Skip to content

පටුනට යන්න

ආදරය පෙන්වන්න

ආදරය පෙන්වන්න

ප්‍රශ්නය

සාමාන්‍යයෙන් වයිරසයක් නැති කරන්න යම් කාලයක් ගත වෙනවා. ඒකට වෑයමක් දරන්නත් ඕනේ. ඒ වගේ තමයි අනිත් අයව පහත් කරන හැඟීම් අපේ හිතින් අයින් කරන්න කාලයක් ගත වෙනවා. වෑයමක් දරන්නත් ඕනේ. ඒ හැඟීම් ඔයාගේ හිතින් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

බයිබල් ප්‍රතිපත්තිය

“ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි.”—කොලොස්සි 3:14.

ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? මිනිසුන් අනිත් අය වෙනුවෙන් ආදරෙන් පෙලඹිලා දේවල් කරද්දී එයාලා අතර තියෙන එක්සත්කම වැඩි වෙනවා. ඒ නිසා ඔයාත් ඔයාගේ හිතේ අනිත් අය ගැන තියෙන ආදරේ වැඩි කරගන්න තරමට වෛරසහගත සිතුවිලි, අනිත් අයව පහත් කරලා සලකන හැඟීම් නැති කරගන්න ඔයාට පුළුවන් වෙනවා.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

ඔයා කලින් එච්චර කැමති නැති පහත් කරලා සලකපු කණ්ඩායමකට අයිති අයට ආදරය පෙන්වන්න ඔයාට පුළුවන් විවිධ විධි ගැන හිතලා බලන්න. ඒකට ඔයා ලොකු ලොකු දේවල් කරන්න ඕනෙ නැහැ. මේ දේවල්වලින් එකක් හරි කිහිපයක් හරි කරන්න උත්සාහ කරන්න.

පුංචි පුංචි දේවල් කරලා ආදරේ පෙන්නද්දී අනිත් අයව පහත් කරන හැඟීම් ඔයාගේ හිතින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යයි

  • ඒ කණ්ඩායමට අයිති කෙනෙක් වෙනුවෙන් දොරක් අරින එක, බස් එකේදී ආසනයක් දෙන එක වගේ දේවල් කරන්න.

  • එයාලට ඔයාගේ භාෂාව හොඳටම කතා කරන්න බැරි වුණත් එයාලා එක්ක ටිකක් කතාබහ කරන්න.

  • සමහර වෙලාවට එයාලා වැඩ කරන විදිහ ඔයාට තේරුම්ගන්න බැරි වුණත් ඉවසන්න.

  • එයාලගේ ප්‍රශ්න ගැන එයාලා ඔයාට කියද්දී අවංකවම සැලකිලිමත් වෙන්න.