Skip to content

යේසුස් නිකම්ම හොඳ මිනිසෙක් විතරද?

යේසුස් නිකම්ම හොඳ මිනිසෙක් විතරද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 නැහැ. ඔහු ඊට වඩා ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්. ඔහු මනුෂ්‍යයන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කරලා තියෙනවා. ඒ ගැන ඉතිහාසඥයන් සහ ලේඛකයන් කියන මේ අදහස් බලන්න.

 “යේසුස් තමයි ඉතිහාසයේ ජීවත් වෙච්ච විශිෂ්ටතම පුද්ගලයා.”—ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයෙක් වන එච්.ජී. වෙල්ස්.

 “යේසුස් තරම් මිනිස්සුන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කරපු කිසිම කෙනෙක් නැහැ. යේසුස්ගේ ඉගැන්වීම්වලින් මිනිස්සු අදටත් ප්‍රයෝජන ලබනවා.”—ඇමරිකාවේ ඉතිහාසඥයෙක් මෙන්ම ලේඛකයෙක් වන කෙනෙත් ස්කොට් ලටෝරෙට්.

 යේසුස් ඒ තරම්ම මිනිස්සුන්ට යහපත් බලපෑමක් ඇති කරලා තියෙන්නේ කොහොමද කියලා බයිබලයේ කියලා තියෙනවා. යේසුස් තමන් කවුද කියලාගෝලයන්ගෙන් අහද්දී එයාලගෙන් එක් කෙනෙක් මේ විදිහට හරි උත්තරේ දුන්නා. “ඔබ ක්‍රිස්තුස්. ජීවමාන දෙවිගේ පුත්‍රයා ඔබයි.”—මතෙව් 16:16.