Skip to content

දෙවියන් ඉන්නේ කොහේද?

දෙවියන් ඉන්නේ කොහේද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 දෙවියන්ට ඉන්න නිශ්චිත තැනක් තියෙනවා. ඒ ස්වර්ගයේ කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ ගැන උදාහරණ කීපයක් බලන්න.

 ‘ඔබේ ස්ථිර වාසස්ථානය වන ස්වර්ගයේ සිට සවන් දෙන්න’ කියලා සලමොන් රජ යාච්ඤා කළා.—1 රාජාවලිය 8:43.

 අපි යාච්ඤා කරන්න ඕනේ ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණන්ට’ කියලා යේසුස් කිව්වා.—මතෙව් 6:9.

 යේසුස් නැවත නැඟිට්ටට පස්සේ දෙවි ඉදිරියේ පෙනී ඉන්න ඇතුල් වුණේ ස්වර්ගයට කියලා බයිබලයේ කියනවා.—හෙබ්‍රෙව් 9:24.

 දෙවියන් සැබෑ පුද්ගලයෙක් කියලත් ඔහු හැම තැනම වැඩ වසන්නේ නැහැ කියලත් ඔහු ඉන්නේ ස්වර්ගයේ කියලත් ඒ පදවලින් පැහැදිලි වෙනවා.