Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රෙපරමාදු ආගමක්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රෙපරමාදු ආගමක්ද?

 නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානීන්. රෙපරමාදු අය නෙමෙයි. ඒ ඇයි?

 “කතෝලික ආගමට විරුද්ධ වීමේ අරමුණ පෙරදැරි කරගෙන බිහි වුණු ආගම් ලෙසයි” රෙපරමාදු ආගම් හඳුන්වන්නේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට අපි කතෝලික පල්ලියේ ඉගැන්වීම්වලට එකඟ නැති වුණත් අපි රෙපරමාදු ආගමක් නෙමෙයි. එහෙම කියන්න හේතු දෙකක් බලමු.

  1.   රෙපරමාදු ආගමේ සමහර විශ්වාසයන් බයිබලයට එකඟ නැහැ. බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙනවා “ඇත්තේ එක දෙවි කෙනෙක්” කියලා. දෙවියන් ත්‍රිත්වයක් කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. (1 තිමෝති 2:5; යොහන් 14:28) ඒ වගේම දුෂ්ටකම් කරන අය අපායේ දඬුවම් විඳිනවා කියලත් බයිබලයේ කියන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ කියන්නේ දෙවි ඔවුන්ව සදහටම විනාශ කරනවා කියලයි.—ගීතාවලිය 37:9; 2 තෙසලෝනික 1:9.

  2.   අපි කතෝලික පල්ලියට හෝ වෙනත් කිසිම ආගමකට විරුද්ධව කටයුතු කරන්නේවත් ඒවා ප්‍රතිසංස්කරණය කරන්නේවත් නැහැ. ඒ වෙනුවට අපි දෙවිගේ රාජ්‍යය ගැන අනිත් අයට ශුභාරංචිය දේශනා කරන අතර ඊට එකඟව ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් කරනවා. (මතෙව් 24:14; 28:19, 20) ආගම් ප්‍රතිසංස්කරණය කරන්න හදනවා වෙනුවට අපි උත්සාහ කරන්නේ දෙවි පිළිබඳ සත්‍යය සහ දෙවිගේ වචනය වන බයිබලය ගැන අවංක සිත් ඇති අයට කියා දෙන්නයි.—කොලොස්සි 1:9, 10; 2 තිමෝති 2:24, 25.