Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

හොඳ දෙමව්පියන් වෙන්නේ කොහොමද?

දෙවියන්ට ආදරේ කරන්න ඔබේ දරුවාට ඔබ උදව් කරනවාද?

දෙමව්පියන් එකිනෙකාට ආදරෙන්, ගෞරවයෙන් සලකනවා නම් දරුවන්ට සතුටින් හැදී වැඩෙන්න සුදුසු පරිසරයක් නිවසේ ඇති වෙනවා. (කොලොස්සි 3:14, 19) යෙහෝවා දෙවියන් යේසුස්ව අගය කළා වගේ හොඳ දෙමව්පියනුත් තමන්ගේ දරුවන්ව අගය කරනවා.—මතෙව් 3:17 කියවන්න.

අපේ හැඟීම් ස්වර්ගික පියාණන්ට කියද්දී ඔහු ඒවාට හොඳින් සවන් දෙනවා. දෙමව්පියනුත් දරුවන් තමන්ට හැඟෙන දේ කියද්දී හොඳින් සවන් දෙන්න ඕනේ. (යාකොබ් 1:19) එකඟ වෙන්න බැරි අදහසක් කිව්වත් ඒකට ඇහුම්කන් දෙන්න.—ගණන් කතාව 11:11, 15 කියවන්න.

වගකීමෙන් වැඩ කරන්න දරුවන්ව පුරුදු කරන්න

දෙමව්පියන් හැටියට ඔබට අයිතියක් තියෙනවා දරුවන්ට නීති දාන්න. (එෆීස 6:1) ඒත් දෙවියන්ගේ ආදර්ශය අනුගමනය කරන්න. ඔහු පැහැදිලි නීති දැම්මා විතරක් නෙමෙයි ඒවා කැඩුවොත් ඇති වන ප්‍රතිඵලත් පැහැදිලි කළා. (උත්පත්ති 3:3) කීකරු වෙන්න කියලා බල කරනවා වෙනුවට හරි දේ කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන ඔහු පෙන්නලා දෙනවා.—යෙසායා 48:18, 19 කියවන්න.

දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට උදව් කරන්න. එතකොට ඔබ ඔවුන් ළඟ නැති විටත් ඔවුන් ඥානවන්තව වැඩ කරයි. දෙවියන් ආදර්ශයෙන් උගන්වනවා වගේ ඔබත් ඔබේ ආදර්ශයෙන් දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට උගන්වන්න.—ද්විතීය කතාව 6:5-7; එෆීස 4:32; 5:1 කියවන්න.