1 තිමෝති 2:1-15

2  මා මුලින්ම සියලුදෙනාටම උනන්දු කරන්නේ සියලු ආකාරයේ මිනිසුන් වෙනුවෙන්+ දෙවිට කන්නලව්ද යාච්ඤාද+ ඉල්ලීම්ද ස්තුති දීම්ද කළ යුතු බවය.  රජවරුන්+ සහ උසස් නිලතල දරන සියලුදෙනා වෙනුවෙන්ද+ එසේ කරන්න. මන්ද අපගේ ආශාව වන්නේ දෙවිට පූර්ණ භක්තියක් ඇතුවද ගෞරවනීයවද සාමකාමී සන්සුන් ජීවිතයක් ගත කිරීමය.+  එය අපට ගැලවීම සලසා දෙන දෙවි ඉදිරියෙහි+ යහපත් මෙන්ම ප්‍රසන්න දෙයකි.+  ඔහුගේ කැමැත්ත නම් සෑම තරාතිරමකම සිටින මිනිසුන්+ ගැලවීම ලැබීමත්+ සත්‍යය+ පිළිබඳව නිවැරදි දැනුමක්+ ලබාගැනීමත්ය.  ඇත්තේ එක දෙවි කෙනෙක්ය.+ එමෙන්ම දෙවි+ සහ මිනිසුන් අතර+ සිටින්නේ එක මැදිහත්කරුවෙක්ය.+ එනම් මිනිසෙකු වූ ක්‍රිස්තුස් යේසුස්ය.+  සියලුදෙනාව මුදවාගැනීමට+ දිය යුතු නියමිත වන්දිය ගෙවනු ලැබුවේ ඔහුගේ ජීවිතය මාර්ගයෙනි. එහි ප්‍රතිඵල නියමිත කාලයේදී එළිදරව් වනු ඇත.  දේශනා කරන්නෙකු ලෙසද යේසුස්ගේ නියෝජිතයෙකු* ලෙසද+ මාව පත් කළේ ඒ ගැන සාක්ෂි දැරීමටය.+ මා වෙනත් ජාතීන්ට+ විශ්වාසය+ සහ සත්‍යය ගැන උගන්වන්නේ ඒ නිසාය. මා පවසන්නේ බොරුවක් නොව සැබෑවකි.+  එහෙයින් ඔබ කුමන තැනක රැස් වුණත් ඔබ අතර සිටින පුරුෂයන් උදහසකින් තොරව,+ වාදවිවාදවලට පැටලෙන්නේ නැතුව+ තම දෑත් පක්ෂපාතකමින්+ ඔසවා දෙවිට යාච්ඤා කරනවාට කැමැත්තෙමි.  එසේම ස්ත්‍රීන් මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී සිටිය යුතු අතර ඔවුන් තුළින් විනීතකමද+ හොඳ සිහිකල්පනාවකින් ක්‍රියා කරන ආකාරයද පිළිබිඹු විය යුතුයි. විශේෂ කොණ්ඩ මෝස්තරවලින්ද රනින්ද මුතුවලින්ද ඉතා මිල අධික වස්ත්‍රවලින්ද සැරසී සිටිනවාට වඩා,+ 10  දෙවිට ගැඹුරු ගෞරවයක් හා භක්තියක් පෙන්වන ස්ත්‍රියකට+ ඔබින ආකාරයකින් එනම්, යහපත් ක්‍රියාවලින් ඔවුන් සැරසී සිටිය යුතුයි.+ 11  ස්ත්‍රියක් ඉගෙනගත යුත්තේ නිශ්ශබ්දව හා පූර්ණ යටත්කමක් ඇතුවය.+ 12  ස්ත්‍රියකට ඉගැන්වීමේ කටයුතු කිරීමටවත්+ පුරුෂයෙකු කෙරෙහි යම් ආධිපත්‍යයක් දැරීමටවත්+ මගෙන් අවසරයක් නැත. ඇය නිශ්ශබ්දව සිටිය යුතුයි. 13  දෙවි මුලින්ම සෑදුවේ ආදම්වය. ඒවව සෑදුවේ ඉන්පසුවය.+ 14  එලෙසම ආදම් රැවටුණේ නැත.+ නමුත් ස්ත්‍රිය සම්පූර්ණයෙන්ම රැවටී+ වරදට වැටුණාය.+ 15  දරුවන් බිහි කර මව් පදවිය ලබාගැනීම ස්ත්‍රියකට ආරක්ෂාවකි.+ නමුත් ඔවුන් දිගටම විශ්වාසයෙන්ද ප්‍රේමයෙන්ද දෙවි ඉදිරියේ ශුද්ධවද* හොඳ සිහිකල්පනාවෙන්ද සිටිය යුතුයි.+

පාදසටහන්

හෝ, “යවනු ලැබූවෙකු.”
හෝ, “දෙවි සඳහා වෙන් කර ඇති අය ලෙසද.”