Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දසයෙන් කොටස දෙනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දසයෙන් කොටස දෙනවාද?

 යෙහෝවාදෙවිගේ සාක්ෂිකරුවන් වන අපි දසයෙන් කොටස දෙන්නේ නැහැ. අපේ වැඩකටයුතුවලට මුදල් ලැබෙන්නේ කැමැත්තෙන්ම දෙන සම්මාදම්වලින්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දසයෙන් කොටස දෙන්නේ නැත්තේ ඇයි?

 දසයෙන් කොටසක් දෙන්න කියන ආඥාව අදාළ වුණේ පුරාණයේ හිටිය ඊශ්‍රායෙල්වරුන්ටයි. මෝසෙස් මාර්ගයෙන් දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීති මාලාවේ සඳහන් වුණා ඔවුන්ගෙන් ‘දසයෙන් කොටස ලබාගත යුතුයි’ කියලා. හැබැයි අද ඉන්න ක්‍රිස්තියානීන් ඒ නීතියට යටත් නැහැ කියලා බයිබලයේ පෙන්නුම් කරලා තියෙනවා. (හෙබ්‍රෙව් 7:5, 18; කොලොස්සි 2:13, 14) ඒ නිසා අපි දසයෙන් කොටස දෙන්න අවශ්‍ය නැහැ.

 නමුත් අපිත් මුල් ක්‍රිස්තියානීන් වගේ ක්‍රම දෙකකින් සේවයට දායක වෙනවා. (1) අපි ශුභාරංචිය දේශනා කරන්නෙත් අනිත් අයට බයිබලය ගැන කියලා දෙන්නෙත් වැටුපකට නෙමෙයි. (2) අපි කැමැත්තෙන්ම මුදල් පරිත්‍යාග කරනවා.

 පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් බයිබලයේ තියෙන මඟ පෙන්වීම මේකයි. “එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.”—2 කොරින්ති 9:7.