ගීතාවලිය 98:1-9

ගීතයකි. 98  යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+මන්ද ඔහු කර ඇති දේවල් පුදුමාකාරය.+ඔහු තම දකුණතින් එනම්, ශුද්ධ හස්තයෙන් ගැලවීම සලසා දෙන්නේය.+   ගැලවීම සලසා දීමට තමාට හැකි බව යෙහෝවා දෙවි පෙන්වා ඇත.+ඔහු තම ධර්මිෂ්ඨකම ජාතීන්ට දකින්න සලස්වා ඇත.+   ඊශ්‍රායෙල් පෙළපතට තම ප්‍රේමයත්* විශ්වාසවන්තකමත් පෙන්වන බවට දුන් පොරොන්දුව ඔහු සිහි කළේය.+අපේ දෙවි සලසා දුන් ගැලවීම පොළොවේ ඈත කෙළවර දක්වාම සිටින සියලු ජනයා දුටුවෝය.+   පොළොවේ වසන සියලු ජනයෙනි, ප්‍රීතියෙන් යෙහෝවා දෙවිට ජය නාද නඟන්න.+ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුට ගී ගයන්න.+   වීණා වාදනය කරමින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+වීණා වයමින් ඔහුට ගී ගයන්න.+   හොරණෑ හා නළා පිඹිමින්+රජු වූ යෙහෝවා දෙවි ඉදිරියේ ජය නාද නඟන්න.   මුහුදත් එහි ඇති සියල්ලත් ඝෝෂා නඟත්වා!+භූමිය හා එහි ජීවත් වන සියල්ලෝ ප්‍රීති ඝෝෂා නඟත්වා!+   ගංගාවෝ අත්පොළසන් දෙත්වා!සියලු කඳු එක්ව යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රීති නාද නඟාවා!+   මන්ද ඔහු පොළොව විනිශ්චය කිරීමට පැමිණියේය.+ඔහු ධර්මිෂ්ඨකමින් ලෝකය විනිශ්චය කරන්නේය.+ඔහු සාධාරණකමින් ජනයාව විනිශ්චය කරන්නේය.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමයත්.”