය.+  දේශය පුරාම මල් හටගනියි.+ ප්‍රීති ඝෝෂා හා සතුටු ගී නද රැව් පිළිරැව් දෙයි.+ මුළු දේශයම ලෙබනොන් දේශය මෙන් සශ්‍රීක වන්නේය.+ එහි සුන්දරත්වය කර්මෙල්+ කන්ද මෙන්ද ෂාරොන් තැනිතලාව+ මෙන්ද වන්නේය. එහි වැසියෝ යෙහෝවා දෙවිගේ තේජස දකින්නෝය.+ අපේ දෙවිගේ අලංකාරය සියලුදෙනාම දැකගනු ඇත.+  ජනයෙනි, දුර්වල වූ දෑත්ද වෙවුලන පාදද සවිමත් කරන්න.+  කනස්සල්ලෙන්+ සිටින අයව දිරිමත් කරමින් මෙසේ කියන්න. “භය නොවන්න.+ ධෛර්යවත් වන්න!+ මන්ද ඔබේ දෙවි පැමිණ ඔබට පීඩා කරන අයට නිසි දඬුවම් දී+ ඔබව ගලවාගන්නේය.”+  ඒ කාලයේදී අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය.+ බිහිරි අයගේ කන් ඇරෙන්නේය.+  කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය.+ ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝය.+ මන්ද කාන්තාරයේ දිය උල්පත් බිඳී යයි. පාළුකරයේ ඇළදොළ, ගංගා ගලා බසියි.  වියළි දේශය දිය පොකුණක් මෙන් වන්නේය. ඉරි තැළී ගිය භූමියෙන් පවා දිය උනන්නේය.+ හිවලුන් ලැග සිටි ස්ථානය+ නිල් තණබිමක් බවට පත් වෙයි. එහි බට ගස්ද පැපිරස්+ ගස්ද වැඩෙයි.  ඒ දේශයෙහි මාර්ගයක්+ ඉදි කරනු ලබයි. එය ශුද්ධ මඟ ලෙස හඳුන්වනු ඇත.+ අපවිත්‍ර වූ කිසිවෙක් එහි ගමන් නොකරයි. අඥානයා ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැත.+ එහි ගමන් කරන්නේ අවසර ලැබූ අය පමණි.  එහි සිංහයන්වද දරුණු වනසතුන්වද හමු වන්නේ නැත.+ එහි ගමන් කරන්නේ මුදවාගනු ලැබූ අය පමණි.+ 10  යෙහෝවා දෙවි ගලවාගත් අය ඉමහත් ප්‍රීතියෙන්+ නැවත සියොන් වෙතට පැමිණෙන්නෝය.+ යළි කෙදිනකවත් ඔවුන්ට දුකක්වත් ශෝකයක්වත් දැනෙන්නේ නැත.+ ඔවුන්ගේ සතුට සදහටම පවතින්නේය.+

පාදසටහන්

මුල් භාෂාවේ කතා කරන්නේ කුංකුම (සැෆ්රන්) පුෂ්පය ගැනය.