Skip to content

පටුනට යන්න

14වෙනි සියවසට අයත් ජෝර්ජියන් භාෂාවෙන් ලියූ සුවිශේෂ පොත්වල අත්පිටපතක්

ජෝර්ජියාව | 1924-1990

බයිබලය ජෝර්ජියන් භාෂාවෙන්

බයිබලය ජෝර්ජියන් භාෂාවෙන්

මුලින්ම බයිබලය පරිවර්තනය කරපු භාෂා අතරට ආමේනියන්, කොප්ටික්, ලතින්, සිරියැක් විතරක් නෙමෙයි ජෝර්ජියන් භාෂාවත් අයිති වෙනවා. පස්වෙනි සියවසේ නැත්නම් ඊටත් කලින් ලියපු ගීතාවලිය පොතෙත් සුවිශේෂ පොත්වලත් පාවුල්ගේ ලිපිවලත් ජෝර්ජියන් භාෂාවෙන් තියෙන අත්පිටපත් හම්බ වෙලා තියෙනවා. පස්වෙනි සියවසෙන් පස්සේ බයිබලය ජෝර්ජියන් භාෂාවට පරිවර්තනය කිරීමත් පිටපත් කිරීමත් වේගවත් වුණා. ඒ නිසා ජෝර්ජියන් භාෂාවෙන් බයිබල් කිහිපයක්ම බිහි වුණා. *

ජෝර්ජියන් භාෂාවට පරිවර්තනය කරපු බයිබලය, ජෝර්ජියාවේ සාහිත්‍යයටත් සාරධර්මවලටත් බලපාලා තියෙනවා. උදාහරණයකට පස්වෙනි සියවසේ අගභාගයේදී ෂුෂානික් රැජිනගේ ජීවිත කතාව ගැන ලියවුණු පොතේ බයිබලයේ උපුටා දැක්වීම් සඳහන් වෙලා තියෙනවා. 12වෙනි සියවසේ මහා කවියෙක් වුණු ෂෝටා රස්ටාවෙලි ලියපු වීර කාව්‍යයක බයිබලයේ සඳහන් සාරධර්ම (හොඳ මිතුරන් වීම, ත්‍යාගශීලී වීම සහ අසල්වැසියාට ප්‍රේමය පෙන්වීම වගේ දේවල්) ගැන කතා කරලා තියෙනවා. ඒවා අදටත් ජෝර්ජියාවේ ඉතා වැදගත් කියලා පිළිගන්නවා.

^ 3 ඡේ. තව විස්තර දැනගන්න 2013 ජූනි 1 ‘මුරටැඹ’ සඟරාවේ “සියවස් ගණනාවක් පුරා සැඟව තිබූ වස්තුවක්!” කියන ලිපිය බලන්න.