Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

මඟ නොවරදින වයිරපෙඳ ගොහොදුවිත්තා

මඟ නොවරදින වයිරපෙඳ ගොහොදුවිත්තා

වයිරපෙඳ ගොහොදුවිත්තා පුදුමාකාර කුරුල්ලෙක්. දවස් අටක් පුරා නොනවත්වා කිලෝමීටර 11,000ක් පියාසර කරන ඌ සංක්‍රමණික කුරුල්ලන් අතරින් විශිෂ්ටයෙක්.

මේ ගැන සිතන්න: පර්යේෂකයන් අනුමාන කරන්නේ සමහර කුරුල්ලන් තමන්ගේ ගමන් මඟ සොයාගන්න පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය පාවිච්චි කරනවා කියලයි. ඒක හරියට උන්ගේ මොළයේ මාලිමා යන්ත්‍රයක් තියෙනවා හා සමානයි. ඊට අමතරව ගොහොදුවිත්තා තම ගමන් මඟ සොයාගැනීමට දිවා කාලයේදී සූර්යයාත් රාත්‍රී කාලයේදී තාරකාත් උදව් කරගන්නා බව පර්යේෂකයන් සිතනවා. තමා ගමන් කරන දෙසට ඇදී එන සුළං ප්‍රවාහ ඈතදීම දැනගන්නා ඌ ගමනාන්තය වෙත යෑමට ඒ සුළං රොද තම වාසියට හරවා ගනියි. ඌ ගමන නිම කරන විදිහ ගැන ජීව විද්‍යාඥ බොබ් ගිල් පැවසුවේ මෙසේයි. “වයිරපෙඳ ගොහොදුවිත්තන් ගැන මං දැං අවුරුදු 20ක් තිස්සේ අධ්‍යනය කරනවා. ඒත් ඌට තියෙන හැකියාව මට තාම හිතාගන්න බෑ!”

ඔබේ නිගමනය කුමක්ද? මේ කුරුල්ලාට තම ගමන් මඟ සොයාගැනීමේ හැකියාව ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?