Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ ඇයි?

 සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා. (නික්මයාම 6:3; ගීතාවලිය 83:18) සාක්ෂිකරුවෙක් කියන්නේ තමන් තදින් විශ්වාස කරන දේ හා තමන්ට සත්‍යය බව වැටහුණ දේවල් ගැන කතා කරන කෙනෙකුටයි.

 අපිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා කියන්නේ හැම දෙයක්ම නිර්මාණය කරපු යෙහෝවා දෙවි ගැන අපි සත්‍යය කියා දෙන නිසයි. (එළිදරව් 4:11) අපි බයිබලයෙන් ඉගෙනගන්න දේවල්වලට අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒ දේවල් අන් අයටත් කියලා දෙනවා. ඒ පැති දෙකෙන් අපි සාක්ෂි දරනවා.—යෙසායා 43:10-12; 1 පේතෘස් 2:12.