Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ව විශ්වාස කරනවද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ව විශ්වාස කරනවද?

 ඔව්. “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි” කියලා යේසුස් කිව්වා. (යොහන් 14:6) අපි ඒක පිළිගන්නවා. යේසුස් ස්වර්ගයේ ඉඳලා මේ පොළොවට ආවා කියලත් ඔහුගේ ජීවිතය අපි වෙනුවෙන් පූජා කළා කියලත් අපි පිළිගන්නවා. (මතෙව් 20:28) යේසුස්ගේ ජීවිත පූජාව මත විශ්වාසය තබන අයට සදාකාල ජීවයන ලැබෙනවා. (යොහන් 3:16) ළඟදීම මේ පොළොවට සාමය උදා කරදෙන දේවරාජ්‍යයේ රජු යේසුස් කියලත් ඔහු දැන් ස්වර්ගයේ පාලනය කරනවා කියලත් අපි විශ්වාස කරනවා. (එළිදරව් 11:15) “පියාණන් මට වඩා උතුම්” කියලා යේසුස් කිව්ව වචන අපි දැඩි සේ විශ්වාස කරනවා. (යොහන් 14:28) යේසුස් සියලු බලැති දෙවි නොවන නිසා අපි ඔහුට නමස්කාර කරන්නේ නැහැ.