Skip to content

පටුනට යන්න

පාර වරද්දගන්න එපා

පාර වරද්දගන්න එපා

හිතාගන්න බැරි තරම් වේගයෙන් වෙනස් වෙන මේ ලෝකේ අද හරියි කියන දේ හෙට සලකන්නේ වැරදි දෙයක් විදිහට. එහෙම වෙද්දී හරියටම හරියන තීරණ ගන්නේ කොහොමද? කොහොමද ඔයාට කියන්න පුළුවන් ඔයා ගන්න තීරණ ගැන පසුතැවෙන්න වෙන්නේ නැහැ කියලා.

කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැති තීරණ ගන්න බයිබලේ ඔයාට උදව් කරනවා. මොකද බයිබලේ දීලා තියෙන්නේ අපිව නිර්මාණය කරපු කෙනා. අපිට කිසිම බයක් නැතුව සතුටින් ඉන්න පුළුවන් කොහොමද කියලා හරියටම දන්නේ ඔහුයි.

‘යහපත් දේ කුමක්ද කියා දෙවියන් ඔබට පැහැදිලිව කියා දී තිබේ.’—මීකා 6:8.

බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද ඒකේ තියෙන්නේ ‘ස්ථිර, සදහටම පවතින’ විශ්වාස කරන්න පුළුවන් මඟ පෙන්වීම්.—ගීතාවලිය 111:8.

දවස ගාණේ වෙනස් වෙන මේ ලෝකේ බයිබලේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙන්නේ කොහොමද කියලා ඔයාම හොයලා බැලුවොත් හොඳ නැද්ද?