Skip to content

විශාරදයන් යේසුස් කියලා කෙනෙක් හිටියා කියන එක පිළිගන්නවද?

විශාරදයන් යේසුස් කියලා කෙනෙක් හිටියා කියන එක පිළිගන්නවද?

 ඔව්. ඒකට විශාරදයන්ට හේතු ගොඩක් තියෙනවා. පළවෙනි සහ දෙවෙනි සියවස්වල හිටපු ඉතිහාසඥයන් යේසුස් ගැන සහ ඔහුගේ අනුගාමිකයන් ගැන තොරතුරු වාර්තා කළා. ඒ වාර්තා ගැන විශ්වකෝෂයක මෙහෙම කියනවා. “මේ වාර්තාවලින් පැහැදිලි වෙන්නේ ක්‍රිස්තියානි ආගමට අකමැති අය පවා යේසුස් කියලා කෙනෙක් හිටියා කියන එක පිළිගන්නවා කියන එකයි. යේසුස් ගැන සැක මතු වෙන්න පටන්ගත්තේ 18වන සියවසේ අග භාගයේ ඉඳලා 20වන සියවසේ මුල් භාගයේ අතර කාලයේයි. කොහොමවුණත් සැක මතු කරන්න කිසිම පදනමක් තිබුණේ නැහැ.” (Encyclopædia Britannica, 2002 Edition)

 තවත් පොතෙක මෙහෙම තිබුණා. “යුදෙව්වෙක් වුණ යෝසෙප්ට යේසුස් කියලා පුතෙක් හිටියා කියලා හැම ප්‍රසිද්ධ විශාරදයෙක්ම පිළිගන්නවා. යේසුස්ගේ ජීවිතය සහ ඔහුගේ ඉගැන්වීම් ගැන ඔවුන් දැන් හුඟක් තොරතුරු දන්නවා.”—Jesus and Archaeology.

 යේසුස් සැබෑ කෙනෙක් කියලා බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙනවා. යේසුස්ගේ පවුලේ කිට්ටු අය ගැනත් ඔහුගේ පෙළපත ගැනත් තොරතුරු බයිබලයේ තියෙනවා. (මතෙව් 1:1; 13:55) යේසුස්ගේ කාලයේ හිටිය ප්‍රසිද්ධ පාලකයන්ගේ නම් පවා බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 3:1, 2) බයිබලයේ තියෙන තොරතුරු කොච්චර ඇත්තද කියලා හොයන කෙනෙක්ට ඒ තොරතුරු ප්‍රයෝජනවත්.