Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | බයිබලයේ තියෙන දේවල් දැනගන්න කැමතිද?

බයිබලයේ තියෙන දේ දැනගන්න ඕනෙද?

බයිබලයේ තියෙන දේ දැනගන්න ඕනෙද?
  • ජීවිතයේ අරමුණ මොකක්ද?

  • මිනිස්සු දුක් විඳලා මැරිලා යන්නේ ඇයි?

  • අනාගතය මොන වගේ එකක් වෙයිද?

  • දෙවියන් මං ගැන සැලකිලිමත් වෙනවාද?

ඒ වගේ ප්‍රශ්න ගැන ඔබ කල්පනා කරලා තියෙනවාද? ජීවිතයට බලපාන ප්‍රශ්න ගැන හුඟදෙනෙක් හිතනවා. ඒවාට උත්තර තියෙනවාද?

ගොඩක් අය කියන්නේ “ඔව්” කියලයි. එහෙම කියන්නේ සෑහීමට පත් වෙන්න පුළුවන් උත්තර බයිබලයෙන් ලැබිලා තියෙන නිසයි. බයිබලයෙන් උත්තර දැනගන්න ඔබත් කැමතිද? එහෙමනම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය සාකච්ඡා කරලා බලන්න. * ඒ සාකච්ඡාවට මුදල් ගන්නේ නැහැ.

බයිබලයේ තියෙන දේ දැනගන්න කැමතිද කියලා අහද්දී “මට වැඩ තියෙනවා,” “ඕවා තේරුම්ගන්න අමාරුයි,” “මං මොකකටවත් බැඳෙන්න කැමති නෑ” කියලා සමහරු කියනවා. එහෙම හිතන්නේ නැති අයත් ඉන්නවා. ඒ අය බයිබලයේ තියෙන දේවල් දැනගන්න හරි ආසයි.

  • “මම කතෝලික පල්ලියටත් රෙපරමාදු පල්ලියටත් සික් ආගමික ස්ථානයකට වගේම බෞද්ධ ආරාමයකටත් ගියා. විශ්වවිද්‍යාලයකින් දේවධර්මයත් හැදෑරුවා. ඒත් දෙවියන් ගැන මට තිබුණ ප්‍රශ්නවලට උත්තර හම්බ වුණේ නැහැ. දවසක් සාක්ෂිකාරියක් මගේ ගෙදරට ආවා. මං අහපු ප්‍රශ්නවලට එයා බයිබලයෙන්ම උත්තර දුන්නා. ඒ නිසා බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න මං කැමති වුණා.”—ගිල්, එංගලන්තයේ.

  • “ජීවිතේ ගැන තිබුණ හුඟක් ප්‍රශ්නවලට පල්ලියේ පාස්ටර්ලා සෑහීමට පත් වෙන්න පුළුවන් උත්තර දුන්නේ නැහැ. ඒත් සාක්ෂිකරුවන් බයිබලෙන්ම උත්තර දුන්නා. තවත් දේවල් ඉගෙනගන්න කැමතිද කියලා ඒ අය ඇහුවාම මං එක පයින් කැමති වුණා.”—කාෆී, බෙනින්වල.

  • “මැරුණ අයට මොකද වෙන්නේ කියන කුතුහලය මට තිබුණා. මං විශ්වාස කළේ ජීවත් වෙන අයට හානි කරන්න මැරුණ අයට පුළුවන් කියලා. ඒත් බයිබලේ ඒ ගැන කියන දේ දැනගන්න මට ඕන වුණ නිසා සාක්ෂිකරුවක් වුණු මගේ යාළුවෙක් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.”—සූසේ, බ්‍රසීලයේ.

  • “බයිබලේ කියවද්දී කිසි දෙයක් තේරුණේ නෑ. සාක්ෂිකරුවන් බයිබල් අනාවැකි කීපයක්ම හොඳින් පැහැදිලි කරපු නිසා තවත් දේවල් ඉගෙනගන්න මට ආස හිතුණා.”—ඩෙනිස්, මෙක්සිකෝවේ.

  • “බයිබලයේ සඳහන් දෙවියන් මං ගැන බලයිද කියලා හිතලා ඒ දෙවියන්ට යාච්ඤා කළා. පහුවෙනිදා සාක්ෂිකරුවන් දොරට තට්ටු කළා. බයිබලය සාකච්ඡා කරන්න මං කැමති වුණා.”—අන්ජු, නේපාලයේ.

ඒ අද්දැකීම්වලින් “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියන යේසුස්ගේ වචන අපිට මතක් වෙනවා. (මතෙව් 5:3) සාමාන්‍යයෙන් දෙවියන්ව දැනගන්න මිනිසුන් තුළ ආශාවක් තියෙනවා. ඒ ආශාව ඉටු කරන්න පුළුවන් දෙවියන්ට විතරයි. ඔහු ඒක කරන්නේ බයිබලය මාර්ගයෙන්.

බයිබල් සාකච්ඡාවක් කියන්නේ මොකක්ද? ඒකෙන් ඔබට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? මේ ප්‍රශ්නවලට උත්තර ඊළඟ ලිපියෙන් බලමු.

^ 8 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.