යෙසායා 11:1-16

11  යෙස්සේගේ+ කඳෙන් අංකුරයක්+ හටගන්නේය. ඔහුගේ මුල්වලින් පැළෑටියක්+ හටගෙන පල දරන්නේය.+  ඔහුට යෙහෝවා දෙවිගේ බලය නොඅඩුව ලැබෙයි.+ එමගින් ඔහුට ප්‍රඥාවද+ දැනුමද+ තේරුම්ගැනීමේ හැකියාවද+ නැණවත් උපදෙස් දීමේ හැකියාවද ශක්තියද+ ලැබෙන්නේය. ඔහු යෙහෝවා දෙවිට ගරුබිය ඇතුව ජීවත් වෙයි.+  යෙහෝවා දෙවිට ගරුබිය+ දැක්වීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබයි. ඔහු මතුපිටින් දකින දේ අනුව විනිශ්චය නොකරයි. ඔහුට යමක් ඇසුණු පමණින්ද ඔහු දඬුවම් නොකරයි.+  ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි.+ ඔහු සාධාරණව කටයුතු කර යටහත්පහත් අයගේ ප්‍රයෝජනය සඳහා අවවාද දෙයි. ඔහුගේ මුඛයෙන් දණ්ඩක් නික්මෙන අතර ඔහු එමගින් පොළොවට පහර දෙන්නේය.+ තම මුඛයෙන් නික්මෙන දෙයින්* ඔහු දුෂ්ටයාව මරණයට පත් කරන්නේය.+  ධර්මිෂ්ඨකම ඔහුගේ ඉඟපටියද+ විශ්වාසවන්තකම ඔහුගේ බඳපටියද වෙයි.+  ඒ කාලයේදී බැටළුවා වෘකයා සමඟත්+ එළු පැටවා දිවියා සමඟත් බියක් නොමැතිව ජීවත් වන්නේය. වසු පැටවාද තරුණ කේශර සිංහයාද+ තර වස්සාද එකට ලගින්නෝය.+ කුඩා දරුවෙක් උන් සියල්ලන්ව බලාගන්නේය.  එළදෙනත් වැලහින්නත් එකට තණ කන්නෝය. උන්ගේ පැටවුද එකට ලගින්නෝය. සිංහයාද ගොනා මෙන් පිදුරු කන්නේය.+  කිරි බොන දරුවා නයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය.+ කිරි වැරූ දරුවා විෂ සර්පයෙකුගේ ගුල තුළට අත දමන්නේය.  මගේ ශුද්ධ කන්දේ+ කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත්+ විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.+ 10  ඒ දවසේදී+ යෙස්සේගේ පෙළපතින් මුලක්+ හටගනු ඇත. සියලු ජනයාට ලකුණක් පිණිස ඔහුව කොඩියක් සේ සිටවනු ලබන්නේය.+ විවිධ ජාතීහු ඔහුගෙන් මඟ පෙන්වීම පතන්නෝය.+ ඔහුගේ වාසස්ථානය තේජසින් පිරී යන්නේය.+ 11  ඒ කාලයේදී යෙහෝවා දෙවි දෙවන වරටත්+ අත දී ඉතුරු වී සිටින තම සෙනඟව බේරාගන්නේය. ඇසිරියාව,+ ඊජිප්තුව,+ පත්‍රොස්,+ කූෂ්,+ ඒලාම්+ සහ ෂීනාර්+ යන දේශවලද හමාත් නගරයේද දූපත්වලද සිටින සියලුදෙනාවම ඔහු එක් රැස් කරගන්නේය.+ 12  දෙවි සියලු ජනයාට ලකුණක් පිණිස කොඩියක් සිටුවා විසිර සිටින ඊශ්‍රායෙල්වරුන්ව එකතු කරගන්නේය.+ ඔහු පොළොව පුරාම විසිරී සිටින යුදෙව්වරුන්ව නැවත එක් රැස් කරන්නේය.+ 13  ඒ කාලයේදී එෆ්‍රායිම්ගේ ඊර්ෂ්‍යාව පහ වී යයි.+ යූදාට සතුරුකම් කළ සියලුදෙනා විනාශ වී යන්නෝය. එෆ්‍රායිම් යූදාට ඊර්ෂ්‍යා කරන්නේවත් යූදා එෆ්‍රායිම්ට තවත් සතුරුකම් කරන්නේවත් නැත.+ 14  ඔවුහු බස්නාහිර දෙසින් පිහිටි පිලිස්තිවරුන්ගේ කඳු බෑවුම මතට කඩාවදින්නෝය.+ ඔවුහු එකතු වී නැඟෙනහිර දෙසින් ජීවත් වන ජනයාට+ පහර දී ඔවුන්ගෙන් කොල්ල කන්නෝය. ඔවුහු ඒදොම්වරුන්වද මෝවබ්වරුන්වද+ අම්මොන්වරුන්වද යටත් කරගන්නෝය.+ 15  යෙහෝවා දෙවි, ඊජිප්තු මුහුදු බොක්කේ ජලය වියළී යෑමට සලස්වන්නේය.+ ඔහු තම අත දිගු කොට ගිනිමය සුළඟකින් මහ ගඟත්*+ එහි අතු ගංගා සතටත් පහර දෙන්නේය. එවිට ජනයා තමන්ගේ පාවහන් ගලවන්නේවත් නැතුව ගොඩබිමේ ඇවිදගෙන යන ආකාරයට ගඟෙන් එගොඩ වන්නෝය.+ 16  ඊජිප්තු දේශයෙන් පිටතට ඒමට ඊශ්‍රායෙල්වරුන්ට මඟ සලසා දුන් ආකාරයටම දෙවිගේ සෙනඟ අතරින් ඉතුරු වී සිටින අයට+ ඇසිරියාවෙන් පිටතට ඒම සඳහා මාර්ගයක්+ සකස් කර තිබෙයි.

පාදසටහන්

මූ.අ., “මුඛයේ බලයෙන්.”
එනම්, යුප්‍රටීස් ගඟ.