Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

ප්‍රබලයි ඒත් සංවේදීයි

ප්‍රබලයි ඒත් සංවේදීයි

කිඹුලාට තියෙන්නේ හරිම ශක්තිමත් හකු යුගළක්. උදාහරණයකට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කරදිය කිඹුලෙක් හපා කද්දී, ඌ ගොදුර මත ඇති කරන පීඩනය සිංහයෙක්, කොටියෙක් ගොදුරක් හපද්දී ඒ මත ඇති කරන පීඩනයට වඩා තුන්ගුණයකින් වැඩියි. ඒත් පුදුමේ කියන්නේ උගේ හකු ප්‍රදේශය අපේ ඇඟිලි තුඩුවලටත් වඩා සංවේදීයි. ඒකට හේතුව මොකක්ද?

කිඹුලාගේ මුළු හකු ප්‍රදේශයම සංවේදී ස්නායු දහස් ගණනකින් ආවරණය වෙලයි තියෙන්නේ. පර්යේෂකයන් කියන විදිහට කිඹුලාගේ හිස ප්‍රදේශය පුරාත් කට ඇතුළෙත් කුඩා ගැටිති දහස් ගණනක් තියෙනවා. මේ ගැටිතිවලට සම්බන්ධ වෙන ස්නායු අතු විදිහට බෙදිලා ඒවා උගේ මොළයට සම්බන්ධ වෙනවා. සමහර තැන් කොච්චර සංවේදීද කියනවා නම් ඒක මනින්න උපකරණත් නැහැ. කටට ගන්න කෑම හා වෙනත් දේවල් අතර වෙනස ඌට හඳුනාගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් කිසිම හානියක් නොකර පැටවුන්ව කටේ රඳවාගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ඒ නිසයි. කරදිය කිඹුලාගේ හක්ක ශක්තියෙත් සංවේදී බවෙත් සංකලනයක් කියලා කිව්වොත් වැරදි නැහැ.

ඔබේ නිගමනය කුමක්ද? කිඹුලාට ඒ වගේ හකු යුගළක් ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?