එළිදරව් 11:1-19

11  ඔහු මට සැරයටියක් හා සමාන බට දණ්ඩක්+ දෙමින් මෙසේ පැවසුවේය. “නැඟිට දෙවිගේ මාලිගාවද+ පූජාසනයද එහි නමස්කාර කරන අයවද මනින්න.  නමුත් දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන් පිටත පිහිටි මළුව+ වෙනත් ජාතීන්ට දී ඇති නිසා+ එය මනින්නේ නැතුව සම්පූර්ණයෙන්ම අත්හරින්න. ඔවුහු මාස හතළිස්දෙකක් පුරා+ ශුද්ධ නුවර පාගා දමන්නෝය.+  මම මාගේ සාක්ෂිකරුවන් දෙදෙනාට+ ගෝණි රෙදි ඇඳගෙන දවස් එක්දහස් දෙසිය හැටක්+ අනාවැකි කීමට සලස්වන්නෙමි.”+  ඔලීව ගස් දෙකෙන්+ හා පහන් රුක් දෙකෙන්+ ඔවුන්ව නියෝජනය වේ. ඔවුන් සිටගෙන සිටින්නේ පොළොවේ ස්වාමීන් ඉදිරියෙහිය.+  යමෙක් ඔවුන්ට අනතුරු කිරීමට සූදානම් වුවහොත් ඔවුන්ගේ කටවල්වලින් ගින්දර පිට වී ඔවුන්ගේ සතුරන්ව නාස්ති කර දමන්නේය.+ යමෙක් ඔවුන්ට අනතුරු කිරීමට සූදානම් වුවහොත් ඒ තැනැත්තාව මරා දමනු ලබන්නේ එයාකාරයටය.  ඔවුන් අනාවැකි කියන කාලයේදී වැසි නොවැසීම සඳහා+ අහසේ කවුළු වසා තැබීමට ඔවුන්ට බලය තිබේ.+ එලෙසම තමන් කැමති ඕනෑම අවස්ථාවක වතුර ලේ කිරීමේ බලයද+ සියලු ආකාර පීඩාවලින් පොළොවට පහර දීමේ බලයද ඔවුන් සතුය.  ඔවුන් තම සාක්ෂි දැරීමේ කාර්යය අවසන් කළ විට අගාධයෙන් නැඟී එන මෘගයා+ ඔවුන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ව පරාජය කර ඔවුන්ව මරා දමන්නේය.+  ඔවුන්ගේ මළ සිරුරු මහත් නුවරේ ප්‍රධාන වීදියේ දක්නට ලැබේ. ඒ නුවර නම් සංකේතවත් ලෙස සොදොම්+ සහ ඊජිප්තුව යනුවෙන් හඳුන්වනු ලබන ඔවුන්ගේ ස්වාමීන්ව වධකණුවක ඇණ ගැසූ ස්ථානයයි.+  විවිධ ජනයන්ගෙන්ද ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජාතීන්ගෙන්ද පැමිණි මනුෂ්‍යයෝ+ ඔවුන්ගේ මළ සිරුරු දෙස දවස් තුනහමාරක් පුරා+ බලා සිටිනු ඇත. එම මළ සිරුරු සොහොන් ගෙයක තැන්පත් කිරීමට ඔවුහු ඉඩ දෙන්නේ නැත. 10  ඒ අනාගතවක්තෘවරුන් දෙදෙනා පොළොවේ වාසය කරන අයට වධ දුන් නිසා පොළොවේ වාසය කරන අය ඔවුන් ගැන ප්‍රීති වී+ විනෝද වෙමින් එකිනෙකාට තෑගි යවන්නෝය.+ 11  ඒ දවස් තුනහමාරට පසු+ දෙවි ලබා දෙන ජීව බලය ඔවුන් තුළට ඇතුල් වී+ ඔවුහු නැඟිට සිටියෝය. ඔවුන්ව දුටු අය බොහෝ සෙයින් බියපත් වූහ. 12  එවිට ස්වර්ගයෙන් පැමිණි මහත් හඬක්,+ “මෙතැනට නැඟ එන්න”+ කියා පවසනවා ඔවුන්ට ඇසේ. ඔවුන් වලාකුළු අතරින් ස්වර්ගයට නැඟ ගිය අතර ඔවුන්ගේ සතුරෝද ඔවුන්ව දුටුවෝය. 13  ඒ පැයේදී මහත් භූමිකම්පාවක් ඇති විය. ප්‍රතිඵලයක් ලෙස නුවරින් දහයෙන් කොටසක්+ කඩා වැටුණු අතර ඒ භූමිකම්පාවෙන් මිනිසුන් හත්දහසක් මිය ගියෝය. ඉතුරු අය බියපත් වී ස්වර්ගයේ දෙවිට ගෞරවය දුන්නෝය.+ 14  දෙවෙනි විපත+ අවසන්ය. නමුත් බලන්න! තුන්වෙනි විපත ඉක්මනින් පැමිණෙනු ඇත. 15  හත්වෙනි දේවදූතයා තම හොරණෑව පිම්බේය.+ එවිට ස්වර්ගයෙහි මහත් හඬවල් ඇසිණ. ඒ හඬවල් පැවසුවේ මෙයයි. “මෙලොවෙහි පාලනය දැන් අපගේ ස්වාමීන්+ හා ඔහුගේ ක්‍රිස්තුස්+ සතු වී ඇත. ඔහු සදාකාලයටම රජකම් කරන්නේය.”+ 16  දෙවි ඉදිරියෙහි තම සිංහාසන මත ඉඳගෙන සිටින වැඩිමහල්ලෝ විසිහතරදෙනා+ වැඳ වැටී+ දෙවිට නමස්කාර කරමින්,+ 17  මෙසේ පැවසුවෝය. “සියලු බලැති තැනැත්තාද+ සිටින්නාවූ+ සිටියාවූ තැනැත්තාද වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ මහත් බලය අතට ගෙන+ රජකම් කරන්න පටන්ගත් නිසා+ අපි ඔබට ස්තුති කරන්නෙමු.+ 18  නමුත් ජාතීහු උදහස් වූහ. ඔබද උදහස් වී ඇත. එලෙසම මිය ගිය අයව විනිශ්චය කිරීමටත් ඔබේ දාසයන් වන අනාගතවක්තෘවරුන්ටද+ ශුද්ධ තැනැත්තන්ටද ඔබේ නාමයට ගරුබිය දක්වමින් සිටින සියලු තරාතිරම්වල අයටද+ ආශීර්වාද කිරීමටත්+ පොළොව විනාශ කර දමන අයව+ විනාශ කර දැමීමටත්+ නියමිත කාලය පැමිණියේය.” 19  එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවිගේ මාලිගාව+ විවෘත කරනු ලැබීය. ඔහුගේ ගිවිසුම් පෙට්ටිය+ ඔහුගේ මාලිගාවේ තිබෙන ආකාරය දක්නට ලැබිණ.+ එවිට විදුලි කෙටීම්ද කටහඬවල්ද ගිගුරුම්ද භූමිකම්පාවක්ද මහ හිම කැට වර්ෂාවක්ද ඇති විය.

පාදසටහන්