Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

දිලිඳුකම කවදා හරි නැති වෙයිද?

දෙවියන් ලෝකයෙන් දිලිඳුකම නැති කරන්නේ කොහොමද?—මතෙව් 6:9, 10.

අන්ත දුගීකම නිසා හැම අවුරුද්දකම මිලියන ගණන්දෙනා මන්දපෝෂණයට සහ ලෙඩ රෝගවලට ගොදුරු වෙලා මැරෙනවා. ලෝකයේ ධනවත් රටවල් තිබුණත් මිනිසුන්ගෙන් වැඩිහරියක් ඉන්නේ දිලිඳුකමින්. දිලිඳුකම එදා ඉඳන්ම තිබුණ දෙයක් කියලා බයිබලයේ කියනවා.—යොහන් 12:8 කියවන්න.

දිලිඳුකම නැති කරන්න නම් ලෝකෙටම එක ආණ්ඩුවක් තියෙන්න ඕනේ. ලෝකයේ සම්පත් සාධාරණව බෙදාහරින්නත් දිලිඳුකමට ප්‍රධාන හේතුවක් වන යුද්ධ නැති කරන්නත් ඒ ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ. මුළු ලෝකෙටම ඒ වගේ ආණ්ඩුවක් ගේනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—දානියෙල් 2:44 කියවන්න.

දිලිඳුකම නැති කරන්න පුළුවන් කාටද?

මිනිස් වර්ගයාව පාලනය කරන්න දෙවියන් පත් කරලා තියෙන්නේ ඔහුගේ පුතා වන යේසුස්වයි. (ගීතාවලිය 2:4-8) යේසුස් පීඩාවලින් හා සැහැසික ක්‍රියාවලින් දිලිඳුන්ව ගලවගන්නවා.—ගීතාවලිය 72:8, 12-14 කියවන්න.

අනාවැකිවල කියලා තියෙන විදිහට “සමාදානයේ කුමාරයා” වන යේසුස් මුළු ලෝකයම සාමය හා සුරක්ෂිතභාවය පිරි තැනක් කරනවා. එදාට හැමෝම තමන්ගේම ගෙවල්වල ජීවත් වෙනවා. වැඩවලින් නියම සතුටක් ලබනවා. කෑම බීමවලිනුත් අඩුවක් නැහැ.—යෙසායා 9:6, 7; 65:21-23 කියවන්න.