Skip to content

පටුනට යන්න

AspctStyle/stock.adobe.com

සිහි කිරීමට ආරාධනා කරමු

යේසුස් යුද්ධවලට තිත තියයි!

යේසුස් යුද්ධවලට තිත තියයි!

 යේසුස්ට මිනිස්සු ගැන තියෙන්නේ ලොකු ආදරයක්. ඒ නිසයි ඔහු අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කළේ. (මතෙව් 20:28; යොහන් 15:13) ඒ ආදරය නිසා යේසුස් ළඟදීම තවත් දෙයක් කරනවා. ඔහු දේවරාජ්‍යයේ රජ විදිහට ඔහුට තියෙන බලය පාවිච්චි කරලා “පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වා” දාන්න පොරොන්දු වෙලා තියෙනවා.—ගීතාවලිය 46:9.

 යේසුස් කරන්න යන දේවල් ගැන බයිබලයේ කියන දේ බලන්න:

  •   “උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය. අසරණයාටද දිලින්දාටද ඔහු අනුකම්පා කරන්නේය. දුප්පතුන්ගේ දිවි රැක දෙන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය. ඔවුන්ගේ ජීවිත ඔහුට බොහෝ සේ වටින්නේය.”—ගීතාවලිය 72:12-14.

 යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන සහ කරන්න යන හැම දේකටම අගය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? ලූක් 22:19 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා ඔහුගේ මරණය සිහි කරන්න කියලා. ඒ නිසයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරන්න එකතු වෙන්නේ. 2024 මාර්තු 24 ඉරිදා ඒ අවස්ථාවට සහභාගි වෙන්න කියලා අපි ඔයාටත් ආරාධනා කරනවා.

සිහි කිරීම පවත්වන තැනක් දැනගන්න