Skip to content

දුක් කරදර කවදා හරි නැති වෙයිද?

දුක් කරදර කවදා හරි නැති වෙයිද?

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:3, 4, නව ලොව පරිවර්තනය.

ඒක විශ්වාස කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන

දුක් කරදරවලට වග කියන්න ඕනේ දෙවියන් නෙවෙයි කියලා තේරුම්ගන්න පුළුවන්.—යාකොබ් 1:13.

දෙවියන්ට අපේ දුක දැනෙන බව තේරුම්ගන්න පුළුවන්.—සෙකරියා 2:8.

දුක් කරදරවලට නිමාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.—ගීතාවලිය 37:9-11.

බයිබලයේ තියෙන දේ විශ්වාස කරන්න පුළුවන්ද?

ඔව්. හේතු දෙකක් බලන්න.

  • මිනිසුන් දුක් විඳිනවා දකින්න දෙවියන් කැමති නැහැ. අතීතයේදී යෙහෝවා දෙවියන්ගේ සෙනඟ දුක් විඳිනවා දකිද්දී දෙවියන්ට හැඟුණේ කොහොමද කියලා බලන්න. බයිබලයේ සඳහන් වෙන්නේ ‘සෙනඟ සතුරන් අතින් බොහෝ පීඩා විඳිමින්’ සිටි නිසා යෙහෝවා දෙවියන්ට ඔවුන් ගැන මහත් දුකක් ඇති වුණා කියලයි.—විනිශ්චයකරුවෝ 2:18.

    මිනිසුන්ට හිංසා කරන අයට දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ. “අහිංසකයන්ගේ ලේ වගුරුවන අත්” ඔහු පිළිකුල් කරනවා කියලා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 6:16, 17.

  • දෙවියන් අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත්. අපේ ‘හිතට දැනෙන වේදනාවන්’ යෙහෝවා දෙවියන්ටත් හොඳින්ම තේරෙනවා.—2 ලේකම් 6:29, 30.

    යෙහෝවා දෙවියන් ළඟදීම තමන්ගේ රාජ්‍යය මගින් සියලු දුක් කරදරවලට නිමාවක් ගේනවා. (මතෙව් 6:9, 10) ඒ වෙනකල් යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන අයව ඔහු අනිවාර්යයෙන්ම සනසනවා.—ක්‍රියා 17:27; 2 කොරින්ති 1:3, 4.

මේ ගැන හිතන්න

දෙවියන් දුක් කරදර පවතින්න ඉඩ දීලා තියෙන්නේ ඇයි?

ඒකට උත්තරේ බයිබලයේ රෝම 5:12 සහ 2 පේතෘස් 3:9 යන පදවල සඳහන් වෙනවා.