Skip to content

පටුනට යන්න

පිළිසඳරක් | හාන්ස් ක්‍රිස්ටියන් කොට්ලර්

ජෛව තාක්ෂණවේදියෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

ජෛව තාක්ෂණවේදියෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

වෛද්‍ය හාන්ස් ක්‍රිස්ටියන් කොට්ලර් මුල්ම රැකියාව කළේ නෝර්වේ රටේ පිළිකා රෝහලකයි. ඔහු පිළිකාව හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිබඳව වැඩිදුර පර්යේෂණ කළා. ඒ කාලයේදී ඔහුට ජීවයේ ආරම්භය ගැනත් උනන්දුවක් ඇති වුණා. අපි ඔහුගේ පර්යේෂණ ගැනත් ආගමික විශ්වාසය ගැනත් අහලා බැලුවා.

ජීවයේ ආරම්භය ගැනත් ජීවිතේ අරමුණ ගැනත් උනන්දුවක් ඇති වුණේ කොහොමද?

මගේ තාත්තා කතෝලික. අම්මා රෙපරමාදු. ඒත් එයාලා ආගමට ළැදි නෑ. හැබැයි මං තරුණ කාලේ ඉඳන්ම ජීවිතේ අරමුණ මොකක්ද කියලා කල්පනා කෙරුවා. ඒ ගැන දැනගන්න බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආගම්වල පොත් පත් පවා කියෙව්වා. සත්‍යය පෙන්නලා දෙන්න කියලා මම දෙවියන්ගෙනුත් ඉල්ලුවා.

1970 ගණන්වලදී අණුක ජීව විද්‍යාවේ දියුණුවක් ඇති වුණා. ඒකෙන්වත් ජීවයේ ආරම්භය ගැන දැනගන්න ලැබෙයි කියලා මං හිතුවා. මං ජෛව තාක්ෂණය ගැන ඉගෙනගන්න තෝරගත්තේ සෛල තුළ සිදු වෙන රසායනික ක්‍රියාවලිය ගැන මට ලොකු උනන්දුවක් ඇති වුණ නිසයි. හැබැයි අපේ මහාචාර්යවරු නං කිව්වේ ජීවය ඉබේ ඇති වුණා කියලයි. මමත් ඒක විශ්වාස කළා.

බයිබලය ගැන උනන්දුවක් ඇති වුණේ කොහොමද?

දවසක් සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදරට ආවා. එයාලා කාරුණිකව කතා කළත් මම කතා කරන්න කැමති නෑ කියලා කිව්වා. ඒක අහගෙන හිටිය මගේ බිරිඳ “ජීවිතේ අරමුණ ගැන ඔයාට දැනගන්න ඕන නේද? ඇයි එයාලට යන්න කිව්වේ” කියලා මට කිව්වා. එයා කියපු කතාව ඇත්ත කියලා මට තේරුණා. ඒ නිසා මම එයාලව හොයාගෙන ගියා. එයාලත් එක්ක කතා කරද්දී මං කිව්වා බයිබලය විද්‍යාවට එකඟද කියලා මට දැනගන්න ඕනේ කියලා.

සාක්ෂිකරුවන් ඔයාට උත්තර දුන්නේ කොහොමද?

“අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද? . . . ඔහු සතු අතිමහත් බලය හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි” * කියන බයිබල් පදය පෙන්නලා, මුළු විශ්වයම ඇති වෙන්න හේතු වුණ බලයේ උල්පත මොකක්ද කියලා එයාලා මට පැහැදිලි කළා. ඒකෙන් මගේ උනන්දුව තවත් වැඩි වුණා. මේ විශ්වයේ හැම දෙයක්ම පිළිවෙලකට සිද්ධ වෙනවා. ඒකට බුද්ධිමත් කෙනෙක්ගේ මැදිහත් වීමක් තියෙන්න ඕනේ කියලා මට තේරුණා.

පරිණාමය ගැන ඔයාට තිබුණ අදහස වෙනස් වුණාද?

මට ටිකෙන් ටික තේරුණා පරිණාමවාදයේ නියමයන්වලට පිළිගන්න පුළුවන් තරමේ විද්‍යාත්මක සාක්ෂි නෑ කියලා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වගේ ජීවීන් තුළ තියෙන අතිවිශිෂ්ට දේවල් නිකම්ම ඇති වුණා කියලා කොහෙත්ම විශ්වාස කරන්න බෑ. ඒ නිසා පරිමාණවාදය කියන්නේ ඒවා පැහැදිලි කරන්න ගොතපු කතාවක් විතරයි. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොච්චර සංකීර්ණද, කාර්යක්ෂමද කියලා මම ඒ ගැන වැඩිදුර ඉගෙන ගනිද්දී දැනගත්තා. ඒ නිසා ජීවය ඇති වෙන්න බුද්ධිමත් නිර්මාතෘ කෙනෙක් ඉන්න ඕන කියලා මට පැහැදිලි වුණා.

ජීවය ඇති වෙන්න බුද්ධිමත් නිර්මාතෘ කෙනෙක් ඉන්න ඕන කියලත් මට පැහැදිලි වුණා

ඒ ගැන සාක්ෂි කිහිපයක් දෙන්න පුළුවන්ද?

බැක්ටීරියා සහ වයිරස්වලින් අපිව ආරක්ෂා කරන්න, ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැදිලා තියෙන විදිහත් ක්‍රියා කරන විදිහත් හරිම පුදුමයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපේ ශරීරයට ඇතුල් වෙන ආගන්තුකයන්ව හඳුනාගෙන ප්‍රහාර එල්ල කරන ක්‍රම දෙකක් තියෙනවා. බැක්ටීරියාවක් වගේ දෙයක් ඇඟට ඇතුල් වුණාම පැය කිහිපයක් ඇතුළත ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙලා ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරන එක, එක ක්‍රමයක්. අනෙක් ක්‍රමයේදී ඇඟට ඇතුල් වුණ බැක්ටීරියාව හොඳින් හඳුනගෙන බැක්ටීරියාව ඉලක්ක කරලා පහර දෙනවා. මේ සඳහා දවස් කිහිපයක් ගත වෙනවා. ඒ බැක්ටීරියාවම අවුරුදු ගානකට පස්සේ ආයෙත් ඇඟට ඇතුල් වුණත් ඒකට පහර දෙන විදිහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මතකයි. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොච්චර හොඳින් ක්‍රියා කරනවාද කිව්වොත් බැක්ටීරියා හා වයිරස්වලින් අපිට අනතුරක් වෙන්න නොදී අපිව ආරක්ෂා කළා කියලා සමහර වෙලාවට අපි දන්නෙවත් නෑ. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශරීරයට ඇතුල් වෙන ආගන්තුකයන් හා අපේම සෛල අතර වෙනස හඳුනගන්න විදිහත් හරිම පුදුමයි.

බැක්ටීරියා සහ වයිරස් ඇඟට ඇතුල් වුණාම මොකක්ද වෙන්නේ?

බැක්ටිරීයා හා වයිරස් අපේ මුඛය, නාසය, මුත්‍රා මාර්ගය, ලිංගික අවයව හා සම තුළින් ඇඟට ඇතුල් වෙනවා. ඒ ආගන්තුකයන්ව ප්‍රතිශක්තිකරණ පද්ධතිය හඳුනගත්තට පස්සේ ඒවා විනාශ කරන්න ඊට ගැළපෙන ප්‍රෝටීන විශාල ප්‍රමාණයක් යොදාගෙන එක දිගට ප්‍රහාර එල්ල කරනවා. සතුරා විනාශ වෙන තුරුම ප්‍රහාරය එන්න එන්නම දරුණු කරනවා. ඇත්තටම මේ ක්‍රියාවලිය විශ්මයජනකයි.

ඒ කියන්නේ දෙවියන් ගැන විශ්වාසයක් ඇති වෙන්න විද්‍යාව හේතු වුණා කියලද?

ඔව්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ විශිෂ්ටත්වය තේරුම්ගත්තම ඒක නිර්මාණය කරන්න ප්‍රඥාවන්ත ප්‍රේමණීය දෙවි කෙනෙක් ඉන්න ඕනෙ කියලා මට තේරුණා. ඒ වගේම බයිබලය ගැන විශ්වාසයක් ඇති වෙන්නත් විද්‍යාව උදව් වුණා. උදාහරණයකට, හිතෝපදේශ 17:22 කියනවා ‘ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයක්’ කියලා. ඒක ඇත්ත. පීඩනයෙන් ඉන්නවා නම් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා කියලා හොයාගෙන තියෙනවා.

ඔයාගේ යාළුවන් හුඟදෙනෙක් දෙවියන්ව විශ්වාස කරන්නේ නැත්තේ ඇයි?

ඉස්සර මං විශ්වාස කළා වගේ සමහර අය විශ්වාස කරන්නේ එයාලට උගන්වලා තියෙන දේ. සමහර වෙලාවට එයාලා හිතනවා ඇති පරිණාමවාදය ඔප්පු කරන්න විද්‍යාවට පුළුවන් කියලා. තවත් අය ජීවයේ ආරම්භය ගැන හොයන්නේ නෑ. මං නම් හිතන්නේ එයාලා ඒ ගැන හොයලා බැලුවා නම් හොඳයි කියලා.

ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න හිතුවේ ඇයි?

එයාලා හොඳ මිනිස්සු. දෙවියන් අනාගතය ගැන දීලා තියෙන පොරොන්දු * ගැනත් එයාලට හොඳ විශ්වාසයක් තියෙනවා. ඒක මිථ්‍යා මත හෝ අනුමාන * නිසා නෙමෙයි තොරතුරු හොඳින් හොයලා බලලා ඇති කරගත්ත විශ්වාසයක්. ඒ නිසා මමත් ඒ ගැන හොයලා බැලුවා.