Skip to content

පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

සැබෑ සතුට ලැබෙන්නේ . . .

  • ආදරය ලැබීමෙන්ද?

  • මිල මුදල්වලින්ද?

  • නැත්නම් වෙන දෙයකින්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි.”ලූක් 11:28, නව ලොව පරිවර්තනය.

ඒක විශ්වාස කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන

සැබෑ ප්‍රේමය.එෆීස 5:28, 29.

ගෞරවය.එෆීස 5:33.

රැකවරණය.මාක් 10:6-9.

බයිබලයේ තියෙන දේ විශ්වාස කරන්න පුළුවන්ද?

ඔව්. හේතු දෙකක් බලන්න.

  • පවුල් සැලැස්ම ඇති කළේ දෙවියන්. බයිබලයේ සඳහන් වෙන්නේ ‘හැම පවුලකටම නම ලැබී ඇත්තේ’ යෙහෝවා දෙවිගෙන් කියලයි. (එෆීස 3:14, 15) එහෙම කියලා තියෙන්නේ පවුල් සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවියන් නිසයි. ඒක තේරුම්ගන්න එක වැදගත් වෙන්නේ ඇයි?

    මෙහෙම හිතන්න. ඔයාට රස කෑමක් කන්න ලැබෙනවා. ඒක හැදුවේ කොහොමද කියලා දැනගන්න නම් ඒ ගැන අහන්න ඕනෙ කාගෙන්ද? ඒක හදපු කෙනාගෙන්ම නේද?

    ඒ වගේ තමයි, පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද කියලා අහන්න ඕනෙත් පවුල් සැලැස්ම ඇති කරපු යෙහෝවා දෙවියන්ගෙන්මයි.උත්පත්ති 2:18-24.

  • දෙවියන් අපි ගැන සැලකිලිමත්. යෙහෝවා දෙවියන් ‘අපි ගැන සැලකිලිමත්’ නිසා ඔහු බයිබලය මාර්ගයෙන් අපිට උපදෙස් දීලා තියෙනවා. (1 පේතෘස් 5:6, 7) ඔහු කැමති අපි සතුටින් ඉන්නවා දකින්න. ඒ නිසා ඔහුගේ උපදෙස් පිළිපැදීමෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි.හිතෝපදේශ 3:5, 6; යෙසායා 48:17, 18.

මේ ගැන හිතන්න

හොඳ සැමියෙක්, හොඳ බිරිඳක් හොඳ අම්මෙක්, තාත්තෙක් වෙන්න පුළුවන් කොහොමද?

ඒකට උත්තරේ බයිබලයේ එෆීස 5:1, 2 සහ කොලොස්සි 3:18-21 යන පදවල සඳහන් වෙනවා.